Posts

Showing posts with the label Sarath Fonseka

‍බලයේ සිටින්නෝ පිටවීම සඳහා දොරටුවක් විවෘතව තබා ගත යුතු ය

Image
( 2010 අගෝස්තු 17,  W3Lanka )  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස සේවයෙන් නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කිරීම සිදු වන්නේ ප්‍රභාකරන්ගේ මරණින් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් කේ.පී. නිදහස් පුරවැසියකුට සමාන අන්දමින් කටයුතු කරමින් දේශපාලනික ක්‍රියාකාරකම් කරමින් සිටියදී ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සතු ශක්තියක් වන්නේ රාජපක්ෂ කෙනෙකු කාක්කකු පෙන්නා අන්න කොකෙක් යයි කිවත්, කාක්කා කොකා ම බව සමාජයට ඔප්පු කර පෙන්වීමට තරම් දක්ෂ හා දීන මාධ්‍යකරුවන් පිරිසක් සේවයෙහි යෙදවීමට ඔවුන් සමත් වීමයි. දිවයින පුවත්පතට සතිපතා ලියන ලිපියෙහි ‍සී.ඒ. චන්ද්‍රප්‍රේම මෙසේ පවසයි. ''ඒ අති විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගැනීමට දායක වූ යුද විරුවන් කණ්‌ඩායමෙන් එක්‌ අයකු අද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස නෙරපා හැර විශ්‍රාම වැටුපත් කපා හැර ඔහු ලබා ඇති සියලුම පදක්‌කම් හා නම්බු නාමද අහෝසි කරනු ලැබ සිටී. නමුත් මේ හමුවේ මහජනතාව දක්‌වන්නේ උදාසීන ආකල්පයකි. 1992 ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන හමුදා නිලධාරින්ගේ මළගමට සහභාගි වීමට පැමිණි එවක එ.ජා.ප. ආණ්‌ඩුවේ දේ...

සරත් ෆොන්සේකාගෙන් ජවිපෙට ගේමට ගේම

Image
(2010 ජුලි 01,  W3Lanka )  අත්අඩංගුවේ පසු වන හිටපු හමුදාපති, හිටපු ජනාධිපති අපේක්ෂක හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නිල නායක සරත් ෆොන්සේකා නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට අයදුම් කර ඇත. එහි නම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයයි. එහි මහ ලේකම්වරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතාය. මෙම පක්‍ෂයද ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්‌වීමට නියමිත ය. සරත් ෆොන්සේකාගේ කර පිටින් ගොස් යන්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් හතරක් රැක ගත් ජවිපෙ බලා ඉන්නේ ෆොන්සේකා හිරේ ගිය විට එම සංඛ්‍යාව පහක් කර ගැනීමටයි. ජවිපෙට මන්ත්‍රීකම් යනු වාහන හා වැටුප් පමණි. පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 40ක් පමණ හා පළාත් සභා මන්ත්‍රීන් සීයකට වැඩිය තබාගෙන ජවිපෙ වැටුප් හා වාහන රැසක් තබාගෙන සිටිමුත් මේ වන විට ඒවා අහිමිව පක්ෂය නඩත්තු කර ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටියි. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හයක් හිමි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යනු ජවිපෙට හිමි පක්ෂයකි. එහි ලේකම් විජිත හේරත් ය. දේශපාලන පක්ෂ යනු මේ වන විට දේශපාලකයන්ගේ තවත් චංචල දේ...

අලුත් මන්ත්‍රීන් දෙදෙනෙක් තවම හිරේ | Two new MPs of Sri Lanka still in jail

Image
(2010 අප්‍රේල් 11 -  W3Lanka )  මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීන් අතරින් දෙදෙනෙක් සිරකරුවෝ වෙති.  සරත් ෆොන්සේකා මේ අතර සිටින ප්‍රසිද්ධ ම සිරකරුවායි. ඔහු මනාප ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් ලබාගෙන තිබේ.  කලුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පනස් දහසකට අධික වැඩිම මනාප ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එජාප මතුගම සංවිධායක පාලිත තෙවරප්පෙරුම ද ඉන්නේ රිමාන්ඩ් භාරයේ ය.  ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී ඇමති මහින්ද සමරසිංහගේ හිතවතුන් පිරිසක් සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ් ගත කර සිටින අතර ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් අඩුවෙන්ම ඡන්ද ප්‍රචාරයේ යෙදුණු අපේක්ෂකයන් අතරින් එක් අයෙකි.  මේ අතර, සොරකම්, මංකොල්ල, අල්ලස්, දූෂණ, මිනීමැරුම්, අඩන්තේට්ටම්, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ සම්බන්ධයෙන් හරි නම් හිරේ සිටිය යුතු පිරිසක් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. 

සරත් ෆොන්සේකා කෝටුමස් කරන තැත අවුලක | Effort to court martial Sarath Fonseka in trouble

Image
(2010 මාර්තු 17- W3Lanka )   රජය පෙරළන්නට හා ජනාධිපති මරන්නට කුමන්ත්‍රණ කළ බව කියා අත්අඩංගුවට ගනු ලැබූ, දෙමළ විමුක්ති අරගලයට එරෙහි යුද්ධය ජය ගන්නට හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව දැන් එල්ල වන කුමන්ත්‍රණ නොවන චෝදනා විභාග කරන්නට පත් කරන ලද වත්මන් හමුදාපතිගේ මස්සිනාගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ ගැටළු ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා ‍දෙයි. මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මෙසේ පැවසීය. "පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා. අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කළ ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ." පාලක එක්ස...

සරත් ‍ෆොන්සේකාට සිදු වන දෙය තේරුම් ගනිමු | Let us understand what is happening to Sarath Fonseka

Image
(2010 මාර්තු 09- W3Lanka )   සිංහලයන්ගේ හිටපු යුද වීරයකු වූ සරත් ෆොන්සේකාට සිදු වී තිබෙන දෙය කොයි වීරයාටත් පාඩමකි. අසීමිත බලයක් අතට ලැබුණු කල එයින් මත්ව උඩඟු හා භයානක ලෙස හැසිරුණ පුද්ගලයකු වූ සරත් ෆොන්සේකා වෙතින් බලය ගිලිහී යාමත් සමග ඔහු පසුපස දැන් එළවමින් සිටින්නේ අනුකම්පා විරහිත සතුරන් පිරිසකි. ඔහුගේ සතුරෝ ද බලයෙන් මත්ව වියරුවෙන් හා වෛරයෙන් දැවෙමින් පළි ගැනීම සඳහා පසුපස පන්නන්නෝ පිරිසකි. ෆොන්සේකා වැන්නකුට එවැනි සතුරන් සිටීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත්, යම් දිනෙක තත්වයන් වෙනස් වුවහොත් ‍මෙම පිරිස්වලට ද යළි නරක කාලයක් උදා වන්නට ඉඩ තිබේ. ලංකාවේ හැටි එහෙම ය.  නිදසුන් ලෙස ගතහොත්, බලයේ සිටින විට හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ බල්ලාට පවා ඇමතිවරු සැලකූහ. දැන් චන්ද්‍රිකාට බල්ලෙකුවත් සලකන්නේ නැත.  බලයේ සිටියදී ෆොන්සේකා ‍සිතා සිටියේ නීති තිබෙන්නේ රිසි සේ කඩන්නට ය කියා ය. එබැවින් දැන් ඔහුට විරුද්ධව චෝදනා ගෙන ඒම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ.  අද ෆොන්සේකාගේ සතුරන් නීතිය ගැන සිතන්නේ ද එසේම ය. බලය සදාකාලික නොවන බවට නිදසුන් ලෝක ඉතිහාසයේ එමට ය.  සරත් ෆොන්ස...