ෆොනීත් ළඟදී ම ආණ්ඩුවට පනී? | Fonny to join hands with the government?

(2010 ජුලි 08, W3Lankaවිපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක්‌ හා එ.ජා.ප. මන්ත්‍රීවරයෙක්‌ ළඟදීම ආණ්‌ඩුවට යන සිරසින් යුත් ලිපියක් අද දිවයින පුවත්පතේ ඇත. එය ලියා ඇත්තේ හොඳ දේශපාලන සම්බන්ධකම් ඇති මාධ්‍යකරුවකු වන පියසේන දිසානායක විසිනි. එම වාර්තාව මෙසේ ය:


විපක්‍ෂයේ පක්‍ෂ නායකෙයකු සහ එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ඉදිරියේ දී ආණ්‌ඩුවට එක්‌වීමට සූදානම්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි.ආණ්‌ඩුවට එක්‌වීම හා ඉදිරි තත්ත්වයන් පිළිබඳව මෙම දෙදෙනා ප්‍රබල ඇමැතිවරයෙකු සමග සාකච්ඡා කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


මෙම පක්‍ෂ නායකයා ආණ්‌ඩුවට පත්කර ගැනීමේ ප්‍රධාන කාර්ය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයා විසින් සිදු කරන අතර ඔහු ඒ බව ජනාධිපතිවරයාටද ප්‍රථමයෙන් යෝජනා කර ඇති බවද දැනගැනීමට තිබේ.


පක්‍ෂනායකයා සහ එ. ජා. ප. මන්ත්‍රීවරයා ප්‍රශ්න ගණනාවකට මුහුණදී සිටින අතර ඊට සහනයක්‌ ලබාගැනීමේ අරමුණ ඇතිව මෙලෙස ආණ්‌ඩුවට එක්‌වීමට තීරණය කර ඇති බව ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.


ප්‍රහේලිකා භාෂාවෙන් ලියා තිබෙන මෙම ලිපියේ ගැටලුව මෙසේ ලිහා ගත හැකි ය.


විපක්ෂයේ ඇත්තේ ප්‍රධාන පක්ෂ තුනක් පමණි. ඒ වනාහි එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සම්බන්ධ වන්නේ යයි සිතිය නො හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද එසේ ම ය. ඉතිරි වන පක්ෂ නායකයා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා ය.


පක්‍ෂනායකයා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ප්‍රශ්න ගණනාවකට මුහුණදී සිටින අතර ඊට සහනයක්‌ ලබාගැනීමේ අරමුණ ඇතිව මෙලෙස ආණ්‌ඩුවට එක්‌වීමට තීරණය කර ඇති බව දිවයින කියයි.


සරත් ෆොන්සේකා ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින්නෙකි. ඒ ප්‍රශ්න රාජ්‍ය නායකත්වය විසින් ඇති කරන ලද ඒවා බව කවුරුත් දනිති. රාජ්‍ය නායකත්වයට අවශ්‍ය ඔහු දනගැස්වීමට ය. දනගැසීමෙන් තොරව ගැලවිල්ලක් නැති බව පසක් වන තරමට මේ වන විටත් ඔහු හෙම්බත් කර තිබේ.


මේ ගනුදෙනුවේ කපුවා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංගෙ බංඩාර වෙන්නට පුළුවන. එයාටත් හරි ප්‍රශ්න ය. එයාට ගහපු අනෙක් බංඩාරට ගහන්න දැන් එයාට හයියක් නැත. ගේත් ගිනි තබන ලදී. වෙච්ච අලකලංචිවල හැටියට විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිට සම්ම ජාතියේ ගොඩ එන්නට බැරි ය. 


සරත් ෆොන්සේකාව ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම පිළිබඳව 'ජනාධිපතිවරයාටද ප්‍රථමයෙන් යෝජනා' කරන්නට ඇත්තේ පසුගිය දිනෙක ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැහැදුටු විටදී ය.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. yes you must convince the srilankan socity that how to accept the inpossibilities.normaly they are not use to accept inpossibilities.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. "සරත් ෆොන්සේකා ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින්නෙකි. ඒ ප්‍රශ්න රාජ්‍ය නායකත්වය විසින් ඇති කරන ලද ඒවා බව කවුරුත් දනිති."

    Few deluded bloggers like Parakum are having this view. Majority know that Fonseka dug his own grave with his own hands, and provided MR ample opportunities to attack him. The well known sinhala proverb මාළුව නහින්නේ කට නිසා describes Fonseka very well

    ReplyDelete
  4. මම හිතන දෙවල් ගොඩාක් ඇත්ත වෙනවා, හොදට පැහැදිලි කරගත්ත හැකි සිද්ධවන සිදුවිම් ඔක්කොම සරත් පැන්නොත්. නියමයි...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා