එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිටදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගනී | Democracy found at UN Colombo office

(2010 ජුලි 08, W3Lanka)  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු හා පාලක සන්ධානයේ හවුල්කාර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් කරන ලද උද්ඝෝෂණයේ පටන් ලංකාව උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරිපුන් රටක් බවට පත් වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයෙන් පැහැදිලි වේ. 


ඒ අනුව, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රීය සමාජයක් බැවින් ඊට අනුගතවන පරිදි වාචික මතයන්ට හා සාමකාමී උද්ඝෝෂණවලට ඇති අයිතිය පිළිගෙන ඇත. 


පොලිස් අවසරය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයීය සංකීර්ණය අබියස සාමකාමීව රැස්වීමට ඉඩ ලබා දුන් ආකාරයට ‍අවශ්‍ය නම් ජීවන වියදම වැඩි වීම ගැන හා පඩි වැඩි නො වීම ගැන උද්ඝෝෂණ කරන්නට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමීව රැස්වීමටත් ඉදිරියේදී අවසර ලැබෙනු ඇත.


රජයේ පිළිගැනීම අනුව යම් පිරිසකට තමන් වැඩ කරන තැනින් පිටවීමට ඉඩ නොදී සිර කරගෙන තබා ගැනීම පවා සාමකාමී ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට කලහකාරී අන්දමින් හැසිරුණු පිරිස්වලට පහර දුන් බව කියන පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමෙන් පෙනී යන්නේ ටිකක් කලහ කිරීම ද සාමය කඩ කිරීමක් නො වන බවයි.


ඒ සමගම රජය සතු අන්තර්ජාතික වගකීම අනුව එ.ජා. කාර්යාල සංකීර්ණයේ හා එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස ප්‍රමාණවත් පොලිස් බළකායක් එහි යොදවන ලද බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.


"සිද්ධිය වූ දවසේ වැඩ කටයුතු නිමවා එ.ජා. කාර්ය මණ්ඩලයට ආරක්ෂා සහිතව පිටව යාමට ඉඩ සලසන බවට පොලිසිය සහතික වූ අතර, ඒ අනුව කාර්ය මණ්ඩලයේ බහුතරයක් පිටව ගියහ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනකු පමණක් එහි රැඳි සිට තිබේ. මෙහිදී එ.ජා. ශ්‍රී ලංකා උපදේශක මණ්ඩලය සම්බන්ධයෙන් ඔවුන් හමුවේ තම විරෝධය පෑමට ඇති කැමැත්ත උද්ඝෝෂකයන් විසින් ප්‍රකාශ කැර ඇත," යි ද එහි සඳහන්‍ වේ. 


මේ අනුව, විදේශ අමාත්‍යාංශ ලේකම්ගේ මැදිහත්වීම මැද සීමිත උද්ඝෝෂකයන් පිරිසකට එහි ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලද පැවසේ. මේ අනුව බලන විට, ජීවන වියදම ගැන උද්ඝෝෂණයේදී සිදු වනු ඇත්තේ ජනාධිපති ලේකම්වරයා පැමිණ උද්ඝෝෂණයේ නායකයන් අරලියගහමන්දිරයට කැටුව ගොස් විරෝධතා පෙත්සම ජනාධිපතිතුමා අතට ම දීමට අවස්ථාව ලබා දීමයි. 


එ.ජා. කාර්යාලය, ඉදිරි දිනවලදී සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන රජය එ.ජා. සංවිධානය ශ්‍රී ලංකා උපදේශක මණ්ඩලය පිළිබඳ අදහස් වෙනස් කරන තුරු උද්ඝෝෂකයන් අඛණ්ඩ විරෝධතාවක නියැළීමට අදහස් කොට ඇති බව අවබෝධ කැරගෙන ඇතැයිද ඒ සමඟම බලය ලත් පුද්ගලයන්ට නිදහසේ කාර්යාලයට යාමට ඊමට නිරතුරුවම ඉඩ සැලසෙනු ඇතැයි රජයේ ප්‍රකාශනයේ දැක්වේ.


බලන්න අපේ ආණ්ඩුව රටේ ජනතාව ගැන කොයි තරම් අවබෝධයකින් ද ඉන්නේ. හිතේ කොණක හරි යමි අදහසක් තැන්‍පත් වෙලා තියෙනවා නම් ආණ්ඩුව ඒකට පවා ඉඩ දෙනවනේ. එහෙව් එකේ එච්චර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් මානව හිමිකම් කඩයිද? යුද අපරාධ කරන්න හිතයිද? 
Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. පහුගිය දවස්වල ජෙනරාල්ව පැහැරගත්ත එකට විරුද්ධව කරපු උද්ඝෝෂණ වලට පන්න පන්න ගහපු අය නේද මේ උද්ඝෝෂණ අයිතියක් ගැන කියන්නෙ.

    ReplyDelete
  2. This is a very good artcle.The people who crushed peaceful agitations are now talking about democratic rights.We have seen on TV how the government crushed many peaceful agitations.Now they are talking something else.When they want to protect their previlages they talk about democracy and when others want to talk about their rights they brand them as traitors.This is democracy in our country.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා