සුදු කොඩි නඩුව පාලකයන්ට ම සුදු කොඩියක් වේවි ද?
(2011 අප්‍රේල් 21, W3Lanka ) එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ලංකාව සම්බන්ධයෙන් ,උපදෙස් දීම පිණිස පත් කරන ලද විද්වත් කමිටුව ලංකාවේ රජය විසින් මුල සිට ම ප්‍රතික්ෂේප කරන ලද එකකි. එහෙත් රජය මෙම කමිටුව පිළිබඳ අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි. එළිපිට ප්‍රතික්ෂේප කළ කමිටුව හොර රහසේ හමු වීමට රජය විදේශ ඇමති ජී.එල්. පීරිස් යැවුවේ ය. කමිටු වාර්තාව නිකුත් වූ පසු නැවතත් ආණ්ඩුවට කමිටුව එපා වී ඇත. ආණ්ඩුවේ ප්‍රතිපත්ති බොහොමයක් මෙවැනි ය. නිශ්චිත එක් ජාතික ස්ථාවරයක ඉඳිමින් කටයුතු කරනවා වෙනුවට රට කරවන පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත රජයේ ප්‍රතිපත්ති පමණත් නො ව රටේ නීතිය හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරන ආකාරය නිතර දක්නට ලැබේ. ආණ්ඩුවට සහාය දක්වන දේශපාලකයන් වන චන්දන කත්‍රිආරච්චිට එරෙහිව දස වසක් තිස්සේ විභාග වෙමින් තිබුණ නඩුවක මිනීමැරුම් චෝදනා නීතිපතිවරයා හිටි හැටියේ ඉවත් කර ගත්තේ ය. මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව තිබූ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව ද ඉල්ලා අස් කර ගත්තේ ය. මෙම තත්වය කෙතරම් නරක එකක් වී ද යත් අග්‍ර විනිශ්චයකාරතුමාට පවා නීතිපතිවරයාගේ ...