Posts

Showing posts with the label ඉංග්‍රීසි අධ්‍යාපනය

සුන්දර ඉංගිරිසි - එලටියුසන්

Image
ඉංග්‍රීසි උෟරුවට සිංහල කතා කරන අනර්කලී "මේ දුව එලටියුෂන් පංති යන්නේ නැද්ද?" පසුගිය දිනෙක එක් ආච්චි අම්මා කෙනෙක් මගේ දුව පෙන්වා ඇසුවා. අපේ රටේ පැතිරී යන තවත් රැල්ලක් තමයි මේ එලකියුෂන් කියන ජාතිය. ලෝකයේ මෙහෙම ජාතියක් තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. ඇත්තෙන් ම මේ මොකක් ද? දෙමව්පියෝ ඔහේ රැල්ලට මේ පන්තිවලට ළමයින් යවනවා. ඒවායේ උගන්වන්නේ එංගලන්තයේ ඇතැම් මධ්‍යම පංතිකයන් ඉංග්‍රීසි කතා කරන විදිය හා නාට්‍යවලදී හා කතා පැවැත්වීමේදී ඉංග්‍රීසි උච්චාරණය කරන එක් විධියක්. සිංහල කතාවට දිව හැඩගැසී තිබෙන අපේ රටේ ළමයි, මේ විධියට ඉංග්‍රීසි උසුරුවන්නට යාමෙන් එක්තරා විධියක විහිළු ස්වභාවයක් නිර්මානය වෙලා. විශේෂයෙන් ම වැරදි ව්‍යාකරණ සහිත වාක්‍ය එලකිරි එලකියුෂන්වලින් කතා කරන ආකාරය නම් ඇත්තෙන් ම නියම විහිළුවක්. වරක් මම එක්තරා යුනෙස්කෝ සමුළුවකට සහභාගි වුණා. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 26ක නියෝජිතයෝ මෙයට සහභාගි වුණා. ඔවුන් සියලු දෙනා කතා කළේ ඉංග්‍රීසි. ඒත්, උච්චාරණ විධි 26ක් එහි තිබුණා. ඉංග්‍රීසි ලෝකයේ ප්‍රධාන ම ජාත්‍යන්තර භාෂාව බවට පත් වී තිබෙන්නේ මෙන්න මේ සුන්දරත්වය නිසායි. ඉන්දීය ජාතිකයන් ඉං...

ඉංගිරිසි ගැරඬියාට භූමිතෙල් ගැසීම

Image
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි කථන හැකියාවන්ට ලකුණු දීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නට අධ්‍යාපන අමාත්‍යංශයට සිදු වී තිබේ.. එය කරන්නට යන්නේ එක්තරා ඉංග්‍රීසි කේවට්ටයකුගේ උවමනාව මත ය. ඉංග්‍රීසිය දකින විට භූමිතෙල් ගැසූ ගැරඬියාගේ භූමිකාව රඟපෑම භාර ගන්නා ජවිපෙට ද පෙර දැන් ආණ්ඩුවේ ම අය විරුද්ධ පක්ෂ භූමිකාව භාර ගෙන ඇති බව අද දිවයිනේ මුල් පුවත කියැවූ විට පෙනේ. බස්නාහිර පළාතේ පවා ඉංග්‍රීසි ගුරුවරු නොමැති පාසල් 332ක් ඇති බව ද, රට පුරා පාසල් 691ක ඉංග්‍රීසි ගුරුවරු නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් පිරිසක් විසින් පුවත්පතට ලබා දී ඇති ජනාධිපති කාර්යාලයේ මහජන සමීක්‍ෂණ හා පර්යේෂණ ඒකකය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල විසින් පෙන්නුම් කෙරේ.  ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව සියවසක සිට එක ම භූමිකාවක් රඟපාමින් සිටියි. ඒ වනාහි ඉංගිරිසියට වඳිමින්, පුදමින්, බැන අඬගැසීමයි. නව සහස්‍රකය උදා වන තෙක් මේ රට පාලනය කළේ ඉංගිරිසිය මව් බස ලෙස සැලකූ පංතියක් විසිනි. දැන් පාලකයෝ චතුර ලෙස ඉංග්‍රීසියෙන් අදහස් ප්‍රකාශ කිරීමේ සමත්තු නොවෙති. රටේ ජනතාවට ඇති ඉංගිරිසි අහේනිය දැන් පාලකයන්ට...

ඉංගිරිසි අජීර්ණයට ඇමති ඩලස් එංගලන්තයෙන් ගෙනා බෙහෙත හා පශ්චාත් යටත් විජිත සිංහලයන්ගේ ශ්‍රී ලංකන් ඉංග්ලිෂ්

Image
සිංහල ජාතියේ පිනට පහළ වූ ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම ලංකාවේ ඉංගිරිසි අජීර්ණයට බෙහෙතක් එංගලන්තයෙන් ගෙන්වා තිබේ. මහ ඉහළින් ප්‍රචාරය කරමින් එසේ ගෙන්වන්නට යන්නේ එංගන්තයේ ගුරු පුහුණුව ලබමින් සිටින සිසුන් පිරිසකි. ඔවුන් ස්වේච්ඡාවෙන් මෙහි ඉංග්‍රීසි උගන්වන බව ආණ්ඩුව කියන මුත් ඇත්තනේම ඔවුන් කරන්නේ සිය පුහුණුවේ ප්‍රායෝගික කොටසකි. එසේ පැමිණ කරන සේවය අගය කළ යුතු ය. එහෙත් සුද්දන් වන්දනා කරන්නන් ඒ ගැන කරන ප්‍රචාර ජාතික වශයෙන් අවමන් සහගත ය.  ඩලස් අලහප්පෙරුම වැනි ඇමතිවරුන් තවමත් සිතාගෙන ඉන්නේ ඉංග්‍රීසි එංගන්තේ සුද්දන්ගේ භාෂාව වන නිසා ලංකාවේ කොයි කාටත් වඩා එංගලන්තේ සිඟන්නෝ පවා ඉංග්‍රීසි දන්නවා ය කියා වන්නට පුළුවන. ලංකාවේ සිංහල ජාතිකවාදීන්ට ඉංග්‍රීසි පිළිබඳ ඇත්තේ පැරණි යටත් විජිත මානසිකත්වයම ය. ජාතිකවාදීන්ට පමණක් නොව මාක්ස්වාදීන්ට ද තත්වය එසේ ම ය. ලේඛකයා එක්තරා අති වාමාංශික කණ්ඩායමක ක්‍රියාකාරීව සිටියදී ලද අත්දැකීමක් මෙසේ ය. කිසියම් ප්‍රශ්නයක් අරභයා තානාපති කාර්යාලවලට යැවීමට ලියුමක් සැකසීමේ තීරණයක් එම කණ්ඩායම විසින් ගනු ලැබූ අතර ලේඛකයාට එය සැකසීම පැවරිණි. ලේඛකයා එය සැකසූ අතර කණ්ඩායමේ අස...

“ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” හෙවත් ජනාධිපතිගේ ඉංග්‍රීසි ශාන්තිකර්මය

Image
(2010 ජුලි 20,  W3Lanka )  ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙහෙයවන ලද “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” වැඩසටහනට වසරක් සපිරීම වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරයක් මේ දිනවල ගෙන යමින් තිබේ. මෙය අපූරු වැඩසටහනකි. ලංකාවේ සිසු දරු දැරියන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පවතින සියලු වැඩසටහන් සහ ආයතන අප්සෙට් බව හිටි ගමන් ජාතියේ ආඩම්බරකාර තාත්තාට හා ඔහුට උපදෙස් දෙන සුනිමල් ප්‍රනාන්දුට අවබෝධ වේ. මෙහි ඇත්තක් ද තිබේ. එහෙත්, ඉංග්‍රීසි භාෂාවට මෙන් ම සිංහල භාෂාවට ද මෙකී කරුණ අදාළ විය යුතු ය. එහෙම නැතිනම්, රටේ බහුතරය වන සිංහල කතා කරන මිනිසුන්ට මීට වඩා හොඳින් තමන්ගේ මව් බස වන සිංහල බස පරිහරණය කිරීමට පුළුවන් විය යුතු ය. ගණිතය ඉගැන්වීම සම්බන්ධයෙන් ද එය එසේ ම ය. නැතිනම්, සාමාන්‍ය පෙළ විභාගයේදී දෙකෙන් පංගුවකට වඩා සිසුන් ඒ විෂය අසමත් වන්නේ නැත. එහෙත්, ඒ කිසිදු විෂයක් වෙනුවෙන් නොමැති කාර්ය සාධක බලකායක් ඉංග්‍රීසි වෙනුවෙන් ඇත. “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” නම් අලුත් වැඩසටහනක් ද ඇත. ඒ කියන්නේ මෙතෙක් ඉංග්‍රීසි උගන්වා තිබෙන්නේ ජීවන කුසලතාවක් ලෙස නොවේ. ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍ර...