එන එන හැටියට ගහ උළුවස්සා රාජ්‍ය පාලන න්‍යාය | The ball by ball theory of governance
(2010 මාර්තු 22-W3Lanka) අපේ ගරු ජනාධිපතිතුමා කලක් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති ධුරය ද හෙබවූයේය. එහෙත් පසුව ඇමතිකමක රස විඳින්නට එජාපයෙන් ආණ්ඩුවට කරනමක් ගැසූ අම්පාරේ පී. දයාරත්නට සූප්පු කරන්නට මේ අමාත්‍යංශ ලෙල්ල දී දැම්මේය. දයාරත්න උන්නැහේ මොනවා සැලසුම් කරනවාදැයි දන්නේ දයාරත්න පමණි.
සැලසුම් ක්‍රියාත්මක කරන්නට නම් සැලසුම් සැකසිය යුතුව තිබේ.
පාර්ලිමේන්තුවේ නිල කාලය 2010 අප්‍රේල් මාසයෙන් අවසන් වන බව ජනාධිපතිතුමා දැන සිටිය යුතු ය. ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවීමට හා මහ මැතිවරණ කැඳවීමට සැලැස්මක් තිබිය යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවනවා නම්, ඊළඟ පාර්ලිමේන්තුව කැඳවන තෙක් කටයුතු කලින් සැලසුම් කර තිබිය යුතු ය.
එහෙත් දැන් සිදු වන්නේ එය නොවේ. ජනාධිපති පෙබරවාරි 06දා පාර්ලිමේන්තුව විසුරුවයි. මාර්තු මුල වන විට තව දින කීපයකින් හදිසි නීතිය අහෝසි වී යන බව එතුමා දැන ගනියි. එවිට විධායක ජනාධිපති බලතල පාවිච්චි කර හදිසි නීතිය මසකින් දීර්ඝ කරනු ලැබේ. එහෙත්, එය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු ය. එවිට විධායක ජනාධීපති බලතල පාවිච්චි කර විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවනු ලැබේ. එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැටුප් හා දීමනා ඉල්ලති. එය දෙනු ලැබේ. ඉන් පසු, මන්ත්‍රීවරුන්ගේ නෝනලා, බේබිලා ඇතුළු මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ සිටින සෙසු අය ද වැටුප් ඉල්ලති. එයත් දෙනු ලැබේ.
ඉවත් කළ ආරක්ෂාව යළි ලබා දෙන්නැයි මන්ත්‍රීවරු ඉල්ලති. පවරා ගත් වාහන ආදිය යළි දෙන්නැයි කාර්ය මණ්ඩල ඉල්ලති.
ලංකාවේ කොයි කොයි දේත් සැලසුම් කෙරෙන්නේ මේ අන්දමටයි. මෙම කළමනාකරණ ක්‍රමයට කිව හැක්කේ 'එන එන හැටියට ගහ උළුවස්සා' කළමනාකරණය කියා ය.
ආර්ථිකයේදී මෙය කෙරෙන්නේ මෙසේ ය. උපාධිධාරීහු රැකියා ඉල්ලා උපවාස කරති. රජයේ පුරප්පාඩු නැත. තිබුණත් මෙකී උපාධිධාරීන් බහුතරයකට එම පුරප්පාඩුවල කටයුත කිරීම සඳහා කුසලතා නැත. එවිට අලුතෙන් තනතුරු හදා පත්වීම් දෙයි. අලුත් නිලධාරීන්ට කරන්නට වැඩක් නැත. එහෙත් වැටුප් ගෙවනු ලැබේ. එවිට රජයේ වියදම් ඉහළ යයි. ආදායම් ඉහළ නොයන නිසා අයවැය පියවා ගත නොහැක. එවිට විදේශයකින් ණයක් ගනු ලැබේ. ඒ ණයට පොලී ගෙවිය යුතු ය. පොලිය ගෙවීම සඳහා තවත් ණයක් ගනු ලැබේ. ඒ සඳහා විවිධ කොන්දේසිවලට එකඟ වේ. රාජ්‍ය වියදම් අවම කිරීම ඒ අතරින් ප්‍රධාන ම කොන්දේසියකි. එහෙත්, ඒ වන විට තවත් උපාධිධාරීහු පිරිසක් උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.
මේ ක්‍රමයට ගෙදරක පාලනය සිදු වන්නේ නම් එය මෙසේ විය යුතුය. උදේ නැගිට්ට විට කන්න දෙයක් ගෙදර නැති බව දැන ගනියි. එවිට වහා මල්ල ගෙන කඩේ යමු. කඩේ ණය පොත පිරී මුදලාලි ණයට දෙන්නට බෑ කී විට ආපසු ගෙදර එමු. පොඩි එකාගේ බෙල්ලේ එල්ලා තිබෙන මව්බිමේ පංචායුධය ගලවාගෙන පොලීකාරයා ළඟට දුවමු. එය උකස් කර පාන් ගෙන එමු. පාන් කන්න පරිප්පු නැති බව එවිට දැන ගනිමු. පරිප්පු ගෙන එන්නට නැවත කඩේ දුවමු. පරිප්පු හදන්නට ගිය විට ලුණු නැති බව දැනගෙන සැමියාත් බිරිඳත් රණ්ඩු වී පරිප්පු හට්ටිය පොළවේ ගසමු.
මේ විදියට ගෙදරක් පාලනය කරනවා නම් එයට කියන්නේ මස්තබාල්දුකම කියායි. එහෙත් ඒ අන්දමින් රටක් පාලනය කරන විට අපි එයින් සුබ අනාගතයක් ලැබේ යයි සිතමු.
මගේ රටට දළදා හිමි සරණයි! මගේ රටට දළදා හිමි සෙවණයි!

සසර වසන තුරු නිවන් දකින තුරු...
ReplyDeleteපින්කෙත හෙල රන් දෙරණේ...
මතු උපදින්නට හේතු වාසනා වේවා.!!!
Who want to reborn in this Island? No one would like to come back to this land.
ReplyDelete