Posts

Showing posts with the label ධම්මික රණසිංහ

පාලිත තෙවරප්පෙරුම සිද්ධියේ දේශපාලන අරුත්

Image
අගලවත්ත නගරයේදී පසුගිය ඉරිදා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පහර දීම හා දෙමළ ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ප්‍රසිද්ධියේ නගර මැද දනගැස්වීම මෙම දේශපාලන මොහොත සංකේතවත් කරන වැදගත් සිද්ධියකි.  මෙහි වැදගත් ම අවස්ථාව වන්නේ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීම සඳහා ඕනෑතරම් හේතු සාධක තිබියදී පොලිසිය අකර්මන්‍ය වීමයි. සිදුවීම වෙද්දී ද හුදෙක් නිරීක්ෂකයන් වී ඇති පොලිසිය සිද්ධියෙන් පසුව ද ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක වන්නැයි නියෝග දුන්නාට පසුව ය. එසේම, එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් එවැනි නියෝගයක් නො පැමිණීම ද අවධානයට ලක් විය යුතු කරුණකි.  පොලිසිය, රාජ්‍ය ‍සේවය, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම, රාජ්‍ය මාධ්‍ය වැනි යාන්ත්‍රණ තවමත් දුවන්නේ පැරණි ක්‍රමයට ම බව මෙම සිද්ධියෙන් මනාව ඔප්පු වේ. මේවා දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද ක්‍රමයකට වෙනස්ව ක්‍රියාත්මක කිරීම පහසු නැත. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූ පමණින් මේ දීනකම, රාජපක්ෂපාතිත්වය හා අකාර්යක්ෂමකම එක වරම නැති වී යන්නේ නැත. ඒ සඳහා දැඩි සටනක් කරන්නට සිදු වනු ඇත. පාලිත තෙවරප්පෙර...

නගර, ගම් පාලනය හා ඊනියා පළාත් පාලනයේ දුර්ගන්ධය | The bad governance of local governments in Sri Lanka

Image
(2010 ජුලි 03,  W3Lanka )  Local government යන ඉංග්‍රීසි යෙදුම වැරදියට පරිවර්තනය කරගෙන, පළාත් පාලනය යනුවෙන් සිංහලෙන් හැඳින්වෙන නගර හා ගම් පාලන ව්‍යූහයන් වල දේශපාලනය එක් කාලයකදී මහත් ගරු කටයුතු කාර්යයක් විය. පළාත් පාලන ආයතන විසින් සභිකයන්ට කරන ලද යම් ගෙවීමක් තිබිණි නම්, එය ජීවනෝපාය කර නො ගත්, සමාජයේ ගරුසරු තැන්වල සිටි ප්‍රභූ යයි කියන පිරිස් කලකදී ගම් හා නගර පාලනයේ කටයුතු කිරීම මහජන සේවාවක් ලෙස සැලකූහ.  එහෙත් දැන් තත්වය වෙනස් ය. එක් නිදසුනකින් මෙය පැහැදිලි කළ හැකි ය. පාලින්දනුවර  නම් ප්‍රාදේශීය සභාවක් ඇත. පාලින්දනුවර යනුවෙන් ගමක් හෝ නගරයක් ලෝකයේ කොහේවත් දැන්නම් නැත. මේ වනාහි වීදිය බංඩාරට සම්බන්ධ ඓතිහාසික හා ජනප්‍රවාද මත බදුරලිය නම් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රත්‍යන්ත අර්ධ නගරයක් කේන්ද්‍ර කර ගත් පාලන ඒකකයකි. මෙය අලුතෙන් පිහිටවූවක් වන අතර එහි ‍ඓතිහාසික පළමු ප්‍රාදේශීය සභා සභාපති මේ මොහොතේ ඉන්නේ රිමාන්ඩ් භාරයේ ය. හේතුව මෙසේ ය: රජයට අයත් ධීවර සංස්ථාවේ මාළු ලොරියක් බදුරලිය නගරයේ ඉරිදා පොළේ වෙළඳාම් කරමින් සිටන විට පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම අයකු වන මෙම පුද්...