“ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” හෙවත් ජනාධිපතිගේ ඉංග්‍රීසි ශාන්තිකර්මය
(2010 ජුලි 20, W3Lanka) ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙහෙයවන ලද “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” වැඩසටහනට වසරක් සපිරීම වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ.
මෙය අපූරු වැඩසටහනකි. ලංකාවේ සිසු දරු දැරියන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පවතින සියලු වැඩසටහන් සහ ආයතන අප්සෙට් බව හිටි ගමන් ජාතියේ ආඩම්බරකාර තාත්තාට හා ඔහුට උපදෙස් දෙන සුනිමල් ප්‍රනාන්දුට අවබෝධ වේ. මෙහි ඇත්තක් ද තිබේ. එහෙත්, ඉංග්‍රීසි භාෂාවට මෙන් ම සිංහල භාෂාවට ද මෙකී කරුණ අදාළ විය යුතු ය. එහෙම නැතිනම්, රටේ බහුතරය වන සිංහල කතා කරන මිනිසුන්ට මීට වඩා හොඳින් තමන්ගේ මව් බස වන සිංහල බස පරිහරණය කිරීමට පුළුවන් විය යුතු ය. ගණිතය ඉගැන්වීම සම්බන්ධයෙන් ද එය එසේ ම ය. නැතිනම්, සාමාන්‍ය පෙළ විභාගයේදී දෙකෙන් පංගුවකට වඩා සිසුන් ඒ විෂය අසමත් වන්නේ නැත.
එහෙත්, ඒ කිසිදු විෂයක් වෙනුවෙන් නොමැති කාර්ය සාධක බලකායක් ඉංග්‍රීසි වෙනුවෙන් ඇත. “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” නම් අලුත් වැඩසටහනක් ද ඇත. ඒ කියන්නේ මෙතෙක් ඉංග්‍රීසි උගන්වා තිබෙන්නේ ජීවන කුසලතාවක් ලෙස නොවේ.
ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි වැඩසටහ ක්‍රියාත්මක වන්නේ මෙසේ ය. රට පුරා ගුරුවරුන් 80ක් තෝරාගෙන ඔවුන් හයිද්‍රාබාද්හි ජාත්‍යන්තර භාෂා විශ්වවිද්‍යාලයට යවා පුහුණුකරුවන් ලෙස පුහුණු කරන ලදී. මක් නිසාද යත්, ලංකාවේ මේ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා දැනුම තිබෙන පුහුණුකරුවන් නොමැති බැවිනි. ඉන් පසු මෙකී පුහුණුකරුවන් විසින් හයිද්‍රාබාදයෙන් ලබා ගත් අසම සම දැනුමෙන් තවත් සහාය පුහුණුකරුවන් 320ක් පුහුණු කරන ලදී. ඉන් පසු මෙම පුහුණුකරුවන් විසින් දැනට ලංකාවේ රජයේ පාසල්වල සමස්ත ගුරු කේඩරය වන 22,500න් සියයට හැටක් පුහුණු කර ඇත..
මේ පුහුණුව කෙරෙන්නේ දින දහයක වැඩසටහනකිනි. සහභාගි වන ගුරුවරුන්ට දිනකට රු. 200ක් ගෙවනු ලැබේ. මෙය මාර වැඩසටහනක් යයි එය මෙහෙයවන අය පුන පුනා කීවාට එහිදී කෙරෙන්නේ භාෂා ක්‍රීඩා ටිකක් ඉගැන්වීම හා ගුරුවරුන්ට කතා කරන්නට පුහුණු කරවීමේ කතා පැවැත්වීම් වැනි සාමාන්‍ය ක්‍රියාකාරකම් ටිකකි. ඉංග්‍රීසි භාෂාව පරිහරණය ඉතා සීමිත වූ හද්දා පිටිසර ගම්වල වසර ගණන් ඉංග්‍රීසි උගන්වා කතා කිරීම අමතක වී ගිය ඇතැම් ගුරුවරුන්ට සිය කඩුව මුවහත් කර ගැනීමට මෙය මහත් ප්‍රයෝජනවත් බව නම් කිව යුතු ය.
ඉන් පසු මෙම ගුරුවරුන් හරහා ඔවුන් උගන්වන පාසල්වල සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීම පුහුණු කරවනු ලැබේ. එහිදී ගුරුවරුන් ඇත්තෙන් ම කරන්නේ තමන් උගත් භාෂා ක්‍රීඩා සිසුන් සමග කිරීමයි. එය ද නරක නැත.
යම් භාෂාවක් කතා කිරීමට පුද්ගලයකුට හැකි වන්නේ එම භාෂාවේ මූලික ව්‍යාකරණ, භාෂා රටා හා යම් වාක්කෝෂයක් ග්‍රහණය කර ගැනීමත් සමගයි. ලංකාවේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගෙන් හා පොදුවේ රටේ මිනිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි කතා කිරීමට බැරිව තිබෙන්නේ මේ හේතුව නිසා ය. එහෙත්, ජනාධිපති කාර්ය සාධක බලකායේ “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” වැඩසටහන මෙම යථාර්ථය කරගෙන ඇති බවක් නො පෙනේ.
ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඇති යාන්ත්‍රණය අප්සෙට් බව ඇත්ත ය. එහෙත්, එය මුළුමනින් ම වැඩකට නැති එකක් නොවේ.
ජනාධිපතිතුමාට මේ ලෝකේ පවතින විද්‍යාවන්ට හසු නො වන විශ්වකර්ම දැනුමක් සහිත එළියන්ත වයිට් වැනි ජීවකයන් සිටින බව ඇත්ත ය. ඉංග්‍රීසි උපදේශක සුනිමල් ප්‍රනාන්දු ද එවැනි විශ්වකර්මයකු වන්නට ඇත.
එහෙත්, ජනාධිපති වැය ශීර්ෂයේ අනුහසින්, දැනට පවත්නා ඉංග්‍රීසි ඉගැන්වීමේ යාන්ත්‍රණයට ඉහළින් පාත් වන තරම් ලේසියෙන් ජාතියට ඉංග්‍රීසි ඉගැන්වීම නම් කළ නො හැකි ය. ජනාධිපති විසින් කළ යුතුව තිබෙන්නේ සුදුසු විද්වතුන් හරහා පවත්නා ඉංග්‍රිසි ඉගැන්වීමේ යාන්ත්‍රණයට නායකත්වය දී එහි ඵලදායිතාව ඉහළ නැංවීම මිස වෙන ම කාර්ය සාධක බලකා හදා තනිව වැඩ පෙන්වන්නට යාම නොවේ.
එසේ ම එය කළ හැක්කක් ද නොවේ. නිදසුනක් ලෙස, විෂය නිර්දේශ හා පාසල් පෙළ පොත් සම්පාදන ක්‍රියාවලිය ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට බලපාන ප්‍රබල සාධකයකි. එයට මැදිහත් වන්නේ නැතිව මෙම ගැටලුවට විසඳුම් සෙවිය නො හැකි ය.
මෙකී කරුණු සම්බන්ධයෙන් දන්නා කියන විද්වතුන් විශාල පිරිසක් ලංකාවේ ඇත. හදිසියේ පහළ වූ ඉංග්‍රීසි ජීවකයන් හා හයිද්‍රාබාද් පිළියම් යනු මේ සමස්ත යාන්ත්‍රණයකට පිටින් කරන්නට යන අමුතු ගුරුකමකි.
මේ ගුරුකම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය භාවිතා කර "ඒක නම් මාර වැඩක්" යන ප්‍රොපගැන්ඩාමය කතිකාව නඩත්තු කළ හැකි ය. එහෙත්, යටි තලයේ කිසිදු ඵලදායී වෙනසක් සිදු නො වන බව බිම් මට්ටමේ සිටින ජනයා දනිති.
You may also like to read our English blog Lanka Polity

This comment has been removed by a blog administrator.
ReplyDeleteකාටද බලමු හොදට ඉංග්‍රිසි කොටන්න පුලුවන් :) :)
ReplyDeleteකරුණාකර අසභ්ය ප්රකාශ නො කරන්න
ReplyDeleteමමත් මෙ වැඩසටහනට සහභාගි උන ඉංග්‍රීසි ගුරුවරියක්. කිසිම වැඩකට නැති වැඩසටහනක්. දවස් 10ක් කාලය අපරාදෙ. සහ දරුවන්ට ඉගැන්වීමට තිබු දින 10ක් නැති වීමක් පමනයි. සමාවෙන්න මෙතන් පටන් ලංකවේ ඉංග්‍රීසිය යන්න "කඩුව" නොවේ. මෙම වැඩසටහනේ දි එය "කැත්ත" වේ. කඩුව එංගලන්තයේ බැවින් ලංකාවෙ අපට ඉංග්‍රීසියෙන් කොටන්නට මෙහිදි අපට ලංකාවෙ කැත්තක් ලැබේ. එයින් කොටන්නට යැයි අපිට කියයි. අපි කොටමු. කෙටුවේ නැත්නම් කණ්ඩායම් සමීක්ෂන දිනයට කණ පිරෙන්නට අසා ගැනීමට සිදු වේ. දින 10ක් බයිලා ගසා අද අපට ළමයින් සමග සෙල්ලම් කිරීමට කියයි. අපි එයද කරමු.පාලකයන් සීත කාමර වල සිට සැලසුම් කරන දේ අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුය. එහි අමරුව දන්නේ ද අසරණ ගුරුවරයා පමණි. වැටත් නියරත් ගොයම කන කල ගුරුවරු වන අපි බලා සිටිමු. මේ නාඩගම් අවසන් වී නිසි ලෙස සිසුන්ට දැනුම ලබා දෙන මාර්ගයක් සදා දෙන තුරු අපි බලා සිටිමු.
ReplyDelete