බස් එකෙන් යන ලංකාවේ ඇමතිවරු

(2010 ජුලි 28, W3Lankaප්‍රවාහන ඇමතිවරු සාමාන්‍යයෙන් මෙවැනි ඡායාරූප ගනිති. ඒවා ඒගොල්ලන්ගේ ඇල්බම්වලට හොඳ ය. තමන් ජනතාව සමග සිටි බව කියන්නට පුළුවන.


ඇමතිවරු එති. යති.ලොකු කතා කියති. 


එහෙත් ජනතාවට නම් පොදු ප්‍රවාහනය එතැන ම ය. ඔවුහු හැමදාමත් මේ පොලුවල වවුලන් සේ එල්ලී යති. 


ඇමතිවරුන්ට කවදාවත් කරන්නට බැරි වුණ, නමුත් හැමදාමත් පොරොන්දු වුණ සාමාන්‍ය දේ කීපයක් මෙසේ ය. 


බස්වල අධික ලෙස සෙනග පැටවීම තහනම් කිරීම.
දුම්රිය ප්‍රමාදය වැළැක්වීම.
සුඛෝපභෝගී යයි කියන බස්වල හිටගෙන මගීන් ගෙන යාම නැවැත්වීම.
බස්වල ටිකට් දීම අනිවාර්ය කිරීම.
කෙටීම හා රේස් යාම නැවැත්වීම.
බස් නැවතුම්පොළවල් කසල ගොඩවල් වීම වැළැක්වීම හෙවත් සරළව කීවොත් අතුගෑම.
කොන්දොස්තරලා නෑවීම (රියදුරන් ද නාන්නේ අඩුවෙනි. එහෙත් ඔවුන් මගීන්ගේ ඇඟවල්වල තැවරි, තැවරී සෙනග අස්සෙන් රිංගා නො යන නිසා ප්‍රශ්නයක නැත.) 


කුමාර් වෙල්ගම ඇමතිට බැරි වූ එක් විශේෂ වැඩක් මෙසේ ය:
තමන්ගේ ගම වන මතුගමට ධාවනය වන තමන්ගේ ද බස් ඇතුළත් මතුගම - කොළඹ බස් සේවයට හරි හමන් බස් නැවතුමක් පිටකොටුවෙන් ලබා දීම. 


එතුමාට පුළුවන් වූ එක් වැඩක්: 
ඩලස් ඇමතිගේ කාලයේ හැදූ බැස්ටියන් මාවතේ බස් නැවතුම හදා නිම වන්නත් පෙර කඩා වැටීම ආරම්භ කිරීම. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. වෙල්ගමගෙ පිටිපස්සෙන් ඉන්න යෝධය සෙට් වෙන්නෙ "ජැකකට"ද මන්දා...."ජැක වදියිද?....බැසිල්ගෙ පිටිපස්සෙ ඉන්න මහත යොධයත් සෙට් වෙන්නෙ ජැකකට තමයි...හික්...හික්...හික්...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා