Posts

Showing posts with the label කුමාර් වෙල්ගම

රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහින්ද ව්‍යාපාරය නවත්වනු!

Image
ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ ‍සභපාති මේජර් නිස්සංක සේනාධිපති විසින් දැන් සති කීපයක් තිස්සේ ඉරිදා පුවත්පත්වල දැවැන්ත දැන්වීම් පළ කරමින් කරන්නට උත්සාහ කරන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම වැදගත් ය.  නිදසුනක් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතේ පිටු දෙකක් පුරා දැන්වීම් පළ වේ. ඒවායින් කියැවෙන්නේ නිස්සංක සේනාධිපති රණවිරු පවුල්වලට අත දිග හැර උපකාර කළ දෙයියෙක් බවයි.  මේ දැන්වීම් පළ කරන්නේ ඇවන්ට්ගාඩ් සුරැකීම සඳහා වූ සංවිධානයක් විසිනි. සිකියුරිටි කොම්පැනියක් ආරක්ෂා කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් බිහි වී තිබේ නම් එය ලොව පළමු එවැනි ව්‍යපාරය විය යුතු ය.  ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන දැන් විමර්ශන සිදු වෙමින් තිබේ. එහි දැවැන්ත වංචාවක් සිදු වී ඇති බව පෙනේ. මූලික ප්‍රශ්න කීපයක් තිබේ.  නාවික හමුදාවට ලැබිය හැකිව තිබුණු ලාභයක් පෞද්ගලික සමාගමකට ලබා දීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද?  එම පෞද්ගලික සමාගම මෙම කාර්යය සඳහා තෝරා ගත් විනිවිදභාවය කුමක් ද?  එම පෞද්ගලික සමාගමට අයත් දේපල ආරක්ෂාවට නාවික හමුදාව යෙදවූ පදනම කුමක් ද? නාවික හමුදාවට අයත් ගිනි අවි එම පෞද්ගලික සමාගමට ලබා දුන්නේ කෙසේ ද...

බස් එකෙන් යන ලංකාවේ ඇමතිවරු

Image
(2010 ජුලි 28,  W3Lanka )  ප්‍රවාහන ඇමතිවරු සාමාන්‍යයෙන් මෙවැනි ඡායාරූප ගනිති. ඒවා ඒගොල්ලන්ගේ ඇල්බම්වලට හොඳ ය. තමන් ජනතාව සමග සිටි බව කියන්නට පුළුවන. ඇමතිවරු එති. යති.ලොකු කතා කියති.  එහෙත් ජනතාවට නම් පොදු ප්‍රවාහනය එතැන ම ය. ඔවුහු හැමදාමත් මේ පොලුවල වවුලන් සේ එල්ලී යති.  ඇමතිවරුන්ට කවදාවත් කරන්නට බැරි වුණ, නමුත් හැමදාමත් පොරොන්දු වුණ සාමාන්‍ය දේ කීපයක් මෙසේ ය.  බස්වල අධික ලෙස සෙනග පැටවීම තහනම් කිරීම. දුම්රිය ප්‍රමාදය වැළැක්වීම. සුඛෝපභෝගී යයි කියන බස්වල හිටගෙන මගීන් ගෙන යාම නැවැත්වීම. බස්වල ටිකට් දීම අනිවාර්ය කිරීම. කෙටීම හා රේස් යාම නැවැත්වීම. බස් නැවතුම්පොළවල් කසල ගොඩවල් වීම වැළැක්වීම හෙවත් සරළව කීවොත් අතුගෑම. කොන්දොස්තරලා නෑවීම (රියදුරන් ද නාන්නේ අඩුවෙනි. එහෙත් ඔවුන් මගීන්ගේ ඇඟවල්වල තැවරි, තැවරී සෙනග අස්සෙන් රිංගා නො යන නිසා ප්‍රශ්නයක නැත.)  කුමාර් වෙල්ගම ඇමතිට බැරි වූ එක් විශේෂ වැඩක් මෙසේ ය: තමන්ගේ ගම වන මතුගමට ධාවනය වන තමන්ගේ ද බස් ඇතුළත් මතුගම - කොළඹ බස් සේවයට හරි හමන් බස් නැවතුමක් පිටකොටුවෙන් ලබා දීම.  එතුමාට පුළුවන් වූ ...

2009 ලංගම බසයක් දුවන්නේ දිනකට කිලෝමීටර 1/2යි; ආදායම රු. 20යි; 13කට පඩි

Image
(2010 ජුනි 19,  W3Lanka )  පසුගිය දිනෙක මෙම ලේඛකයා සවස 7.30ට පමණ සිය ගම් ප්‍රදේශය බලා දිවෙන ප්‍රධාන මාර්ගයක මෝටර් සයිකලයෙන් යමින් සිටියදී බස් නැති නිසා පයින් යමින් සිටි ගම් වැසියකු දැක 'ලිෆ්ට්' එකක් දුන්නේ ය. යන අතරමගදී ලේඛකයා අර ගම්වැසියා කරන රැකියාව විමසී ය. ඔහු කීවේ දැන් ඔහු වැඩ කරන්නේ ලංගම රත්මලාන ඩිපෝවේ බවයි. ඔහු රැකියාවට දමා තිබුණේ එම ප්‍රදේශය නියෝජනය කරන වත්මන් ප්‍රවාහන ඇමතිවරයා විසිනි.  මෙම පුද්ගලයා නිසි අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් ලැබූවකු නොවන බව දැන සිටි හෙයින් ඔහුගේ තනතුර කුමක්දැයි ලේඛකයා  ඇසී ය. "මම මිකැනික්," යි ඔහු කීවේ ය. ඔහු කිසියම් මෝටර් කාර්මික පුහුණුවක් ලබා තිබේදැයි ඇසූ කල ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නයි. මේ අපේ රටේ සාමාන්‍ය ජනයාගේ මිහින් ලංකාව වන ලංගම කාර්මිකයකුගේ තත්වයයි.  ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක ම පවසන පරිදි ලංගම එක් බසයකින් සේවකයෝ 13ක් පඩි කති. (අද සිළුමිණ බලන්න) එහෙත් තිබෙන බව කියන බස් 5500 දුවවන්නට රියදුරෝ, කොන්දොස්තරු නැත. අලුත්වැඩියා කටයුතු සඳහා කාර්මිකයෝ නැත. ඉන්න තරමක් ඉන්නේ ආරක්ෂක නිලධාරීහු හා ලිපිකරුවෝ ය. ...

පාක් ඇන්ඩ් රයිඩ් නොදත් ලංකාවේ බිස්නස් ක්ලාස් එක | Sri Lanka's business class and 'Park and Ride'

Image
(2010 මැයි 13 -  W3Lanka )  'අනේ ලංකාවෙ බිස්නස් ක්ලාස් එක දන්න පාක් ඇන් රයිඩ්' යන මැයෙන් සටහනක් අප තැබුවේ 2009 සැප්තැම්බර් 23දා ය. අපි එහි මෙසේ ලියුවෙමු. පාක් ඇන් රයිඩ් සාර්ථක නොවන්නට ප්‍රධාන හේතුව අපේ රටේ ඉහළ මධ්‍යම පංතියට හා ධනපති පංතියට සංස්කෘතියක් නැතිකමයි. ප්‍රධාන වශයෙන් ම ජනතා දේපල මංකොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් තර වන මෙම සමාජ තීරයේ අයට ඇත්තේ පුළුවන් තරම් පරිභෝජනය කිරීමේ බඩජාරි සංස්කෘතියක් බව කාටත් වඩා හොඳින් දන්නේ මෙම සංකල්ප හඳුන්වා දෙන දේශපාලකයන්ය.පාක් ඇන් රයිඩ් වෙතින් බලාපොරොත්තු වන සමාජ වගකීම ඇත්තේම නැත්තේ මේ බස්වල ලියා තිබෙන බිස්නස් ක්ලාස් යන පංතියට අයිති අයටයි. ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා නාස්ති අතරට මෙය ද එක් වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට වහා කළ හැකි දෙයක් වන්නේ මේ බස් කොළඹ වටා යන ඉස්සර තිබුණු ආකාරයේ කොළ කවය බස් වැනි සාමාන්‍ය ජනතාවට පරිහරණය කළ හැකි බස් සේවාවක් බවට පත් කිරීමයි. එම බස්වල ලියා ඇති බිස්නස් ක්ලාස් යන වචන දෙක කටු ගා නොදැමුවොත් සාමාන්‍ය ජනයා ඒවාට නැඟීමට බිය වනු ඇත. කටුබැද්දේ පාක් ඇන් රයිඩ් රථ නැවතුම්පොළේ දඩාවතේ යන බල්ලන්ට අනාථාගාරයක් හැදිය හැකිය...