එක්සත් ජාතීන්ට එරෙහිව ලංකා ආණ්ඩුව උද්ඝෝෂණයේ | Sri Lanka government protests against UN

(2010 ජුලි 06, W3Lanka)එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත් කර ඇති ලංකාවේ වගවීම හා සම්බන්ධ කාරණා පිළිබඳ ඔහුට උපදෙස් දීම සඳහා වූ කමිටුවට විරෝධය පළ කිරීම සඳහා දැවැන්ත, ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක් අද ආණ්ඩුව විසින් කොළඹදී පවත්වන ලදී. 


පාලක රාජපක්ෂ පවුලේ ළඟ ම හිතවතකු හා ප්‍රබල ඇමතිවරයකු වන නිවාස හා ඉදි කිරීම් ඇමති විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ප්‍රචණ්ඩව හැසිරෙන ආකාරය කැමරාගත වී තිබේ. 


උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ජාතික නිදහස් පෙරමුණේ නමින් වුව ද එයට ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ලැබී ඇති අන්දම දක්නට ලැබිණි. 


ජාතික නිදහස් විසින් මීට දින කීපයකට පෙර කරන ලද ශපථ කිරීම අනුව යමින් විමල් වීරවංශ විසින් මෙහෙයවන ලද උද්ඝෝෂණකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගෙන තිබුණු අතර ඔවුන්ට පිට වී යාම පිණිස විදේශ අමාත්‍යංශයේ ලේකම් රොමේෂ් ජයසිංහට හා පොලිසියට මැදිහත් වන්නට සිදු විය.  


එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනු දක්නට ලැබිණි. 


මෙම ක්‍රියාව එක්සත් ජාතීන්‍ වෙතින් තදබල ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් ලෙස හඳුනා ගැනීමට පුළුවන. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. They (people)do not know what they do. On the other hand Wimal Weerawansa know what he is doing.......

    ReplyDelete
  2. Yes,this is how they market patriotism to enjoy their previladges.The people are deceived and taken for a ride.

    ReplyDelete
  3. මෙතන විමල්ගේ අරමුණු කීපයක් තියෙන්න පුළුවන්.

    1. තමන්ගෙ පක්ශෙ වරප්‍රසාද ගැනීමට බැරිවූ (මන්ත්‍රීන් වීමට බැරිවූ) සාමාජිකයන්ට මහජන අවධානය දිනා ගැනීම සඳහා අවස්තාවක් නිර්මාණය කරදීම සහ ඒ හරහා පක්ශය 'බැලන්ස්' කිරීම

    2. අපි තවම සටනේ ඉන්නබව පෙන්වීම - මේක විමල් ජවිපෙන් ඉගනගත් පාඩමක්

    3. ඇමතිකම නැතිවුනත් සටන අත්නොහරින බව කියමින් රජය සමඟ ව්‍යාජ බෙදීමක් නිර්මාණය කිරීම හරහා තම 'දේශප්‍රේමය' සතු වෙළඳ වටිනාකම ඉහල නැංවීම.

    4. ආචාර්ය මර්වින් වගේ කිචනොවී, තමනුත් වීරය වෙමින්ම මහරජු සහපිරිස ආරක්ශා කිරීමට කැපවීම

    5. රජය ජාත්‍යන්තරව අමරුවෙ දමා, තම මතු සිහින වලට පාර කපා ගැනීම

    6. යුද්ධය දිනූ විරුවන් සුරකිමින්, කොසෝවෙ-සුඩානයේ දාපු සෙල්ලම් ප්‍රභාකරන් (විමල් ප්‍රභාකරන් ජීවත් වෙනකම් කිව්වෙ පිරබාහරන් කියල, දන් කියනව ප්‍රභාකරන් කියල ) මරපු තමන්ට දැමිය නොහැකි බව බෑන් කී මූන්ට තේරුම් කරදීම.

    මිනිස්සු අඳුනගන්නෙ කොයි අරමුනද කියන එක තමයි ප්‍රස්නෙ.
    පේන බොහෝ පත්තර කියන විදිහටනම් ඉහත 6 වෙනි කරුනලු එයලයි ජනතාවයි පිලිගන්නෙ.

    අපූර්ව

    ReplyDelete
  4. ආන්ඩුව තමන් ගේ මේ විරෝධතාව සිය ප්‍රචාරක නාලිකාවේ රාත්‍රි 8 ප්‍රවෘත්ති වලට ඇතුල් කළේ නැහ. පස්සේ මැදියම් රෑ වර්ල්ඩ් කප් මැච් එක අස්සේ හදිසි ප්‍රවෘත්තියක් හැටියට පැය 12 පිළුණු වුන මේ පුවත වාර්තා කළා.
    මේක විමල් තේරුම් ගන්නවා නම් ඉදිරියට කාට කාටත් හොඳයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා