උගුලෙනුත් උගුල චීන ණය උගුල | Trap of the trap; the Chinese debt trap

(2010 මාර්තු 07-W3Lanka)  ශ්‍රී ලංකාව සිර වෙමින් තිබෙන ණය උගුලේ භයානක පැතිකඩක් වන්නේ ලංකාව චීනය විසින් එළනු ලබන ණය දැලක පැටලීමයි.


මෙහි අලුත් ම සංසිද්ධිය වන්නේ ලංකාව චීනයෙන් ගුවන් යානා හයක් මිළ දී ගැනීමට තීරණය කිරීමයි. මෙම ගනුදෙනුවෙන් චීනය දෙයාකාරයකින් ලාභ ලබයි. එක පැත්තකින් ලෝක වෙළඳපොළේ එතරම් පිළිගැනීමක් නැති නිෂ්පාදනයක් ලංකාවට වැඩි මිළට විකුණමින් ලාභ ලබන අතර අනෙක් පැත්තෙන් ඒ වෙනුවෙන් ලංකාවට ණයක් ලබා දී එහි පොළිය ද ලබා ගනියි.


මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තා අනුව, චීනය 2009 වසරේදී ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද පසුබස්වමින් ලංකාවට වැඩියෙන් ම ණය ලබා දීම පිණිස ගිවිසුම්වලට එළඹුණු රට බවට පත් වී තිබේ. 2009 වසරේදී ජපානය ලංකාවට ලබාදීමට පොරොන්දු වූ ණය ආධාර ප්‍රමාණය අඩු මට්ටමක පැවතුණත් කලින් වසරවල එළැඹි ණය හා ආධාර ගිවිසුම්වලට අනුව 2009 වසරේදී වැඩිම මුදල් ප්‍රමාණයක් මෙරටට ලබාදුන් රට ජපානයයි. ජපානය ගිය වසරේදී මෙරටට ඩොලර් මිලියන 311.4 ක මුදල් ලබාදෙද්දී, චීනය ඩොලර් මිලියන 294.8 ක මුදල් ලබා දුන්නේ ය.


ලංකාව 2009 වසරේදී ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට එළැඹි ඩොලර් බිලියන 2.2ක් වු මුළු ණය ප්‍රමාණයෙන් අඩකටත් වඩා හෙවත් ඩොලර් බිලියන 1.2ක් ලබා දුන්නේ චීනයයි. මානව හිමිකම් ප්‍රශ්න මත බටහිර රටවල් ලංකාවට ලබා දෙන ණය සීමා කිරීමත් සමග මහින්ද රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග සම්බන්ධය දැඩි කරගෙන තිබේ.


ලංකාවේ දිගු කාලීන මිතුරු රටක් හා විශාල වශයෙන් ණය ආධාර ලබා දුන් රටක් වන ජපානය පසුගිය වසරේදී ලබාදීමට ගිවිසුම් ගතවී තිබෙන්නේ ඩොලර් මිලියන 19 ක් පමණි.


චීනයෙන් ලබා ගන්නා ණයත් සමග ම ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ, ජාත්‍යන්තර බල සම්බන්ධතාවල, කලාපීය බලතුලනයේ හා දේශීය රාජ්‍ය පාලන ප්‍රතිපත්තිවල ද සැලකිය යුතු වෙනසක් සිදු වෙමින් තිබේ.


නිදසුනක් ලෙස, බටහිර රටවලින් ණය ලබා ගනිද්දී ලංකාව විසින් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආදිය ආරක්ෂා කිරීමට තිබුණු බැඳීම චීන ණයවල නැත. එසේ ම චිනයේ කලාපීය දේශපාලනික උවමනාවන් අසල්වැසි ඉන්දියාව හා බටහිර සමග ගැටෙයි. ලංකාව, මියන්මාරය වැනි ජාතයන්තර දේශපාලනයේදී නීච තත්වයට පත් වී ඇති රටවල් චීනය සියුම් ලෙස සිය ග්‍රහණයට ගනිමින් සිටියි.

Comments

  1. හැදෙන එකා පුකෙන් පෙනෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා