හෝර්ටන් තැන්නේ හීන් උනහපුළුවා | The Horton Plains slender loris

(2010 ජුලි 19, W3Lankaහෝර්ටන් තැන්නේ හීන් උනහපුළුවා (The Horton Plains slender loris) නම් වන මෙම ජීවියා වනාන්තර එළිපෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වඳ වී ගියේ යයි වසර 60ක් පුරා සැලකුණ, එහෙත් සියයකට අඩු ගණනක් තවමත් මෙරට ජිවත් වන බැව මෑතදී කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇති, ලොව වඳ වී යාමේ තර්ජනයට වැඩි ම තර්ජනයට ලක් වී ඇති ජීවීන් පස්දෙනාගෙන් කෙනෙකි. 


2002දී 60 වසරකට පසු මුල් වරට දකින ලද මෙම සත්වයාගේ පළමු ඡායාරූප දැන් ලන්ඩන් සත්ව විද්‍යා සමාජය සතුව ඇත. 


මෙම දුලබ ඡායාරූප ලබාගෙන ඇත්තේ රාත්‍රී මුර දහසකට වඩා වනාන්තර ප්‍රදේශ 120ක පමණ නිරීක්ෂණයේ යෙදුණු ශ්‍රී ලාංකික පර්යේෂකයන් විසින් මධ්‍යම කඳුකරයේදී බව බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත් පවසයි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා