එක්සත් ජාතීන්ගේ සංවිධානය නො තිබුණා නම්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට දරුණු හිසරදයක් වී තිබේ. දැන් ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බටහිර ජාතීන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට පිහිටුවා තිබෙන ආක්‍රමණික සංවිධානයක් ය කියා ය. එහෙත්, මේ ප්‍රශ්නය දෙස බලන්නට වෙනත් දෘෂ්ටි කෝණ ද තිබේ. ප්‍රවාහනයේ දියුණුව හා යටත්විජිතවාදයේ බලපෑමත් සමග ලෝකයේ රටවල් අතර ගනුදෙනු හා සම්බන්ධතා වැඩි වුණා. ඒ නිසා ඒ සම්බන්ධකම් පවත්වාගෙන යාම සඳහා යම් යම් නියාමනයන් ද අවශ්‍ය වුණා. ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සංගමය ආරම්භ වුණේ 1865දීයි. විශ්ව තැපැල් සංගමය ආරම්භ වුණේ 1874දීයි. මේවා පටන් ගත්තේ නවීන මිනිස් සම්බන්ධතා විසින් එවැනි ආයතන ඉල්ලා සිටි නිසායි. ජාත්‍යන්තර අර්බුද යුද්ධ දක්වා දිග්ගැසීම වළක්වා ගන්නට අන්තර්ජාතික සංවිධාන අවශ්‍ය වුණා. 1899දී නෙදර්ලන්තයේ හේග්හිදී පවත්වන ලද ජාත්‍යන්තර සාම සම්මේලනය එවැනි ප්‍රයත්නයක්. ලෝකයේ රටවල් අතර සංවිධානයක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කිරීමේ ගෞරවය එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයාට හිමි වේ. මුලින් ම එවැනි සංවිධානයක් බිහි වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි. එහි නම ලීග් ඔෆ් නේෂන්ස් නම් වි...