නගර, ගම් පාලනය හා ඊනියා පළාත් පාලනයේ දුර්ගන්ධය | The bad governance of local governments in Sri Lanka

State and Local Government: The Essentials(2010 ජුලි 03, W3LankaLocal government යන ඉංග්‍රීසි යෙදුම වැරදියට පරිවර්තනය කරගෙන, පළාත් පාලනය යනුවෙන් සිංහලෙන් හැඳින්වෙන නගර හා ගම් පාලන ව්‍යූහයන්වල දේශපාලනය එක් කාලයකදී මහත් ගරු කටයුතු කාර්යයක් විය. පළාත් පාලන ආයතන විසින් සභිකයන්ට කරන ලද යම් ගෙවීමක් තිබිණි නම්, එය ජීවනෝපාය කර නො ගත්, සමාජයේ ගරුසරු තැන්වල සිටි ප්‍රභූ යයි කියන පිරිස් කලකදී ගම් හා නගර පාලනයේ කටයුතු කිරීම මහජන සේවාවක් ලෙස සැලකූහ. 


එහෙත් දැන් තත්වය වෙනස් ය. එක් නිදසුනකින් මෙය පැහැදිලි කළ හැකි ය. පාලින්දනුවර  නම් ප්‍රාදේශීය සභාවක් ඇත. පාලින්දනුවර යනුවෙන් ගමක් හෝ නගරයක් ලෝකයේ කොහේවත් දැන්නම් නැත. මේ වනාහි වීදිය බංඩාරට සම්බන්ධ ඓතිහාසික හා ජනප්‍රවාද මත බදුරලිය නම් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රත්‍යන්ත අර්ධ නගරයක් කේන්ද්‍ර කර ගත් පාලන ඒකකයකි. මෙය අලුතෙන් පිහිටවූවක් වන අතර එහි ‍ඓතිහාසික පළමු ප්‍රාදේශීය සභා සභාපති මේ මොහොතේ ඉන්නේ රිමාන්ඩ් භාරයේ ය.


හේතුව මෙසේ ය: රජයට අයත් ධීවර සංස්ථාවේ මාළු ලොරියක් බදුරලිය නගරයේ ඉරිදා පොළේ වෙළඳාම් කරමින් සිටන විට පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම අයකු වන මෙම පුද්ගලයා එතැනට පැන රියැදුරුට පහර දී මාළුවලට රු. 40,000ක පමණ අලාභයක් කිරීම නිසා අධිකරණය ඔහු රිමාන්ඩ් කළේ ය. ධීවර සංස්ථාවේ මාළු මිළ අඩු වීම නිසා, මැළු කපන පිහියට මිනිසුන් බිය කර, මැර බලයෙන් අධික ලාභයක් තබාගෙන මාළු විකුණන ‍දේශපාලන අනුග්‍රහය ලත් මාළු වෙළෙන්දන්ට පාඩු සිදු විය.


මේ සභාපති ධම්මික රණසිංහ තමන් රණවිරුවකු යයි හඳුන්වා දෙයි. එහෙත්, ප්‍රදේශවාසීන් කියන්නේ ඔහු හමුදාවෙන් පැනැවිත් රස්තියාදු වෙමින් සිටි අයකු බවයි.  නමෝ විත්තියෙන් පිහිටුවන ලද ඓතිහාසික නමක් ඇති ප්‍රාදේශීය සභාවක ඓතිහාසික සභාපති වීමට පාලකයන්ගේ අනුග්‍රහය ලැබ ජනතාව විසින් තෝරා ගනු ලබන්නේ මෙවැනි අයෙකි. 


ප්‍රාදේශීය සභාව සිය මාළු වෙළඳසැල කිසියම් ව්‍යාපාරිකයකුට බදු දුන් පළියට ‍එමගින් වෙනත් අයට මාළු විකිණීම තහනම් නො වන්නේ ය යන සරළ කරුණවත් මේ ග්‍රාම ගුත්තිකයා දන්නේ නැත.


ඔහු අත්අඩංගුවට ගත් විට සෙසු ප්‍රාදේශීය සභිකයන් ඇතුළු ඔහුගේ සහචර, අනුචර පිරිස කළේ කුමක්දැයි ඔබ දන්නේ ද? ඔවුහු කුණු මාළු බොකු ආදියෙන් යුත් මහත් දුර්ගන්ධයක් හමන දැවැන්ත කුණු ගොඩවල් නගර මධ්‍යයේ තැන තැන ගොඩගැසූ හ. ප්‍රාදේශීය සභාවේ කුණු අදින්නෝ දවස පුරා ඒ තැන්වල තිබෙන්නට හැරිය හ. මේ ප්‍රත්‍යන්ත නගරයේ වෙසෙන මිනිසුන් හා හාල්, සිල්ලර, තේ පෝර, කෘමි නාශක ආදිය මිළ දී ගැන්මට මෙහි එන ගැමියෝ මේ දුර්ගන්ධයෙන් බලවත් අසහනයට පත් වූ හ.


එහෙත්, මේ දුර්ගන්ධය වනාහි තමන්ගේ අනුග්‍රහයෙන් තමන්ගේ දේශපාලන වීරයන් විසින් නිර්මාණය කරන ලද වත්මන් පාලක පවුලේ පාලන සමය තුළ කූටප්‍රාප්ත වූ අන්ත දූෂිත නගර, ගම් පාලන ක්‍රමයේ දුර්ගන්ධය බව ඔවුන් දන්නේ නැත. 


මේ දේශපාලන ගන්ධස්කාරයේ හොඳ ම හරිය දැන් රටේ අගනුවර වන කොළඹ මහ නගර සභාවේ රඟ දැක්වෙමින් තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog
 Lanka Polity

Comments

  1. Corruption and abuse of power began in the 1940s. Don't say we had a good system in the past. Please read Hansard 0f 1940, the State Council Debate on the establishment of Provincial Councils. You know the sentence used by a State Council member regarding the use of revenue power by the local government leaders "...hopelessly corrupted."

    ReplyDelete
  2. According to my knowledge, Palindanuwara is not a newly formed Pradeshiya Saba.
    -Dimithri

    ReplyDelete
  3. In the late 1880s, Herman Hollerith invented the recording of data on a machine readable medium. Prior uses of device readable media, above, had been for control, not information. "After some initial trials with paper tape, he settled on punched playing cards !.."[10] To procedure these punched playing cards he invented the tabulator, and the keypunch machines. These three inventions were the foundation of the contemporary data processing industry. Large-scale automated information processing of punched playing cards was performed for the 1890 United States Census by Hollerith's organization, which after grew to become the core of IBM. By the finish from the 19th century numerous technologies that would later on show useful within the realization of sensible computer systems had begun to seem: the punched card, Boolean algebra, the vacuum tube (thermionic valve) and the teleprinter.

    http://www.webspawner.com/users/colbyyhodges/greatexplainati.html
    http://webhosting06.wetpaint.com/page/Fantastic+Explaination+of+Web+Hosting+%2830%29
    http://jessbean.vox.com/library/post/whats-reseller-hosting.html
    http://wordpresshosting54.blogspot.com/2010/04/fantastic-explaination-of-web-hosting.html
    http://www.gather.com/viewArticle.action?articleId=281474978303881

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා