වසංගත රෝග විද්‍යා අංශ සංඛ්‍යා ලේඛන හා බාටා සෙරෙප්පු | Business tricks of epidemiology statistics of Sri Lanka

(2010 මාර්තු 05-W3Lankaවසංගත රෝග විද්‍යා අංශ වාර්තා අනුව 2009 වසරේ ජනවාරි සිට මේ දක්‌වා වූ කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 7999ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 46ක්‌ සිදුව ඇති බව අද ජනමාධ්‍ය වාර්තා කර තිබේ.


මෙම සංඛ්‍යා දත්ත දෙස බැලූ විට මතක් වන කරුණක් වන්නේ වෙළෙන්දන් භාණ්ඩවල මිළ ලක්ණු කරන ආකාරයයි. අපට මතක ඇති ආකාරයට මෙම ක්‍රමය මුලින් ම පුළුල් අන්දමින් භාවිතා කළේ බාටා සපත්තු කොම්පැනියයි. ඒ මෙසේයි:


යම් සෙරෙප්පු කුට්ටමක් රු. 100කට මිළ ලකුණු කිරීමට අවශ්‍ය නම් ඔවුන් එහි මිළ සඳහන් කරන්නේ රු. 99.90 ලෙසයි. බැලූ බැල්මට එහි මිළ රු. 100 ලෙස නොපෙනේ. එහෙත් සත්‍ය මිළ රු. 100ට අඩු වන්නේ ශත 10කින් පමණි. කතාවට කියන්නේ මේ සෙරෙප්පු කුට්ටම රුපියල් අනූ ගණනක් වුණා ආදී වශයෙනි.


වසංගත ‍රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා දත්ත නිකුත් කරන්නන් ද මෙම කූට වෙළඳ ගැටය අනුගමනය කර තිබේ. 8000 සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට තව ඇතුළත් විය යුත්තේ එක් රෝගියකු පමණි. සංඛ්‍යා ලේඛන මාධ්‍යයට යන විට ඒ රෝගියා පමණක් නොව තවත් රෝගීන් ද ඇතුළත් වී සිටිය හැකි ය. වසංගත රෝග විද්‍යා අංශය 8000 සඟවා 7999 යි කියන්නේ පැහැදිලිව ම ජනතාව මුළා කිරීමටයි.


රටක වගකිව යුතු සෞඛ්‍ය අංශයක් වැඩ කරන්නේ බාටා සෙරෙප්පුකාරයන් අන්දමින් නම් ඒ රටට ඩෙංගු මදුරුවාගේ ම පිහිටයි!

Comments

  1. අයියෝ ඕක මොකද්ද, අපි යුද්දෙන් මැරුන ගණනත් ආසන්න දහ දාහට වටයනකොට. සුනාමිය කාලෙත් අපි වැටයුවෙ ආසන්න දාහට. කජු ඇට කොස් ඇට වාගේ අම්බානට තියෙන දේවල් වැටයුවාට ලොකු ගැටලුවක් නැහැ.

    ReplyDelete
  2. 1000% agreed with sam ! :D

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා