Posts

Showing posts with the label දුම්රිය

රාගම දුම්රිය සිද්ධියෙන් ප්‍ර‍කාශ වන පොදු ප්‍ර‍වාහනයේ දැවෙන ප්‍ර‍ශ්නයට වහා විසඳුම් දෙනු!

Image
කලුතර නගරයෙන් උදේ හයහමාරට පටන් ගත් විට කාර්යාල වේලාවේදී දුම්රිය පෙළක් ම වැල නො කැඩී කොළඹ දෙසට ඇදෙයි. සවස ද හතරහමාරට පමණ පටන් ගත් විට දුම්රිය වැලක් මුහුදුබඩ දුම්රිය මාර්ගය දිගේ ධාවනය වේ. මේ දුම්රිය එන්නේ එකක් පසුපස එකක් ලෙස ය. මෙම තත්වය සෙසු දුම්රිය මාර්ගවල ද මෙසේ ම ය. දුම්රිය රියදුරෝ මහත් වගකීමකින් යුතුව ධාවනය කරති. දුම්රිය දෙපාර්තමේන්තුව දවසකට මගීන් 165,000ක් කොළඹට ගෙන එයි. ( කොළඹ ට්‍රැෆික් විස්තර මෙතැනින් ) මම දුම්රියේ එන්නේ එය ඉතා ඉක්මණින් කොළඹට ළඟා වන නිසා ය. ශීඝ්‍රගාමී දුම්රියක් සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකදී කලුතර සිට කොළඹට ළඟා වෙයි. බසයක් ඒ වෙනුවෙන් පැය එකහමාරකට වැඩි කාලයක් ගනියි. මා ගමන් කරන්නේ දෙවන පංතියේ ය. ඒ වාඩි වී යා හැකි නිසා නොව ටිකක් තදබද වී හිටගෙන යා හැකි නිසා ය. තුන්වන පංතිය යනු තනිකර පොල් ලොරියකි. දෙවෙනි පංතිය කියා වැඩි වෙනසක් නැත. මේ පොදු ප්‍රවාහන සේවාවල තත්වයයි. මෙවර අයවැයෙන් ද පොදු ප්‍රවාහනය දියුණු කිරීම සඳහා කිසිදු හරවත් යෝජනාවක් කර නැත. වැදගත් අලුත් ආයෝජන ද නැත. මෙය අයවැයෙහි තිබෙන ලොකුම ගැටලුවකි. මෙයට හේතුව වැඩකට නැති නිදිමතයෙක් ප්‍රවාහන ඇමති වීමය...

මැයි දිනේටත් කම්කරුවෝ නිල් පාටයි

Image
මේ සටහන අපගේ ෆේස්බුක් මිතුරකු විසින් තබන ලද එකකි. ඔහු මෙය පළ කරනවාට අකැමැති වන්නට පුළුවන් නිසා එහි වගකීම භාර ගනිමින් නිර්නාමිකව නැවත පළ කරමි. මෙමගින් ලංකාවේ කම්කරු පංතිය ගැන යම් අදහසක් ලබා ගත හැකි ය. මේ උද්ඝෝෂණය කළේ කවුදැයි පළමුව විමසිය යුතුය. ඒ "ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදේශක කම්කරුවන්" පිරිසකි. මගේ දැනුමේ හැටියට නම් ආදේශක හෙවත් අනියම් කම්කරුවන් යනු තාවකාලික හෙවත් හුදු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගන්නා පිරිසකි. ඔවුන් අදාළ තනතුරේ ස්ථිර කිරීමට හෝ, වෙනත් නිලයක් ලබාදීමට හෝ සේවායෝජකයා බැදී නොසිටී. කොහොමත් පාඩු ලබන ලංකා දුම්රිය සේවයට මේ මොහොතේ තවත් අලුතින් සේවකයන් බඳවා ගන්නවා යනු කොහෙත්ම කළ නොහැකි මෙන්ම කළ නොයුතු වැඩක් ද වෙයි. මේ සේවකයන් බඳවාගන්නා ලද්දේ කොන්ත්‍රාත් පදනම මත බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පවා ඔවුන් සිය නිලය ස්ථිර කරන ලෙස උද්ඝෝෂණය කිරීමේ මොනම සාධාරණත්වයක් වත් මට නම් පෙනෙන්නේ නැත. ආණ්ඩුව යනු පිනට රස්සාවල් දෙන දන්සලක් නොවේ. එහෙම වුණු කාලවල් ද තියෙන්නට ඇත. එහෙත් ආණ්ඩුව යනු රැකියා නැත්තවුන්ට නිකං කන්න බොන්න දෙන දන්සැලක් නොවේ; එසේ විය යුතු ද නැත. රස්සාවක් නැ...

ලංකාවේ දුම්රිය වීරයා විජය සමරසිංහ / Sri Lanka's railway hero Wijaya Samarasinghe

Image
දෙමටගොඩ දුම්රිය ස්ථානය  දුම්රිය අධ්‍යක්‍ෂ (සැලසුම්) විජය සමරසිංහ ගැන ඔබ දන්නවා ද? සුද්දන්ගෙන් පසු ලංකාවේ දුම්රිය සේවයට වැඩි ම සේවයක් කළ තැනැත්තා ඔහු ය. ඔහු ජනමාධ්‍ය සමග එක් වී මේ වන විට රට පුරා දුම්රිය මාර්ග විශාල ප්‍රමාණයක් ඉදි කරමින් සිටියි. ඔබ නො දන්නවා වුණාට මේ වන විට මාතර සිට කතරගතමට ගිය දුම්රිය මාර්ගය මඩකලපුව දක්වා දික් වෙමින් තිබේ. "මාතර සිට මඩකලපුව දක්‌වා නව දුම්රිය මාර්ගයක්‌ ළඟදීම ඉදිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය අධ්‍යක්‍ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා "දිවයින"ට පැවසීය. මෙම දුම්රිය මාර්ගය මාතර, බෙලිඅත්ත, හම්බන්තොට, මොනරාගල, අම්පාර, ඔලුවිල් හරහා මඩකලපුව දක්‌වා ඉදිකෙරෙන බවද විජය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. මේ සඳහා යන වියදම දැන් ඇස්‌තමේන්තු කරගෙන යන අතර ලබන වසරේ මුල් භාගයේදී මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඇරැඹෙයි." (අද දිවයින) තවත් දුම්රිය මාර්ග රැසක් ඔහුගේ අතේ රෝල් වෙමින් තිබේ. ඒවා නම්, "පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය ස...

ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙනු! / Sri Lanka Minister of Transport should resign

Image
දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියදුරකු හා රිය සහායකයකු ද, නැරඹුම් මැදිරියක සිටි විදෙස් සංචාරකයකු ද මිය ගිය, තවත් සැලකිය යුතු පිරිසක් මිය ගිය අලව්ව දුම්රිය අනතුරෙන් දළ වශයෙන් රු. මිලියන 750ක පමණ ආර්ථික අලාභයක් ද, සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ද සිදු වී තිබේ.  හේතු කොහොම සොයා බැලුවත්‍ මෙම අනතුරේ වගකීමෙන් මිදීමට රජයට බැරි ය. ලජ්ජාවක් ඇත්නම් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතු ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

බස් එකෙන් යන ලංකාවේ ඇමතිවරු

Image
(2010 ජුලි 28,  W3Lanka )  ප්‍රවාහන ඇමතිවරු සාමාන්‍යයෙන් මෙවැනි ඡායාරූප ගනිති. ඒවා ඒගොල්ලන්ගේ ඇල්බම්වලට හොඳ ය. තමන් ජනතාව සමග සිටි බව කියන්නට පුළුවන. ඇමතිවරු එති. යති.ලොකු කතා කියති.  එහෙත් ජනතාවට නම් පොදු ප්‍රවාහනය එතැන ම ය. ඔවුහු හැමදාමත් මේ පොලුවල වවුලන් සේ එල්ලී යති.  ඇමතිවරුන්ට කවදාවත් කරන්නට බැරි වුණ, නමුත් හැමදාමත් පොරොන්දු වුණ සාමාන්‍ය දේ කීපයක් මෙසේ ය.  බස්වල අධික ලෙස සෙනග පැටවීම තහනම් කිරීම. දුම්රිය ප්‍රමාදය වැළැක්වීම. සුඛෝපභෝගී යයි කියන බස්වල හිටගෙන මගීන් ගෙන යාම නැවැත්වීම. බස්වල ටිකට් දීම අනිවාර්ය කිරීම. කෙටීම හා රේස් යාම නැවැත්වීම. බස් නැවතුම්පොළවල් කසල ගොඩවල් වීම වැළැක්වීම හෙවත් සරළව කීවොත් අතුගෑම. කොන්දොස්තරලා නෑවීම (රියදුරන් ද නාන්නේ අඩුවෙනි. එහෙත් ඔවුන් මගීන්ගේ ඇඟවල්වල තැවරි, තැවරී සෙනග අස්සෙන් රිංගා නො යන නිසා ප්‍රශ්නයක නැත.)  කුමාර් වෙල්ගම ඇමතිට බැරි වූ එක් විශේෂ වැඩක් මෙසේ ය: තමන්ගේ ගම වන මතුගමට ධාවනය වන තමන්ගේ ද බස් ඇතුළත් මතුගම - කොළඹ බස් සේවයට හරි හමන් බස් නැවතුමක් පිටකොටුවෙන් ලබා දීම.  එතුමාට පුළුවන් වූ ...