Posts

Showing posts with the label local government

නගර, ගම් පාලනය හා ඊනියා පළාත් පාලනයේ දුර්ගන්ධය | The bad governance of local governments in Sri Lanka

Image
(2010 ජුලි 03,  W3Lanka )  Local government යන ඉංග්‍රීසි යෙදුම වැරදියට පරිවර්තනය කරගෙන, පළාත් පාලනය යනුවෙන් සිංහලෙන් හැඳින්වෙන නගර හා ගම් පාලන ව්‍යූහයන් වල දේශපාලනය එක් කාලයකදී මහත් ගරු කටයුතු කාර්යයක් විය. පළාත් පාලන ආයතන විසින් සභිකයන්ට කරන ලද යම් ගෙවීමක් තිබිණි නම්, එය ජීවනෝපාය කර නො ගත්, සමාජයේ ගරුසරු තැන්වල සිටි ප්‍රභූ යයි කියන පිරිස් කලකදී ගම් හා නගර පාලනයේ කටයුතු කිරීම මහජන සේවාවක් ලෙස සැලකූහ.  එහෙත් දැන් තත්වය වෙනස් ය. එක් නිදසුනකින් මෙය පැහැදිලි කළ හැකි ය. පාලින්දනුවර  නම් ප්‍රාදේශීය සභාවක් ඇත. පාලින්දනුවර යනුවෙන් ගමක් හෝ නගරයක් ලෝකයේ කොහේවත් දැන්නම් නැත. මේ වනාහි වීදිය බංඩාරට සම්බන්ධ ඓතිහාසික හා ජනප්‍රවාද මත බදුරලිය නම් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රත්‍යන්ත අර්ධ නගරයක් කේන්ද්‍ර කර ගත් පාලන ඒකකයකි. මෙය අලුතෙන් පිහිටවූවක් වන අතර එහි ‍ඓතිහාසික පළමු ප්‍රාදේශීය සභා සභාපති මේ මොහොතේ ඉන්නේ රිමාන්ඩ් භාරයේ ය. හේතුව මෙසේ ය: රජයට අයත් ධීවර සංස්ථාවේ මාළු ලොරියක් බදුරලිය නගරයේ ඉරිදා පොළේ වෙළඳාම් කරමින් සිටන විට පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම අයකු වන මෙම පුද්...