රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහින්ද ව්‍යාපාරය නවත්වනු!

ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ ‍සභපාති මේජර් නිස්සංක සේනාධිපති විසින් දැන් සති කීපයක් තිස්සේ ඉරිදා පුවත්පත්වල දැවැන්ත දැන්වීම් පළ කරමින් කරන්නට උත්සාහ කරන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම වැදගත් ය. 

නිදසුනක් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතේ පිටු දෙකක් පුරා දැන්වීම් පළ වේ. ඒවායින් කියැවෙන්නේ නිස්සංක සේනාධිපති රණවිරු පවුල්වලට අත දිග හැර උපකාර කළ දෙයියෙක් බවයි. 

මේ දැන්වීම් පළ කරන්නේ ඇවන්ට්ගාඩ් සුරැකීම සඳහා වූ සංවිධානයක් විසිනි. සිකියුරිටි කොම්පැනියක් ආරක්ෂා කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් බිහි වී තිබේ නම් එය ලොව පළමු එවැනි ව්‍යපාරය විය යුතු ය. 

ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන දැන් විමර්ශන සිදු වෙමින් තිබේ. එහි දැවැන්ත වංචාවක් සිදු වී ඇති බව පෙනේ. මූලික ප්‍රශ්න කීපයක් තිබේ. 

නාවික හමුදාවට ලැබිය හැකිව තිබුණු ලාභයක් පෞද්ගලික සමාගමකට ලබා දීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද? 

එම පෞද්ගලික සමාගම මෙම කාර්යය සඳහා තෝරා ගත් විනිවිදභාවය කුමක් ද? 

එම පෞද්ගලික සමාගමට අයත් දේපල ආරක්ෂාවට නාවික හමුදාව යෙදවූ පදනම කුමක් ද?

නාවික හමුදාවට අයත් ගිනි අවි එම පෞද්ගලික සමාගමට ලබා දුන්නේ කෙසේ ද?

එම සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යන්නට අවසර ලැබුණේ කෙසේ ද?

මෙම ව්‍යාපාරයේ ලාභය රජයට අයත් රක්නා ලංකා සමාගමත්, ඇවන්ට්ගාඩ් සමාගමත් අතර බෙදිණි. ඇවන්ට්ගාඩ් සමාගමේ ලාභය ලබා ගත්තේ කවුරු ද? 

ඇවන්ට්ගාඩ් ලොක්කා මුල් දවස්වල ගැසූ කයිවාරු නවතා දැන් තමන් ආරක්ෂා කර ගැනීමට තමන් ම බහුජන සංවිධානයක් අටවාගෙන, පුවත්පත්වලට මුදල් විසි කරමින් මේ කරන්නේ මාධ්‍ය මගින් තමන් පිළිබඳ වාර්තා වීම වළක්වා ගැනීම ද?

ආණ්ඩුවේ විමර්ශන යාන්ත්‍රණය දිගු කලක් අක්‍රියව තිබිණි. එය පණගන්වන්නට සැලකිය යුතු වැඩ කොටසක් කරන්නට සිදු වී තිබේ. දැන් එය පණගැන්වෙමින් තිබේ. 

බැසිල් පඬියා වගේ ලංකාවට ආවේ දූෂණ විමර්ශනවලට ඔලොක්කු කරමිනි. ඒ කාලයේ නැගී එමින් තිබුණු මහින්ද රැල්ල සමග සෙට් වී දෙන්නම් ජම්බු කියාගෙන ආ බැසිල් දැන් ඉන්නේ කොහේ ද? දිවි නැගුම අරමුදලේ රුපියල් බිලියන ගණනක මහජන මුදල් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් වංචා සහගත ලෙස වැය කිරීම සම්බන්ධයෙන් බැසිල් දැන් 'රෝහල්ගත' වෙලා ය.  ‍ඔහුට ඇති චෝදනා අතරින් මෙය පුංචි පහේ එකක් විය හැකි ය. අනෙකුත් විමර්ශන ඉදිරියට යන විට ඔහුට තව සෑහෙන්න අසනීප වනු ඇත. 

ගෝඨාභය, ශිරන්ති, විමල්, ජොන්ස්ටන්, රෝහිත අබේගුණවර්ධන, කුමාර් වෙල්ගම වැනි පුද්ගලයන් රැසකගේ තක්කඩි වැඩ දැන් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. මහින්දගේ හෙල්පිං හම්බන්තො‍ට වංචාව පවා යළි විමර්ශනය වන්නට නියමිත ය.

ඔවුන් සිතාගෙන සිටියේ මේ රටේ පොලිසිය, අධිකරණය යනු ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් නපුංසක ආයතන කියා ය. එහෙත්, බැසිල්ට ඒක තේරුණේ කට උත්තර නැති වන විට ය. 

ලක්ෂ 62ක් ජනතාව ඡන්දය දී නිර්මානය කළ වෙනසට ඔලොක්කු කරමින් නැවතත් රට අස්ථාවර කරන්නට උත්සාහ කළ මේ තක්කඩින් වැඩිදෙනෙක් මේ දිනවල ඉන්නේ නගුට දෙපරැන්දේ රුවාගෙන ය. 

විමල්, දයාන් ජයතිලක වැනි අය මේ දිනවල වැඩි සද්දයක් නැත. 

විමල් හා උදය ගම්මන්පිල වැනි අයට යන එන මං නැති නිසා ඔවුන් මහින්දගේ සාටකයේ එල්ලුණ එක තේරුම් ගත හැකි ය. 

ප්‍රසන්න රණතුංග සැරසෙමින් සිටින්නේ ‍අභියෝගාත්මක විශ්‍රාමයක් ලබා ගනිමින් පවුල පිටින් ඕස්ට්‍රේලියාවට යන්නට ය. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ගැන ඔහු සිතිය යුතු ය. 

මහින්ද රාජපක්ෂ ය‍ටතේ ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිකම වැනි ඇමතිකමක් පමණක් ලැබුණු දිනේෂ් ගුණවර්ධන හා ඒ තරම්වත් දෙයක් කළ හැකි ඇමතිකමක් නො ලැබුණු වාසුදේව නානායක්කාර යන දෙපළ මහින්දට පට්ටල් වුණ එක අපරාධයකි. දිනේෂ් වැඩ කළේ නිමල් සිරිපාල සමග ඉරිසියාව පදනම් කරගෙන බව පෙනේ. 'ඝාතකයා - සාටකයා' යි කියමින් ගිය පෙළපාලිවල පවා සිටි වාසුදේව නානායක්කාරගේ නම් වයර් මාරු වෙලා ය. 

යම් කීර්තිමත් ඉතිහාසයක් හිමි මෙම වයෝවෘද්ධ දේශපාලකයන් දෙපළට ගෞරවනීය අන්දමින් ජීවිතයේ සැඳෑ සමය ගත කර අවසන් ගමන් යන්නට තවමත් අවස්ථාව තිබේ. ඔවුන්ට දැන් පවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක් වන්නට හැකියාව තිබේ. එසේ එක් නො වන්නට හේතුවක් සොයා ගන්නට බැරි තරම් ය. 

මහින්ද ව්‍යාපාරය දැන් ඉතින් අවසන් කළ යුතු ය. කොහොමත්, මහින්ද ව්‍යාපාරයට මහින්ද එන්නේ නැත. එයා පන්සල් යනවා ය. මහින්ද ව්‍යාපාරයේ අයට මහින්දව මැයි දිනයට ගෙන්වා ගන්නට බැරි ය. කුරුණෑගල රැස්වීමටවත් මහින්ද එන්නේ නැත. 

මේ රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහින්ද ව්‍යාපාරය නැවැත්වීම අවශ්‍ය ය. 

මහින්ද ශක්තිමත් සතුරකු ලෙස ගෙන වෙනස වෙනුවෙන් වූ මහජන ව්‍යාපාරය නැවත අවදි කළ යුතු බව අපි කලින් කීවෙමු. 

ඒ අවදි වීම නැවත සිදු වී ඇති බව ඊයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පැවති උද්ඝෝෂණය විසින් පෙන්නුම් කරන ලදී.

හෙළිදරව් වී සිටින සොරුන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීම සඳහා මේ මහජන බලය යොදා ගත යුතු ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හැම බ්ලොග් කාරයෙක්ම ලියන්නේ මහින්දට සපෝට් කරන අයට යම් කිසි දූෂිත අරමුණක් ඇති බව උපකල්පනය කිරීමෙනි. ජනතාව මහින්දට තවම සපෝට් කරන්න හේතුව තේරුම් ගෙන එයට පිළිතුරු ලබා දිය යුතුය. හැකිනම් ඔබවත් එය කරන්න.

    ReplyDelete
    Replies
    1. මහින්දට සපෝට් කරන්නේ

      1. මහින්ද තනියම යුද්දේ දිනුවා කියලා හිතාගෙන ඉන්න ගමේ බයියන්

      2. යුද්දයෙන් බියට පත්ව සිටි, නමුත් යුද්දයක් නැවත ඇතිවේයැයි මහින්දගේ හෙන්චයියන් විසින් කරන බොරු ප්‍රචාර වලට රැවටුන බයියන්.

      3. මහින්ද විසින් හිතූ හිතූ ආකාරයට හොරකම්, අපරාධ, වල්කම්, කරන්නට ඉඩදුන් එවුන් විසින් ඒ සල්ලි යොදවා මහින්දව ආපහු නග්ගලා ගන්න කරන මෙහෙයවීම් සඳහා මාධ්‍ය මගින් දෙන ප්‍රචාරය.

      මේ ඔක්කොටම කෙලවෙනවා හලෝ. අපේ රටේ බහුතර මෝඩ ජනතාව යමක යතාර්ථය තේරුම්ගන්නේ හුඟක් පරක්කුවෙලා.

      Delete
    2. මීට අමතරව මහින්දට සපෝට් කරන්නේ;

      1. පාරම්පරික ශ්‍රී ලංකා පවුල්වලින් පැවත එන මළත් යූ එන් පී එකට දෙන්න බෑ හිතන පිරිස

      2. මහින්දගේ මිථ්‍යා ඇදහිලි නිසා තමන්ගේ ජ්‍යෝතිෂ බිස්නස් ආගමික බිස්නස් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බිස්නස් සරු වී ගිය පිරිස

      3. දෙමළ, මුස්ලිම් මිනිසුන් ගැන බද්ධ වෛරයකින් පෙළෙන සිංහල ජාතිවාදීන්

      4. "අපි දකුණෙ, හරිය?" යම් පිරිසක්

      5. මහින්ද බලයට ගෙනැවිත් බිස්නස් කරන්න බලා සිටින පිරිස

      Delete
    3. + මළත් යූ එන් පී එකට දෙන්න බෑ හිතන සමාජවාදි අන්ද භක්තිකයෝ
      + ඇයි සදාකාලික ඇමරිකා විරෝධියෝ

      Delete
  2. අයිසෙ පැරා හොඳ ලිපියක්

    ReplyDelete
  3. හිතන තරම් වැඩේ ලෙසි නැත.
    මහින්ද 19 ට කැමති නැත.
    නීල කස හොරුන් සිරිසේනට කැමති නැත.
    එම නිසා 19 සම්මත් නොවන්නට බොහෝ ඉඩ කඩ ඇත.
    අනෙක් කරුණ නම් විධායක සැප අහෝසි කරමී කීවාට. මෛත්‍රිටද බලය පිළිබඳ කෑදර කමක් ඇති වී ඇත. එහෙත් ඔහුට නායකත්ව ගුණාංග නැත. තවමත් මහින්දට බයය.
    එවන් නායකයින් රටක නායකත්වයට පත්වීම රටේ කරුමයක් මිස ඔවුන්ගේ කරුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. //මෛත්‍රිටද බලය පිළිබඳ කෑදර කමක් ඇති වී ඇත.//????

      කොහොමද මෙහෙම කියන්නේ? මොනවද තියෙන සාක්ශි? මාතලන්ගේ 'සිතට නැගෙන සිතුවිලි'! මෛත්‍රිටද බලය පිළිබඳ කෑදරකමක් ඇතිවෙන්න පුලුවන් බව ඇත්ත. ඒත් දැනටම 'එහෙම වී ඇත' කියල කියන එක ටිකක් ජනප්‍රිය කතාවක් විතරයි. හොඳටම දන්නවා නේද හෙල උරුමය දාපු විරෝධය හින්ද තමයි විධායක සැප අහෝසි කිරීම අඩි කීපයක් පස්සට ගන්න වුනේ? ඒක මෛත්‍රි-චම්පික කුමන්ත්‍රනයක් කියලද කියන්න යන්නේ? අමතක කරන්න එපා මරා අලිබබා පිලෙන් එන විරෝධය. තවමත්.

      //එහෙත් ඔහුට නායකත්ව ගුණාංග නැත.//

      මේ අලිබබා ගේ ප්‍රචාරක කැම්පේන් එක බව කවුරු නොදනිත්ද?

      වැඩිම ටෙස්ට් වින් ලොස් රේශියෝ එක තියෙන්නෙ විරුදාවලි ලත් නායකයො කියන අර්ජුනටවත්, මහේලටවත්, සංගටවත් නෙවෙයි. දුර්වල නායකයෙක් කියන සනත්ට. ද. අප්‍රිකාවෙදි ටෙස්ට් තරගයක් දිනුවේ මේ එක්කෙනෙක්වත් නෙවෙයි, (ලංකාවේ පහලවූ දුර්වලම නායකයා යැයි හංවඩු ගැසුනු ) ඩිල්ශාන්. මම කියන්න හදන්නේ ඒ ඒ අයගෙ ඉශ්ටැයිල් වෙනස්. ඇචීව්මන්ට්සුත් වෙනස්. (ලෝක කුසලානය දිනිල්ල අනික් ඒවත් එක්ක සංසන්දනය කරන්න යන්නේ නැහැ ) ඔය ඊනියා 'නායකත්ව' ලක්ශන ගැන මෛත්‍රිගේ දින 100 කතාවෙ දි කියවුනානේද හොඳට? (මාතලන්ටත් තාමත් "වහලෙකුට" වගේ මරා ගේ පුම්බපු නායකත්ව ගුනාංග ගැන කියවෙනවා නේද? (සිනා ))

      //තවමත් මහින්දට බයය.//

      ???? කොහොමද මෙහෙම කියන්නේ? මාතලන්ගේ 'සිතට නැගෙන සිතුවිලි' නැවතත්! ජනප්‍රිය කතාවක්!! නොදැනුවත්වම අලිබබා ගේ ප්‍රචාරක කැම්පේන් එකට අහුවෙලා!!! ටිකක් කල් දීලා බලමු නේද? හදිසි වෙන්නැතුව..අපි හැමෝටම බලන්න පුලුවන් ඒ ගැන. මම දැනට කැමතියි ඒක 'පරිනත, උපක්‍රමික' පිවිසුමක් කියලා හිතන්න. මම වැරදි වෙන්න පුලුවන්. මෛත්‍රිම කිව්වාත් වගේ ... බය නම් 2014 දෙසැම්බර් මුහුදට පනීවියැ?

      Dimithri

      Delete
    2. මෛත්‍රී බලයට කෑදර කමක් නැත්නම් තමන් ඉවත් වී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බලනේ අල්ලාගන්නේ නැත. තමන්ගේ අය විවිධ තනතුරුවලට දමන්නට සිතන්නේ නැත. විදෙස් සංචාර සදහා මුලින් කිහිප දෙනෙක් එක්කරගත්තත් දැන් දැන් එය වැඩිවෙමින් පවතින්නේ නැත.

      Delete
  4. රටේ දේශපාලන ස්ථාවර භාවය අවංකව අපේක්ෂා කරන කෙනෙක් නම් මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ නම්බු පිටින් ඉවත්වී ආගමික කටයුතු යනාදියේ යෙදෙමින් දේශපාලන නොවන ජීවිතයක් ආරම්භ කළ යුතු තමයි. ඔය කරන වැඩ වලින් අන්තිමට පිරිහෙන්නේ රටයි. හැබැයි ඉතින් කවදාවත් රට ගැන නොහිතපු ඕකා ඇයි මේ අවස්ථාවේ රට ගැන හිතයි කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ?

    ReplyDelete
  5. palayan para yanna olu hodanne nathuwa

    ReplyDelete
  6. වහාම පැරා ට රෝයල් එකේ ඉන්ග්‍රීසි උගන්නන්න මාරුවීමක් ලබාදෙනු... !!


    එවිට පැරා රෝයල් කොල්ලන් ගෙන් ඉන්ග්‍රීසි ඉගෙන ගනු ඇත!

    ReplyDelete
    Replies
    1. මම දවස් ගාණක්ම දැක්ක මේ සාරස කියන හාදයා “රෝයල්“ එක ගැන නිතරම නන් දොඩවනවා..

      ෆුල්ටයිම් මහින්දගේ සට්ටඹිකම කරන නිසා පොරගෙ වයර් මාරුවෙච්ච කතා අහලා මුගෙත් වයර් මාරුවෙලා වගේ.. පව් අසරණයා

      Delete
    2. @Sa rasa,
      ගමේ ගෙවල්වල ඉඳලා වැඩිදුර ඉගෙනීමට නැතිනම් රැකියාවට කොළඹ එන "ස-රස" වගේ එවුන්ට රෝයල් කොලීජිය ගැන පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ අප්පා...!!!
      යකෝ, තොපිට වත් තොපේ ළමයින්ට වත් ආත්ම හතකට වත් රෝයල් එකේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ නෑ... අන්න ඒක දැනගනියවු. 1835 අවුරුද්දේ ඉඳන් රෝයල් කොලීජියේ ඉගෙන ගන්න වරම් තියෙන්නේ මේ රටේ එක්තරා පන්තියකට විතරයි. තොපි ඒ පන්තියට අයිති නෑ. තොපි රෝයල් කොලීජියට බිරුවා කියලා ඒ ඉස්කෝලෙට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ යකෝ.

      බී.බී.සී. එක රෝය කොලීජිය හැඳින්නුවේ ලංකාවේ ඊට්න් කොලීජිය කියලා. ඕනෙ නම් මෙන්න මේ බී.බී.සී. ලිපිය කියවලා ඊර්ශ්‍යාවේ පැලියවු. ----->>>
      Sri Lanka's 'Eton' celebrates its 175th birthday

      Delete
    3. @AnonymousApril 28, 2015 at 2:30 PM,

      ලොක්ක, ස රස කෙසේ වෙතත් ඔයා නම් ගිහින් තියෙන්නේ වෙන රෝයල් එකකට

      -ප.ගෝ.

      Delete
  7. අර ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන ලංකා‍ව‍ෙ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබුනනං.
    රාජාන්ඩුවක් කියන්නෙ රජුගෙ කැමැත්ත

    ReplyDelete
  8. "Mahinda Vyaapaaraya" hariyana magulak nevei. Tika kalakata wadayak nam thamai.

    ReplyDelete
  9. අයියෝ පැරා, මේවගේ generic ප්‍රශ්න වලට උත්තර දන්නවා චන්ද්‍රිකා, රනිල් තව ඕන්නේනම් අර්ජුන මාමත් දන්නවා. කරන්න තියෙන්නේ ඔය නාවික හමුදාව, ඇවන්ට් ගාර්ඩ් වගේ වගේ වචන වෙනස් කරලා දාන්න Air Lanka, සතොස, වානේ, සිමෙන්ති, බැදුම්කර වගේ වචන. පට ගාල උත්තර දෙයි


    //මහින්ද ව්‍යාපාරය දැන් ඉතින් අවසන් කළ යුතු ය//
    ඒක නෙවෙයි, දැන් democracy තියන හින්ද කවුරු මොන දේශපාලනය කරත් කමක් නැනේ නේද ඒක ප්‍රජාතන්ත්‍රවාදී නම්, මම කියන්නේ චන්දෙන් වගේ දේවල්, නැතිව අල්ලස් එක ඉස්සරහ පිස්සු කෙලින එක නෙවයි, ඒ වට නීතිය ක්‍රියාත්මක කලයුතුයි. එතකොට මහින්ද ඉල්ලුවා කියල ප්‍රශ්නයක් නෑනේ, මොකද 62 ලොකුයිනේ 58 ට වඩා, එහෙම නැත්නම් දැන් ඉලක්කම් වෙනස් වෙලා කියලය බයද.

    -ප.ගෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා