සුදු කොඩි කතාව නැවත කරළියට; ලංකාව වගවීමේ අවුලක | White flags and the accountability crisis of Sri Lanka
(2010 ජුලි 04, W3Lanka) සුදු කොඩි කතාව නැවතත් කරළියට පැමිණ තිබේ. මෙවර සුදු කොඩි කතාවට නැවතත් සාක්ෂි දරන්නේ ලංකාවට කලක් සාම පහසුකාරිත්වය සැපයූ හිටපු නෝර්වීජියානු ජාත්‍යන්තර සංවර්ධන ඇමති එරික් සෝල්හයිම් ය.
ඔස්ලෝහි සිටින 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ නියෝජිතයකුට සෝල්හයිම් පවසන්නේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක නඩේසන් සහ සාම ලේකම් කාර්යාල අධ්‍යක්ෂ පුලිදේවන් විසින් යටත් වීම සඳහා 2009 මැයි 17දා අවසන් මොහොතේ දුරකථන මගින් කරන ලද ඉල්ලීම තමන් ලක් රජය වෙත යොමු කළ බවයි. ඔවුන් මෙම ඉල්ලීම ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට මෙන් ම එක්සත් ජාතීන් වෙත ද කර තිබුණු බව ද මෙම ඉල්ලීම පැමිණියේ උවමනාවට වඩා ප්‍රමාදව බව තමන් කොටි නායකයන්ට දැනුම් දුන් බව ද ඔහු පවසයි.
යටත් වීමට අවශ්‍ය නම් සුදු කොඩි රැගෙන හමුදාව වෙත එන ලෙස තමන් ඔවුන්ට දැනුම් දුන් බව ද පවසන හේ මෙම යටත් වීමේ කාර්යයේදී ලංකාවේ රජය මෙන් ම සෙසු අය ද සම්බන්ධ වූ බව ද පවසයි. එහෙත් කිසිවකුගේ නම් සඳහන් කිරීම හේ ප්‍රතික්ෂේප කරයි.
යුද්ධය හා සම්බන්ධව ලංකාවේ වගවීමේ කාරණා පිළිබඳව උපදෙස් දීම පිණිස එක්සත් ජාතීන්ගේ ලේකම් විසින් පත් කරන ලද කමිටුවට නෝර්වේ සහාය දක්වන බව ද පවසන සෝල්හයිම් එයට පුළුල් ජාත්‍යන්තර සහයෝගයක් ඇති බව පෙන්වා දෙයි.
මේ අතර ලංකාව උත්සාහ දරමින් සිටින්නේ සමාන මානව හිමිකම් ප්‍රශ්නවලට මුහුණ දී සිටින ලෝකයේ වෙනත් රාජ්‍යවල සහයෝගය ලබාගෙන එක්සත් ජාතීන්ගේ ලේකම් විසින් පත් කරන ලද උපදේශක කමිටුව කඩාකප්පල් කිරීමටයි. මේ වන විට රුසියාව, චීනය, ඉරානය වැනි රටවල සහයෝගය ඒ සඳහා හිමි වී තිබේ. බුරුමය, ලිබියාව, සිම්බාබ්වේ, සුඩානය, සෝමාලියාව වැනි රටවල මෙන් ම කියුබාව වැනි එක්සත් ජාතීන් සමග ප්‍රශ්න ඇති සමාජවාදී හා රැඩිකල් රාජ්‍යවල ද සහයෝගය මේ සඳහා ලබා ගැනීමට හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.
එහෙත්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලංකාව සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීම සඳහා මෙවැනි උපදේශක කමිටුවක් පත් කිරීම එතරම් දැඩිව ප්‍රශ්න කරන්නට යාම විසින් අනවශ්‍ය කලබලයක් ඇති කර තිබේ.
එහෙත් වගවීම පිළිබඳ ඇති බරපතල ගැටලු හේතුවෙන් ලංකාවට මුළු බලය ම යොදා සටන් කරන්නට සිදු වී තිබේ.
ආණ්ඩුවට මෙකී කාරණා සම්බන්ධයෙන් උපදෙස් දෙන බොහෝ දෙනෙකු රාජපක්ෂ පවුල් ගස සෙවණේ වැඩෙමින්, තමන්ට නැඟිටීම පිණිස එකී පවුල් ගස කඩා වැටෙන තෙක් බලා සිටින නොම්බර එකේ අඟේ ඉඳන් කණ කන්නෝ ය. උදාහරණයක් ලෙස විමල් වීරවංශ නොබෝදා කළ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලා නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීමේ කතාව සලකා බැලිය හැකි ය. එයින් මේ ප්‍රශ්නය තවත් අවුල් වන බව විමල් නො දන්නවා නොවේ.
කොටි සංවිධානයේ දේශපාලන අඥානකම හා රාජපක්ෂලාගේ කෲරත්වය පෑහීමේ ප්‍රතිඵලය ලංකාවේ යුද්ධය අවසන් වීමයි. ලෝකයේ කාටවත් කරන්නට බැරි වූ අන්දමින් තමන් ත්‍රස්තවාදය අවසන් කළේ ය යන ස්වයං අභිමානයකින් පසු වන රාජපක්ෂවරු ඒ සඳහා ලෝකයේ ගෞරවය ඉල්ලා සිටිති. එහෙත්, ලෝකය මෙම ජයග්‍රහණය සලකන්නේ අතින් ගැසූ පාපන්දු ගෝලයක් පරිද්දෙනි.
ධනවාදී ක්‍රමය ගෝලීය මට්ටමින් ම අභියෝගයට ලක් කළ දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් ලංකාවේ රජයට හිමි ගෞරවය ලබා දීමට බටහිර ඇත්තට ම නො කැමැති ද?
අප දකින පරිදි නම් එය එසේ නොවේ. ලංකාවේ දෙමළ සන්නද්ධ අරගලය දිය කර හැරීම සඳහා බටහිරට වැඩපිළිවෙලක් තිබුණු අතර රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ක්‍රියාත්මක වූයේ එයයි. දෙමළ ත්‍රස්තවාදය නම් මාළුවාට වතුර වූ දෙමළ ජාතියේ සාධාරණ දුක්ගැනවිල්ල වන දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම ද එහි කොටසක් විය.
රාජපක්ෂලාගේ ගිරුවාපත්තුවේ ගැමිකම හා ලේ නහර තුළ දුවන සිංහල ස්වෝත්තමවාදය හේතුවෙන් හා රාජපක්ෂලාගේ දුර්වලකම් පාවිච්චි කරමින් ඔවුන්ගේ කර පිටින් යමින් බලය ගොඩනඟා ගනිමින් සිටින ජාතිවාදී කේවට්ටයන්ගේ උපදෙස් හේතුවෙන් රාජපක්ෂ රෙජිම දෙමළ ජනයා සමග බලය බෙදා ගැනීමට සූදානමක් නැත.
ඒකාධිපතීන් සාමාන්‍යයෙන් ම කිසිවකු සමග බලය බෙදා ගැනීමට සූදානම් නැත. ලංකාවේ කැබිනට් මණ්ඩලය උදාහරණයකි.
දෙමළ ජනයා සිංහල මිනිසුන් හා ගැහැනුන් මෙන් තම අනාගතය ප්‍රාණ බුක්තියෙන් පවා තොරව රාජපක්ෂ පවුලට ලියා දුන් පිරිසක් නො වීම හේතුවෙන් දෙමළ ජනයා සමග සැබෑ බලය බෙදා ගැනීමකට යාමට රාජපක්ෂවරු බිය වෙති. කරුණා, පිල්ලෛයන් හා කේ.පී. වැනි තම ජීවිතය රාජපක්ෂ පවුල අත රැඳී ඇති බිල්ලන් ඉස්සරහට දැමීමට ඔවුන් වඩාත් කැමති එබැවිනි. ආනන්ද සංගරී හා ඩග්ලස් දේවානන්දා වැනි අය ද නන්නත්තාර වී තිබෙන්නේ මේ හේතුවෙනි.
ලංකාවේ දෙමළ සන්නද්ධ හමුදා පරාජය වූ මුත්, දෙමළ විදෙස්ගත ප්‍රජාව තවමත් ශක්තිමත් බැවින් දෙමළ ජනතාවගේ සාධාරණ දේශපාලනික ඉල්ලීම් සම්බන්ධයෙන් ඇති හඬ යටපත් කළ නො හැක. එසේ ම එය නෑසූ කණ් වැ සිටීමට ලෝකයට හැකියාවක් නැත.
ලංකාව ත්‍රස්තවාදය පරාජය කළමුත් බටහිර රටවල් ඒ වෙනුවෙන් ලංකාව බලාපොරොත්තු වන අන්දමේ ගෞරවයක් ලබා නො දෙන්නේ මෙම සංදර්භය තුළයි.
මෙම ප්‍රශ්නය හමුවේ ලංකාවට කළ හැකිව තිබෙන දෙයක් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ නායකයන් වන එක්සත් ජාතීන් හා බටහිර රටවල් සමග සංහිඳියාවකට යාමයි. එයට හරස් වී ඇත්තේ අහංකාරය හා ජාතිවාදී ගැමිකමයි.
රාජපක්ෂවරුන් සම්මුතියකට සූදානම් නැති පිරිසක් වී තිබෙන්නේ මෙතෙක් ආ ගමනේදී තමන්ට නො වැරදුණු බැවින් ඉදිරියට ද එසේ නො වනු ඇති ය යන දැඩි විශ්වාසය නිසා ය. රාජපක්ෂවරුන්ට ඇත්තෙන් ම වැරදුණේ නැත්තේ ඔවුන් ඉතා දක්ෂ ලෙස බටහිර රටවල් ලංකාව පිළිබඳ දක්වන නො සැලකිල්ල පාවිච්චි කළ හෙයිනි. ඇත්තෙන් ම කීවොත්, ජාත්‍යන්තර දේශපාලනයේදී කෙසේ හෝ සිය ග්‍රහණයේ තබා ගත යුතු අත්‍යවශ්‍ය රටක් ලෙස ඔවුන් ලංකාව සලකන්නේ නැත. ලංකාව සම්බන්ධයෙන් අත බුරුල් වීම් ඔවුන්ට දැනෙන්නේ හෝ නැත. එහෙත්, ලංකාවේ පාලකයන්ට හා පීඩිතයන්ට බටහිර බලවතුන්ගේ තීරණ අතිශය සංවේදී කාරණා වේ.
ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් සහිත දුප්පත්කම ඉහවහා ගිය රටකට එක්සත් ජාතීන් හා බටහිර දියුණු රටවල් සමග ඇර ගන්නට යාමෙන් සිදු වන කිසිදු යහපතක් නැත.
වර්තමාන සංදර්භය තුළ ජාතීන්ට මුළුමනින් ම හුදකලාව පැවතිය නො හැකි ය. ලෝකයේ රටවල් වැඩි වැඩියෙන් එකිනෙක සම්බන්ධ වෙමින් එක යායක් වෙමින් තිබේ. ලෝකයට වග වීම නරක දෙයක් නො වේ.
ලංකාවේ නායකයන් කරමින් සිටින්නේ මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීම වෙනුවට අවුලෙන් අවුලට ගෙන යාමයි. ඔවුන් ළඟ සිටින පිරිස් බොරුවට ඔවුන් වර්ණනා කරමින්, ඔවුන්ගේ මානය හා මෝහය අවුළුවමින් කරන්නේ අමාරුවේ වැටීම සඳහා ඔවුන්ට පාර කපා තමන්ට ගොඩ ඒමට මඟ පාදා ගැනීම බව ඔවුන්ට තේරෙන්නේ නැත.
You may also like to read our English blog
Lanka Polity

"ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් සහිත දුප්පත්කම ඉහවහා ගිය රටකට එක්සත් ජාතීන් හා බටහිර දියුණු රටවල් සමග ඇර ගන්නට යාමෙන් සිදු
ReplyDeleteවන කිසිදු යහපතක් නැත."
Can't imagine this is said by an pseudo communist......
@Anonymous
ReplyDeleteYou admit through your comment that we are not pseudo communists. Thanks.
What is:
ReplyDelete"වග වීම"
please?
@ editor
ReplyDeleteධනවාදී ක්‍රමය ගෝලීය මට්ටමින් ම අභියෝගයට ලක් කළ දෙමළ ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් ලංකාවේ රජයට හිමි ගෞරවය ලබා දීමට බටහිර ඇත්තට ම නො කැමැති ද?
What do you mean by this? to my knowledge, LTTE readily accepted market economy. seems like you also started seeing the dream some leftist saw.
Apoorwa
@කතන්දරකාරයා
ReplyDeleteවගවීමට සිංහලෙන් කියන්නේ accountability කියා ය.
@Anonymousතරමක් දීර් පැහැදිලි කිරීමක් මතු ලිපියකින් කිරීමට කැමැත්තෙමි.
ReplyDeleteThe present regime came to power creating fear and anxiety among the masses, and now continuously using it. This white flag and UN committee are god given opportunities for them to "boil the blood" of our ignorant voter who is now confused by the fear and anxiety mindset created by the Chauvinists you have named. The west tries to push the regime towards India for help. That would open space for Indian Corporatist who are now collaborating the Capitalist in the West.
ReplyDelete@Editor
ReplyDeleteටයිටලය දෙබසින්ම දැක්කා. නමුත් "වගවීම" තේරෙන්නේ කීච වීම, අල වීම, මස්තබාල්දු වීම වගේ දෙයක් කියලයි.
Accountability කියන්නේ වගකීම හෝ වගකිවයුතුබව හෝ නේද?
-කකා
එහෙත්, ලෝකය මෙම ජයග්‍රහණය සලකන්නේ අතින් ගැසූ පාපන්දු ගෝලයක් පරිද්දෙනි.
ReplyDeleteAn example of clever use of language. I like your way of writing..Its really interesting to read. Hits the target.
- Dimithri
@Editor
ReplyDeleteBut your other articles show otherwise..............