ගැහැනුන් ගල් ගසා මරන අපේ යාලු රට

(2010 ජුලි 13, W3Lankaහොරෙන් පැනලා යන්න හෝ කොහොම හරි ගිහින් ගල් වෙන්න උත්සාහ කරන හෝ එහෙම නැතිනම් ග්‍රීන් කාඩ්, පී.ආර්. ඉල්ලා සිටින ඇමරිකාව වගේ රටක් නො වුණාට ඉරානය ළඟකදි ඉඳන් එක බඩවැල කඩාගෙන ඉපදුණා වගේ අතිජාත සහෝදර දේශයක් නේ. ඉතින් ඒ රටවල වෙන දේ ගැන අපි දැන ගන්න ඕනැ.


එහෙ හරි ෂෝක් රට! තවමත් මිනිසුන් ගල් ගසා මරනවා. අපේ සමහර දේශප්‍රේමියෝත් කියන්නේ මේ රටේත් එහෙම තියෙනවා නම් හොඳයි කියලා. කතාව ඇත්ත. තියෙනවා නම් හොඳයි. මොකද එතකොට මුලින් ම ගල් පාර කාලා මැරෙන්නේ දේශප්‍රේමී වෙස් මූණු දාගෙන ඉන්න දේශප්‍රේමියෝ ම තමයි. 


ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන පළාතේ අධිකරණය තීන්දුවක් දී තිබෙනවා, 43 හැවිරිදි සකිනෙ මොහොම්මදි අෂ්ටියෙනි ගල් ගසා මරන්න. මේ දෙදරු මව ගල් ගසා මරන්න තීරණය කරන්නට හේතු වුණ වරද දන්නවද? ඒ තමයි adultery හෙවත් පරදාර සේවනය. ඒ ගැහැනිය එක්ක පරදාර සේවනයේ යෙදුණ පිරිමින්ට නම් දඬුවමක් දී නැහැ. අපි වරද ගැන මොකුත් අදහසක් දක්වන්නේ නැහැ. අප කතා කරන්නේ දඬුවම ගැනයි. 


ඔබත් කැමතිද ගැහැනියකට ගල් ගසා මරන්න. අර සිඟන්නන්ගේ හිස් ගල්වලින් කුඩු කර මරා දමන විට නිර්නාමිකව බ්ලොග් පෝස්ට් දමමින් අනුමත කරනවා වගේ නෙමෙයි. ඇත්තට ම ගල්වලින් ගහලා ගැහැනියක මරන්න. 


අපේ කාන්තා රත්නවලින් වැඩි හරියක් ඡන්දෙ දීලා බලයට පත් කර තිබෙන්නේ මේ වගේ රටක් අනුගමනය කරන්න කියන එක සඳහන් කරන්නේ කණගාටුවෙන්. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. අප රටෙ ගල්ගාසා මරනන ඔනෙඩෙන්ගු සිර

    ReplyDelete
  2. "අපේ කාන්තා රත්නවලින් වැඩි හරියක් ඡන්දෙ දීලා බලයට පත් කර තිබෙන්නේ මේ වගේ රටක් අනුගමනය කරන්න කියන එක සඳහන් කරන්නේ කණගාටුවෙන්" kiyana eka adaala wenne kohomada? Lankawe kawruwath sharia neethiya athi karanna chande deela thiyanawada?

    ReplyDelete
  3. පව් කාරයාට ගල්ගහන්න ඕනෙ පව් නොකල මිනිහෙක් කියලා බයිබලේ තියනවා කියලයි මම අහලා තියෙන්නේ. ඔන්න කාන්තා නිදහස....

    ReplyDelete
  4. කාන්තාවන්ට ගල් ගහලා මරන්න බැහැයැයී කියන කතාව බටහිර අදහසක්නේ. බස් වල එල්ලිලායන වදුරෝ වාගේ, බටහිර අදහස්ම ගෙඩිපිටින් ගිලීම තමයී මේ කාන්තා අයීතිවාසිකම් ඉල්ලන ලංකාවේ කලු සුද්දන්ට හැක්කේ. මම හිතන්නේ නිකම්ම ගල් ගහනවාට වඩා වටිනාවා, උන්දෑගේම ලමයී උන්දෑ ලව්වා වංගෙඩියේ දාල කොටන්න කීම. ඊට පස්සෙ ගල් ගහන්න බැරිනම්, නුවර වැවට දැම්මත් මොකද.

    ReplyDelete
  5. Iran's judiciary has said that the stoning sentence for a woman convicted of adultery will not be carried out – for now. But the fate of Sakineh Mohammadi Ashtiani, which has generated huge international concern, remains uncertain.

    Malek Ajdar Sharifi, the senior judicial official in East Azerbaijan province, where the mother-of-two was convicted, told the Irna state news agency yesterday the sentence "will not be implemented for the time being."

    See here for the full report:
    http://www.guardian.co.uk/world/2010/jul/12/iran-sakineh-mohammadi-ashtiani-stoned-death

    ReplyDelete
  6. I didn't post this to counter your argument W3. I only posted it to those who are genuinely concerned about this appalling news can now take a breather..

    ReplyDelete
  7. මේ වගේ නීති ක්‍රියාත්මක කරන රටවල් වලට සම්පූර්ණ ආර්තික සම්බාධක දාන්න ඔනේ. මේ වගේ රටවල් තමයි ඇමරිකාව විසින් ආක්‍රමණය කල යුත්තේ. හිටපු එක කාලකන්නියෙක් ඉවරයි. ඒ තමයි සදාම් හුසේන්. මේ තව එකෙක්.

    ReplyDelete
  8. @Vangeesa
    Vangeesa, Thanx for the headsup

    ReplyDelete
  9. Parakum ge yalu rata mokadda?

    Rusiyawada? KGB eka minissu hira karan hitiya hati mathakadha?

    Chineda? Tiyenamin square eka mathakada?

    Amerikawada? Guanthanamo mathakada?

    Parakum, oya kiyannako balanna api yalu wenna one kawuru ekkada kiyala?

    ReplyDelete
  10. @kolu

    එහෙම කරන්න අණ දුන්න රජා දෙමළෙක් (වඩිගයෙක්) වෙච්චි එක, කොලූ ට දෛවය විසින් කරපු සරදමක්ද මන්දා?

    ReplyDelete
  11. Amerikawada? Guanthanamo mathakada? ලියා ඇති අඥානයාට පිලිතුරක්.....!

    ඇමෙරිකාව ඝ්වන්තනමො සිර කඳවුර තියන් ඉන්නෙ විදෙශ සිරකරුවන්ට මිස තමන්ගේ රටේ මිනිස්සුන්ට නෙමෙයි. අනිත් එක එකේ වෙච්ච වැරැද්ද එලි කරේ ඇමරිකාවෙම මාධ්‍යයක් මිසක් වෙන රටක එකක් නෙමෙයි. එහෙම එලිදරව් කරා කියල ඇමෙරිකන් ආණ්ඩුවෙ ඇමතියෙක් ඒ මාධ්‍ය ආයතනයට ඇවිල්ල ගල් මුල් ප්‍රහාර එල්ල කරේ නැහැ. ඒ වැරදි කරපු උන්ට අල්ලල දඩුවම් දුන්න මිස. අනිත් එක ඇමරිකාව වත් මේ විදියට මේ මුස්ලිම් අන්තවාදීන්ව පාලනය කරේ නැත්ත්නම් මුන් මේ ලෝකෙම අල්ලල තියෙයි ටික කාලයක් යනකොට. ඇමරිකාවෙ විදේශ ප්‍රතිපත්තියෙ යම් යම් ප්‍රශ්නකාරී තැන් තිබුනත් ඒ රට ඇතුලත තියෙන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය නම් මම මහ ඉහලින්ම අගය කරනව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා