හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයමේ යාම හෙවත් ඊශ්‍රායලයටත්, පලස්තීනයටත් දෙකට ම සහාය දීම

(2010 ජුලි 23, W3Lankaමෙරට මානුෂීය දූත මෙහෙවරක යෙදෙමින් සිටි තුර්කි හා පලස්‌තීන පිරිසකට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම හෙළා දකිමින් අපරාධකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස යෝජනා කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ම) පත් කරන ලද මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් විසින් සභාව කල් තබන අවස්‌ථාවේ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ වැඩි ඈතක නොව පසුගිය ජුනි 10දා ය.


සභාව කල් තබන අවස්‌ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින් ඒ. එච්. එම්. අස්‌වර් මෙසේ පැවසීය:


2010.05.31 වැනි දින අලුයම් කාලයේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේදී මුළු ලොව පුරාම හෙළා දකිනු ලැබීමට පාත්‍රවූ ක්‍රියාවක්‌ වූ ගාසාහි සාගින්නෙන් පීඩා විඳිමින් සිටින මිලියන 1.5 ක පලස්‌තීනුවන් වෙනුවෙන් ටොන් 10,000 ක ඖෂධ, ආහාර, පෙර සකස්‌ කළ නිවාස හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ නෞකා කණ්‌ඩායමට යුදෙව්වාදී ඊශ්‍රායෙල් කමාන්ඩෝ භටයන් විසින් ප්‍රහාර එල්ල කිරීම සිදුකරන ලදී. මෙය ම්ලේච්ඡ, කෲර, උද්ධච්ච හා නීති ගරුක භාවයෙන් තොර වූ ක්‍රියාවකි.


මෙම මානුෂීය දූත මෙහෙවර සංවිධානය කරන ලද්දේ තුර්කි මානව හිමිකම් කණ්‌ඩායම් හා අනෙකුත් පලස්‌තීන හිතවාදී මිතුරන් විසිනි. මානව දයාව මත දූත මෙහෙවරක යෙදී සිටි මෙම යාත්‍රා ඊශ්‍රායල හමුදා විසින් බලහත්කාරයෙන් නවත්වන ලදුව පෙරමුණේ තිබූ නෞකාව ඊශ්‍රායල කමාන්ඩෝ භටයන් විසින් ආක්‍රමණය කර එහි සිටි 581 ක්‌ දෙනා අතරින් අවම වශයෙන් 19 ක්‌වත් මරා දමන ලද අතර තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරන ලදී. මුළු ලොවම මෙයට එරෙහිව හඬ නඟා ඇත.


නොබැඳි රටක්‌ හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව හැම විටම සෑම ආකාරයේම ප්‍රහාරයන් හෙළා දැක ඇත. මෙම අවස්‌ථාවේදී අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට ලෝකයේ රටවල් එක්‌ව සියලු යෝග්‍ය ක්‍රියා මාර්ග ගත යුතු අතර තවදුරටත් ප්‍රමාද වීමෙන් තොරව යෝජනා අංක 242 හා ඒ හා සම්බන්ධ අනෙකුත් යෝජනා ක්‍රියාත්මක කර ලෝක සාමය උදෙසා එම යෝජනාවලට තදින් අනුකූල වන ලෙස යුදෙව් රාජ්‍යයට බල කළ යුතු යෑයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටියි.


රත්නපුර දිස්‌ත්‍රික්‌ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හා ජනාධිපතිගේ උපදේශකයකු වන වාසුදේව නානායක්‌කාර යෝජනාව ස්‌ථිර කරමින් මෙසේ කීය:


ඊශ්‍රායලය අද මුළු ලෝක ශිෂ්ටාචාරයටම පයින් ගසමින් හිතුවක්‌කාරි ලෙස කටයුතු කරනවා. ඉතිහාසය දෙස බැලූ විට ඊශ්‍රායලය අධිරාජ්‍යවාදයේ දඩබල්ලා ලෙස ක්‍රියා කර තිබෙනවා. අද ඊශ්‍රායලය අසල්වැසියකු ලෙස මුළු අරාබි ලෝකයටම තර්ජනයක්‌ එල්ල කර තිබෙනවා. ඊශ්‍රායලය පෝෂණය කරන අධිරාජ්‍යවාදය දුබල කරන තරමට තමයි ලෝක සාමය උදාවන්නේ. අපි තානාපතිවරුන්ට පණිවිඩ යෑවිය යුතුයි ඊශ්‍රායලය අටවන උගුල්වලට හසුනොවන ලෙස.


විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන පැවසුවේ මෙම තුච්ඡ ක්‍රියාවට එරෙහිව ශ්‍රී ලාංකීය ජනතාව කම්පනයට පත්ව සිටින බවයි.


එසේ කම්පනයට පත්ව සිටි ලංකාවට යන්තම් මාස එකහමාරක් යන විට සිදු වී ඇත්තේ කුමක්ද?


ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර අරගලයේදී ශී‍්‍ර ලංකාවේ සහාය ඊශ‍්‍රායාලයට ලබා දෙන බව ඊශ‍්‍රායලයේ සිටින ශී‍්‍ර ලංකා තානාපති හිටපු එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා www.ynetnews.com සමග ඒ මහතා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප‍්‍රකාශ කර ඇත


කොන්දේසි විරහිතව පලස්තීනය සාකච්ඡාවලට එළඹිය යුතු බව ද පලස්තීනය සාකච්ඡා මග හරින්නේ නම් ඊශ්‍රයලය ගත යුතු ඊළග පියවර වන්නේ සම්පූර්ණ බලය යොදවා යුද මෙහෙයුම් ආරම්භ කිරීම බව ද දිගුකාලීන සන්නද්ධ අරගලයකට ඊශ‍්‍රායලය සිය ජනතාව සූදානම් කළ යුතු බව ද හිටපු එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා පවසයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා පලස්තීනයේ මිතුරකු ලෙස හඳුන්වා ගැනීමේ සිරිතක් මෑතක් වනතුරු තිබිණි.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. හිටපු එය චීෆ් මාෂල්ට තමන්ගේ පුද්ගලික මතය කියන්න බැරිද පැරකුම් හරකො? ඒක ආණ්ඩුවේ ස්ථාවරය කියල තියෙන්නේ කොහෙද? ගොනෙක් වෙන්න එපා බං. හැම හිලක්ම තියෙන්නේ ඇඟිල්ල ගහන්න නෙවෙයි බොල. චාටර් විදියට ඒකපාක්ෂික නොවී ලියන එකක ලියපං.

    ReplyDelete
  2. @Anonymousනිර්නාමික උගත් මහතාණෙනි, අප වැනි හරකුන් දන්නා තරමින් නම් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මාධයවලට පැවසිය යුත්තේ රජයේ මතය මිස පෞද්ගලික මත නොවේ. රජය ඔවුන්ට මහජන මුදලින් වැටුප් ගෙවන්නේ හිතුමතේ පෞද්ගලික මත පළ කරන්නට නොවේ. මුළු ලෝකය ම එවැනි අය පළ කරන අදහස් පෙ!ද්ගලික මත ලෙස නො සලකන බව වටහා ගන්න.

    ReplyDelete
  3. Nirnaamika sukra thogay harak paahara Donald deng kiyannay kumakda kiyaa balapiya!!!

    ReplyDelete
  4. @editor;
    why it two weeks back the SL governmnet said anybody can express or act on his personnel consience, and it is same for Minister Wimal Weerawansa. He is also paid by public funds and he is a peoples represenatative, memeber of the cabinet etc.

    ReplyDelete
  5. there will never be peace in middle east, or where muslims place their religeous fundamentalism in the forefront than averything else. Islam is one of the backward, most outdated, not reformed religeon in the world. It breeds fanatics and uses uneducated people and suppresses free opinions. Hamas Leaders , even though somewhat progressive, can not move forward. So they will always be fighting each other. It is quite unfortunate for the Israel to be in the midst of chaos.

    ReplyDelete
  6. Here's the article
    http://www.ynetnews.com/articles/0,7340,L-3923309,00.html

    Looks like, the war was totally taken care of by This guy, MR and GR. Sarath Fonseka has done nothing but calling his daughters in US and bang women! What a joke!

    ReplyDelete
  7. ඊශ්‍රායලයට ඇති එකම ගැටලුව පලස්තීනයයැයී අනුමාන කිරීම මැද පෙරදිග ගැටලුව ගැන ඇති නොදැනීම ප්‍රකාශ කිරීමකී. දැන්වත් අපේ රජයට ඇස් පෑදීමනම් අගනේය.

    ReplyDelete
  8. An Ambassador is the representative of the State and the Government. He cannot make free statements or personal statements on policy matters. While the Parliament passed a resolution, interestingly, initiated by two MPs of the Government and two former advisers of the President, the Ambassador of Sri Lanka cannot contradict the resolution of passed by Parliament. He should be recalled.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා