සරත් ෆොන්සේකා කෝටුමස් කරන තැත අවුලක | Effort to court martial Sarath Fonseka in trouble

(2010 මාර්තු 17-W3Lanka)  රජය පෙරළන්නට හා ජනාධිපති මරන්නට කුමන්ත්‍රණ කළ බව කියා අත්අඩංගුවට ගනු ලැබූ, දෙමළ විමුක්ති අරගලයට එරෙහි යුද්ධය ජය ගන්නට හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව දැන් එල්ල වන කුමන්ත්‍රණ නොවන චෝදනා විභාග කරන්නට පත් කරන ලද වත්මන් හමුදාපතිගේ මස්සිනාගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ ගැටළු ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා ‍දෙයි.


මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මෙසේ පැවසීය. "පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා. අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කළ ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ."


පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මාර්තු 16 දිනමිණට කියූ පරිදි "සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවෙන් නොවෙයි. ඒ මහතා යම් යම් චෝදනා එල්ල වී තිබෙන බව පවසමින් අත්අඩංගුවට ගත්තේ යුද හමුදා පොලිසිය මඟිනුයි."


දැන් බලන විට යුද හමුදාව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නොවේ. හමුදාවට බඩු මිළ දී ගනිද්දී සිදු කළ බව කියන අකුමිකතා වැනි චෝදනා මතයි. ෆොන්සේකාට එරෙහි යුද්ධාධිකරණයේ එක් විනිසුරුවෙකු වැරදි ටෙන්ඩර් කාර්යයක් සම්බන්ධයෙන් මීට ඉහතදී වැරදිකරුවකු වූ බව ලංකා ටෲත් වෙබ් අඩවිය කියයි.


සරත් ෆොන්සේකා කෝටුමස් කරන්නට ගිය අය දැන් කරමින් ඉන්නේ සත්තකින්ම කෝටු මස් විය යුතු වැඩක් බව ජනතාවගෙන් ඇතැමෙක් සිතති.


සිංහල ජන ව්‍යවහාරය අනුව කෝටුමස් කිරීම යනු කෝට් මාෂල් කිරීම හෙවත් යුද්ධාධිකරණයෙන් දඬුවම් කිරීමයි.



Comments

  1. ඉස්සර මිනිස්සු බලාගෙන හිටියේ ප්‍රභාකරන් මරණ කම්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුව ප්‍රභාකරන් කියලා හිතපු නිසා‍. දැන් බලාගෙන ඉන්නේ ෆොන්සේකාට මොකද වෙන්නේ කියල.මේවා ලාංකිකයන්ගේ ඇත්ත ප්‍රශ්නද නැත්නම් ජන මාධ්‍ය විසින් මවන ප්‍රශ්නද? ෆොන්සේකා කියන්නේ 40000ක් මිනිස්සු මරපු හමුදාවේ හිටපු ලොක්ක කියන එක අමතක කරලා මිනිහගේ උන්නතිකාමය විසින් මහින්ද එක්ක හදාගත්ත ප්‍රශ්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් හැටියට හුවා දක්වන්න යන්නේ රටේ අනිත් හැම එකාටම ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලද? දෙමළු මරල ලබාගත්ත ජයග්‍රහනයේ මස් කට්ට ට සුදුවන බලු පොරය ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් හැටියට හුවා දැක්වීමෙන් සිදුවන්නේ තවත් මිනීමරුවෙන්ගේ අතේ ලේ හෝදලා ඌව රජ පුටුවේ වාඩි කරවලා ඌ ලවාම පරිප්පු කන්න වෙන තැනට ආපහු වතාවක් ජනතාව තල්ලු කරන එක විතරයි.

    ReplyDelete
  2. HAPPY TO NOTE THAT THERE ARE GOOD SINHALA PEOPLE LIKE Mr. SHANTHA WHO HAS VERY CORRECTLY WRITTEN THE TRUTH BEHIND THE SCENE. WHEN THE RIGHTS OF A "VIP" IS TOUCHED ITS A VIOLATION OF "FUNDAMENTAL RIGHTS" " VIOALTION OF HUMAN RIGHTS" " VIOLATION OF DEMOCRATIC RIGHTS" AND ALL OTHER TYPES OF "RIGHTS" DURING THE 30 YEARS OF DEBACKLE IN THE SRI LANKEN HISTORY WHAT HAPPEND TO THE TAMIL PEOPLE IS COVERD WITH THE BLANKET CALLED " TERRORISM" EVEN THE SINHALEASE UPRISINGS IN THE SOUTH IN 1971 AND 1988/89 WERE TERMED IN THE SAME "TERROSISM"
    WHEN ARE THESE PEOPLE GOING TO UNDERSTAND THE STATE IS DECIEVING THEM AND IS UNDERCUTTING THEM IN THEIR OWN GROUNDS.???

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා