මෛත්‍රීපාල සිරිසේන අරලියගහමන්දිරයට යවන්න පතන සමසමාජෙට දෙයියන්ගේ පිහිටයි | God bless Samasamaja that wants to send Maithripala Sirisena to Temple Trees:

අයං වස්සාන කාලෝ
මාව බේරන් කාලෝ 
(2010 මාර්තු 31-W3Lanka ) පසුගිය උතුරුමැද පළාත් සභා මැතිවරණ සමයේ පොළොන්නරුවේ ඡන්ද කෙරුවාවේ ගිය ඩිලාන් පෙරේරා කීවේ මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ අනාගත අගමැති බවයි. ඔහු ආපසු කොළඹ එන විට ඔහු දැරූ එක් ඇමති තනතුරක් වන අධිකරණ ඇමතිකම අහිමි වී තිබිණි. 


පසුගිය දිනෙක මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා මෛත්‍රීපාල සිරිසේනගේ නිල වෙබ් අඩවිය දියත් කිරීම හා ඔහු පිළීබඳ පොතක් පළ කිරීම නිමිත්තෙන් බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද උත්සවයකදී පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන බඳු පරමාදර්ශී චරිතයක් සිටිය යුත්තේ අරලියගහමන්දිරයේ බවයි. ඒ ප්‍රාර්ථනාව අනාගතයේදී ඉටු වනු ඇතැයි ඔහු බලාපොරොත්තුව පළ කළේය. 


අරලියගහමන්දිරය යනු හරි නම් අගමැති නිල නිවසයි. එහෙත් විධායක ජනාධිපති බලතල යටතේ 2005 සිට එය ජනාධිපතිවරයාගේ වාසභවන බවට පත් කරගෙන තිබේ. 


මහාචාර්ය කාලෝ ෆොන්සේකා අදහස් කළේ මෛත්‍රීපාල සිරිසේන අගමැති වනු ඇද්ද, ජනාධිපතු වනු ඇද්ද යන්න අපි නොදනිමු. 


එහෙත් අපි ඇමති තිස්ස විතාරණ පිළිබඳ කණගාටු වෙමු. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එතෙර වී විද්‍යා හා තාක්ෂණ ඇමතිකම වැනි පතෝල ඇමති පුටුවක් තව කලක් රත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මේ ඇමතිතුමාට දෙයියන්ගේ පිහිට පතමු. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා