සරත් ෆොන්සේකාගෙන් ජවිපෙට ගේමට ගේම

(2010 ජුලි 01, W3Lankaඅත්අඩංගුවේ පසු වන හිටපු හමුදාපති, හිටපු ජනාධිපති අපේක්ෂක හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නිල නායක සරත් ෆොන්සේකා නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට අයදුම් කර ඇත.


එහි නම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයයි. එහි මහ ලේකම්වරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතාය.


මෙම පක්‍ෂයද ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්‌වීමට නියමිත ය.


සරත් ෆොන්සේකාගේ කර පිටින් ගොස් යන්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් හතරක් රැක ගත් ජවිපෙ බලා ඉන්නේ ෆොන්සේකා හිරේ ගිය විට එම සංඛ්‍යාව පහක් කර ගැනීමටයි. ජවිපෙට මන්ත්‍රීකම් යනු වාහන හා වැටුප් පමණි. පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 40ක් පමණ හා පළාත් සභා මන්ත්‍රීන් සීයකට වැඩිය තබාගෙන ජවිපෙ වැටුප් හා වාහන රැසක් තබාගෙන සිටිමුත් මේ වන විට ඒවා අහිමිව පක්ෂය නඩත්තු කර ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටියි.


දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හයක් හිමි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යනු ජවිපෙට හිමි පක්ෂයකි. එහි ලේකම් විජිත හේරත් ය.


දේශපාලන පක්ෂ යනු මේ වන විට දේශපාලකයන්ගේ තවත් චංචල දේපල විශේෂයක් වී තිබේ. ඒවා විවෘත වෙළඳපොළේ අලෙවි වන අවස්ථා ද ඇත. පසුගිය සමයේ මංගල වික්ටර් හෙට්ටිගොඩ, මංගල සමරවීර වැනි අය එවැනි ගනුදෙනුවල නියැලුණ බව වාර්තා විය. සාමාන්‍ය ජනතාවට දේශඵාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම දුෂ්කර කාර්යයක් වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එය ඉතා පහසු ය.




Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. ජවිපෙට පතුරු යන්න පහරදීම මේ වෙබ් අඩවිය කුලියට අරගෙන වගේ.විශ්ලේෂණය වනාහි දුර්වල (weakness) සහ ශක්තිමත් (strength) සාධකයන් විමසා බැලීමයි.

    ජවිපෙ විද්යාත්මක ක්‍රමය අනුගමනය කර තීරණ වලට එළබෙන පක්ෂයක් ලෙස මම දකිමි.එහි අවංක භාවය ඉතාමත් ඉහලය,අප රට ඉතාමත් දියුනු රටක් ලෙස ඉහලට ගෙන එන්නට ඔවුන්ගේ දේශපාලනික විනය අපට දායක කර ගැනීමට හැකිවුවහොත් අප රටෙහි සෞභාග්‍ය කාලය වැඞි ඈතක නොවනු ඇත.

    සේනක

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 40ක් පමණ හා පළාත් සභා මන්ත්‍රීන් සීයකට වැඩිය තබාගෙන ජවිපෙ වැටුප් හා වාහන රැසක් තබාගෙන සිටිමුත් මේ වන විට ඒවා අහිමිව පක්ෂය නඩත්තු කර ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටියි. ////

    පස් අවුරුද්දක් පාර්ලිමේන්තුවෙ සිට පෑංසන් ගිය ජවිපෙට පෑංසන් පඩිය හම්බවෙන්නේ නෑද්ද? එකල පවිචිචි කල වාහන පාර්ලිමේන්තුවටම බාරදුන්නද?

    විශ්ලේෂණය දුර්වලයි.ත‍රහ පෑත්තකින් තබා ලියන්න.

    ReplyDelete
  4. //සරත් ෆොන්සේකාගේ කර පිටින් ගොස් යන්තම් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් හතරක් රැක ගත් ජවිපෙ බලා ඉන්නේ ෆොන්සේකා හිරේ ගිය විට එම සංඛ්‍යාව පහක් කර ගැනීමටයි.//

    it's true that the JVP got an advantage through working with fonseka but the same theory applies to fonseka too.The UNP left him alone and it was only the JVP which fought for his independence.If the JVP did not form an alliance with him he would have faced a bitter fate as a prisoner.JVP highlighted his issue and built a resistance among the masses in solidarity with fonseka.Now he is a MP and has some free space to move.Your comments on JVP seems to be lead by naked hatred,not facts

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා