උගුලෙනුත් උගුල චීන ණය උගුල | Trap of the trap; the Chinese debt trap
(2010 මාර්තු 07- W3Lanka ) ශ්රී ලංකාව සිර වෙමින් තිබෙන ණය උගුලේ භයානක පැතිකඩක් වන්නේ ලංකාව චීනය විසින් එළනු ලබන ණය දැලක පැටලීමයි. මෙහි අලුත් ම සංසිද්ධිය වන්නේ ලංකාව චීනයෙන් ගුවන් යානා හයක් මිළ දී ගැනීමට තීරණය කිරීමයි. මෙම ගනුදෙනුවෙන් චීනය දෙයාකාරයකින් ලාභ ලබයි. එක පැත්තකින් ලෝක වෙළඳපොළේ එතරම් පිළිගැනීමක් නැති නිෂ්පාදනයක් ලංකාවට වැඩි මිළට විකුණමින් ලාභ ලබන අතර අනෙක් පැත්තෙන් ඒ වෙනුවෙන් ලංකාවට ණයක් ලබා දී එහි පොළිය ද ලබා ගනියි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තා අනුව, චීනය 2009 වසරේදී ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද පසුබස්වමින් ලංකාවට වැඩියෙන් ම ණය ලබා දීම පිණිස ගිවිසුම්වලට එළඹුණු රට බවට පත් වී තිබේ. 2009 වසරේදී ජපානය ලංකාවට ලබාදීමට පොරොන්දු වූ ණය ආධාර ප්රමාණය අඩු මට්ටමක පැවතුණත් කලින් වසරවල එළැඹි ණය හා ආධාර ගිවිසුම්වලට අනුව 2009 වසරේදී වැඩිම මුදල් ප්රමාණයක් මෙරටට ලබාදුන් රට ජපානයයි. ජපානය ගිය වසරේදී මෙරටට ඩොලර් මිලියන 311.4 ක මුදල් ලබාදෙද්දී, චීනය ඩොලර් මිලියන 294.8 ක මුදල් ලබා දුන්නේ ය. ලංකාව 2009 වසරේදී ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට එළැඹි ඩොලර් බිලියන 2.2ක් වු...