Posts

Showing posts with the label උද්ඝෝෂණ

අදට අවශ්‍ය පක්ෂ සංදර්ශන ද? පොදු උද්ඝෝෂණ ද?

Image
(2011 මාර්තු 01,  W3Lanka )  ඉහළ යන බඩු මිල අඩු කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ අද (01 දා) සවස කොළඹදී පෙළපාලියක් පවත්වයි. බොරැල්ල කැම්බල් පිටියෙන් අද සවස 3.00ට අරඹන මෙම විරෝධතා පෙළපාලිය ලිප්ටන් වටරවුම තෙක්‌ පැමිණෙනන්නට නියමිත ය.  ජවිපෙ මෙම පෙළපාලිය කැඳවන මොහොත වනාහි බිම් මට්ට‍මට කිට්ටු මැතිවරණයක් ආසන්නයේ ඇති අවස්ථාවකි. එහෙත්, ඇත්තෙන් ම ගත් කල, සමාජයේ මෙම මැතිවරණය පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති බවක් නො පෙනේ.  ඉහළ නඟින ජීවන වියදම යනු ඊට වඩා දුප්පත් මිනිසුන්‍ට සංවේදී කාරණාවකි. විරුද්ධ පක්ෂ සිතන්නේ ජීවන වියදම ඉහළ යාමට එරෙහි මහජන විරෝධය ඉදිරි මැතිවරණයේදී ඡන්දයෙන් ප්‍රකාශ වනු ඇති බවයි. මෙයට වඩා තවත් මුළාවක් නැත.  මෙම මැතිවරණ ක්‍රමය එහෙම පිටින් ම ප්‍රෝඩාවකි. එහිදී සිදු වන්නේ වංචාවෙන්, දූෂණයෙන් හා රැවටීමෙන් මහජන මතය මංකොල්ල කෑමයි. ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ රාජ්‍ය බලය හා දේපල භාවිතා කරමින් මුළුමනින් ම අවනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්දමිනි. එවැන්නකින් මහජන මතය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එසේ ම එවැන්නකින් පාලන‍ය වෙනස් කරන්නට ද බැරි ය.  ස...

සිසුන් උද්ඝෝෂණය කිරීම පංති තහනම් කිරීමට හේතු වන වරදක් නම් ඇමතිවරුන් උද්ඝෝෂණය කිරීම 'අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චර ද' න්‍යායෙන්

Image
( 2010 දෙසැම්බර් 05,  W3Lanka )  භික්ෂූන් 12ක් ඇතුළු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 44කගේ පංති තහනම් කර ඇත. හේතුව කලින් පංති තහනම් කළ සිසුන් 84ක් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමයි.  දැන් 84 + 44 = 128කි.  එම සිසුන් අතර අපවත් වූ හිමිනමකගේ නමක්ද ඇතුළත්ව ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බංඩාර පවසයි. එක පැත්තකින් අධ්‍යාපනයේ අර්බුදයට මෙය ද එක්තරා විසඳුමකි. විශාල වශයෙන් සිසුන්ගේ පංති තහනම් කළ විට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු වියදම අඩු කර ගත හැකි වනු ඇත. එවිට ඒ මුදල් ද ලංකාවේ පිහිටුවීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල සෙවීම පිණිස බුරුමය, සුඩානය, ෆීජි වැනි රටවල සංචාරය කිරීම සඳහා දේශපාලකයන්ට හා නිලධාරීන්ට ලබා දිය හැකි වනු ඇත.  ආචාර්යවරුන්ට ඉගැන්වීමට හෙවත් බොහෝ ආචාර්යවරුන් කරන පරිදි පිටපත් කර ගැනීම සඳහා සටහන් කියවීම සඳහා වැය කළ යුතු ශ්‍රමය ද අඩු වේ. එවිට ඔවුන්ට ඒ ශ්‍රමය ටියුෂන් හෝ පොසිටිව් තින්කිං දේශන සඳහා යෙදවිය හැකි ය.  මෙහෙම ප්‍රශ්නයක් ද තිබේ. සිසුන් උද්ඝෝෂණය කිරීම පංති තහනම් කිරීමට හේතු වන වරදක් නම් ඇමතිවරුන්...

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිටදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගනී | Democracy found at UN Colombo office

Image
(2010 ජුලි 08,  W3Lanka )   එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු හා පාලක සන්ධානයේ හවුල්කාර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් කරන ලද උද්ඝෝෂණයේ පටන් ලංකාව උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරිපුන් රටක් බවට පත් වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයෙන් පැහැදිලි වේ.  ඒ අනුව, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රීය සමාජයක් බැවින් ඊට අනුගතවන පරිදි වාචික මතයන්ට හා සාමකාමී උද්ඝෝෂණවලට ඇති අයිතිය පිළිගෙන ඇත.  පොලිස් අවසරය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයීය සංකීර්ණය අබියස සාමකාමීව රැස්වීමට ඉඩ ලබා දුන් ආකාරයට ‍අවශ්‍ය නම් ජීවන වියදම වැඩි වීම ගැන හා පඩි වැඩි නො වීම ගැන උද්ඝෝෂණ කරන්නට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමීව රැස්වීමටත් ඉදිරියේදී අවසර ලැබෙනු ඇත. රජයේ පිළිගැනීම අනුව යම් පිරිසකට තමන් වැඩ කරන තැනින් පිටවීමට ඉඩ නොදී සිර කරගෙන තබා ගැනීම පවා සාමකාමී ක්‍රියාවකි. එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට කලහකාරී අන්දමින් හැසිරුණු පිරිස්වලට පහර දුන් බව කියන පොලිස් නිලධාරීන්ට එරෙහිව පියව...

ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවෙන් ම උද්ඝෝෂණ

Image
(2010 පෙබරවාරි 12- W3Lanka )   සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන උද්ඝෝෂණ දැන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ මහරගම නගර‍යේ පැවති උද්ඝෝෂණයකදී භික්ෂුවක පොලිසියට ඇදගෙන යන ආකාරයයි. අද ද කොළඹ නගරයේත්, පිට පළාත්වලත් උද්ඝෝෂණ සංවිධානය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිසිය කුළු, පොලු හා කඳුළු ගෑස් දැන් සිට ම සූදානම් කර තිබෙන බව ද වාරතා වේ. මේ අතර ආණ්ඩුව ද දැන් කරගෙන යන ක්‍රියාමාර්ග තව හයියෙන් කරන්නැයි ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. පිරිසිදු ජනමතය බාල්දු නොකරනු, රටේ ආරක්ෂාව තහවුරු කිරීමට නීතිය ක්‍රියාත්මක කරනු තේමා පාඨයන් යටතේ අද සවස තුනට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආණ්ඩුවේ වෘත්තීය සමිති විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ. මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ය.   මෙම උද්ඝෝෂණයට සහභාගි වන ඔබට පහත සඳහන් ආකාරයේ සටන් පාඨ කිව හැකි ය. මතේ මතේ - ජනමතේ බලාපියව් - ජනමතේ එපා එපා - අපට එපා දෙදාස් පන් - සීය එපා අපට හොඳා - දූෂණේ මළත් මොකද - හාමතේ විපක්ෂයට - තව ගහපිය මාධ්‍යයට - තව ගහපිය ෆොන්සේකා - වාන...