මිලියන් තුනක් ලබා ගත් බවට නැගෙන චෝදනාව ගැන පැහැදිලි කිරීමයි

මිලියන් තුනක් ලැබෙන්නට නියමිත බව ඇත්ත ය. සමහර විට ඔබ මෙම ලිපිය කියවන විට මිලියන් තුන ගිනුමට වැටී තිබෙනවා වෙන්නත් පුළුවන.

ඒවා ලැබුණේ කොහෙන් ද? ලබා ගත්තේ කුමන කොන්දේසි මත ද? මේවා වැදගත් ප්‍රශ්න වේ.

යහපාලනයෙන් ලැබිණි. මහින්දගෙන් ලැබිණි. ජවිපෙන් ද ලැබිණි. එන්ජීඕවලින් ලැබිණි. ඩයස්පෝරාවෙන් ලැබිණි. ඇමරිකාවෙන් ලැබිණි. ඉන්දියාවෙන් ලැබිණි. චීනෙන් ද ලැබිණි.

ඩොලර්වලින් නොවේ. යුරෝ  හ‍ෝ යුආන්වලින් ද නො වේ. එහෙනම් මොනවායින් ද?

හිට්වලිනි.

අපේ හිට් කවුන්ට‍රයේ මිලියන තුන හෙවත් ලක්ෂ තිහ සලකුණු වීමට නියමිත ය. සමහර විට ඔබ අ‍පගේ ලිපි කියැවූ වාර ගණන මීට වඩා අඩු මෙන් ම වැඩි වෙන්නටත් පුළුවන. එක පැත්තකින් බ්ලොගර් ආයතනය හිට් කවුන්ටරය පටන් ගත්තේ අපගේ බ්ලොගය ආරම්භ කළාට පසුවයි. එසේම, අප මෙම බ්ලොගයේ පළ වූ ලිපි ෆේස්බුක් ඔස්සේ ද පළ කළ බැවින් තවත් පිරිසක් ද ‍ඒවා කියවූ හ.

අප මෙම බ්ලොගය ආරම්භ කළේ 2009 ජුලි මාසයේ ය. මේ හිට් ගණන අපට ලැබුණේ ආසන්න වශයෙන් වසර හයක පමණ කාලයක් තුළයි. මෙය මහා දැවැන්ත සංඛ්‍යාවක් නො වන මුත් පෞද්ගලික බ්ලොග් අඩවියක් ලෙස නො සැලකිය යුතු සංඛ්‍යාවක් නො වේ. අප මේ මොහොතේ සිටින්නේ ඇලෙක්සා රෑන්ක් එක අනුව ලංකාවේ 355වන ස්ථානයේ ය.

හිරු පුවත්පතේ කර්තෘ ලෙස විකල්ප පුවත්පත් කලාවෙන් සමු ගනිද්දී අපේ පුවත්පත මුද්‍රණය කළේ සතියකට පිටපත් 2000ක් පමණි. අද වන විට අපේ දිනක හිට් සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි ය.

අප මෙම කාර්යයට පිවිසුණේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලින් සෑහීමට පත් නො වී, විකල්ප පුවත්පත් පළ කිරීමෙන් වෙහෙසට පත් වී සිටියදී ය. බ්ලොග්කරණය හා අපගේ බ්ලොගය අලෙවි කර ගැනීම ඉගෙන ගත්තේ අත්හදා බැලීම් ඔස්සේ ය. මෙම වකවානුව තුළ අප අතින් බොහෝ අඩුපාඩු ද සිදු විය.

ජනප්‍රිය වීම වෙනුවෙන් අපි ඕපාදූප නො ලිව්වෙමු. ඒ වෙනුවට අප දිගින් දිගට ම උත්සාහ ක‍ළේ දෛනික ජීවිතයේ විවිධ සිදුවීම් විශ්ලේෂණය කරමින් සංවාදය ඔස්සේ දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කරන්නටයි. ජීවිත තුළින් සමාජවාදය අර්ථකථනය කිරීමේ අඛණ්ඩ අරගලයක අපි යෙදී සිටිමු.

අපි මේ මොහොතේත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන්නෙමු. මානව හිමිකම්, පරිසරය හා සොබාදහම නියෝජනය කරන්නෙමු. සෑම ආකාරයක ම ස්වෝත්තමවාදයන්ට හා ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්නෙමු.

අපේ අරගලය කිසිදු පුද්ගලයකු වෙනුවෙන් නො වේ. ‍එසේම කිසිදු පුද්ගලයකුට එරෙහිව ද නො වේ. අප උත්සාහ කරන්නේ සමාජය එක් දශමයකින් හෝ ඉදිරියට තල්ලු කරන්නට ය.

අපි හෙටත් ඒ වෙනුවෙන් පෙනී සිටිමු.

අප සමග සිටි ඔබට අපේ උපහාරය! එන්න, අපි එක්ව මේ ගමන යමු!

සැ සු ක් වේවා!


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අවුරුදු ආවා... පැරාට අවුරුදු ආවා... මිලියන තුනකුත් එක්කලා නව අවුරුදු ආවා....

    ReplyDelete
  2. ඩොලර් නැත්තම් ලියයි මෙහෙම... හුග්.... අපි නොදන්න පැරකුම්...

    ReplyDelete
  3. සුබ පැතුම් පැරා! කවදාවත් පෙරලෙන්නේ නෑ කියල හිතපු මහගස් පෙරළුවේ ඔය හිට් එකින් එක එකතු වෙලා හැදිච්ච සුළි සුළං වලින් තමයි.

    ReplyDelete
  4. නොසැලී නොවැටී සියලු බාධක නොතකා තව තවත් ඉදිරියටම යාමට යෝධ බල සහ යෝධ ශක්තිය ඔබට !!

    ReplyDelete
  5. /* එන්න, අපි එක්ව මේ ගමන යමු! */

    ඔහොම යමු, ඔහොම යමු, ජයවේවා!

    ReplyDelete
  6. මිලියන තුනක් වූ හිට් අතරතුර
    සුවපත්වූ හිතක් ඇත් නම්
    සත්‍යයට නෙත් විවරවූ හිතක් ඇත්නම්
    තමා පිළිබඳ නොදුටු යමක් පසක් කළ
    උපන්ගෙයි අඳ නෙතක් වී නම්...
    ඒ සිත් දෙක තුනෙහි වටිනාකම
    මිලියන සිය දහස් ගණනක් වනු නියති.
    මන්ද යත්...
    අද හිස් ලූලූ අත, ගාල කඩාගෙන දුවන..
    අප මිනිසුන් ලෙස හඳුන්වන සත්වයන් කොටස
    දිනෙන් දින අඳ වෙමින්...
    දිනෙන් දින බාල වෙමින්...
    ඉනුදු නිකරුණේ අහංකාර වන
    තිරිසන් සතුන් රැලක් වන බැවිනි.

    ඔබට සහ
    ඔබේ සද් අරමුණට
    ඔබේ සද් කාර්යයට සුබ පතමි.

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා.....පැරා ඇතුලු සියලු ලක් වාසී බොලොග් කරුවන්ට...!!!!

    ReplyDelete
  8. suba pathum para

    indika

    ReplyDelete
  9. මම අවුරුදු 2ක පමණ සිට ඔබේ බ්ලොගය කියවමි. මේ මගේ පළමු කොමෙන්ටුවයි. කල්පනාවට ගත යුතු බොහේ දෑ දුටුවෙමි. දිරියටත් ඔබට කියන්නට ඈති දෑ බලන්නට එන්නෙමි. සුබ පැතුම්!

    ReplyDelete
  10. හිට් ගැනවත් ඇලෙක්සා රෑන්ක් ගැනවත් ලොකු අයිඩියා එකක් නෑ.. ඒත් බ්ලොග් කියවන්න ගත්ත දවසේ ඉඳලම කියවනවා.. 'අපි' කියල හැඳින්වීම කොහොම උනත් මං හිතන් හිටියේ මේක ලියන්නේ පැරා තනියෙම කියල.. ශාස්තෲ පොතට නැවත වරක් ස්තූතියි.. ඊලඟ අප්‍රියෙල් 14 වෙනකන් එන අවුරුද්දත් නැවුම් හැඟුම් පිබිදෙන වැඩි වැඩියෙන් ඒවා ලියවෙන සුභ වසරක් වේවා!

    ReplyDelete
  11. Nodakin ponna para.oita hondai handiye higa kawanam

    ReplyDelete
  12. සුබ නව වසරක් පැරා ! ඔව් අපි ඉදිරියටම යමු

    ReplyDelete
  13. සුබපැතුම් සමග සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. මෙතන තියෙන සුබපැතුම් අතරින් බොක්කෙන්ම දීපු එක තමයි මේක.

      පැරාගේ බොක්ක වන් රාජ්ට අපේ විප්ලවීය ආචාරය!!

      Delete
  14. පැරාගෙ බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නෙ ගෙදර වෙන්න බෑ.
    ඉස්කෝලෙ ගුරු කාමරෙ ෆයිල් කැබිනට් එක නේද?
    ඔන්න ඔන්න පැරාත් රාජකාරි වෙලාවෙ බ්ලොගට එනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ තියෙන්නෙ පර්සනල් ලොකර් යුනිට් එකක් නෙමෙයිනම් පෝස්ට් බොක්ස් එකක් ( තැපැල් කන්තෝරුවල තියෙන බොක්ස් ).

      Delete
    2. ඕක ගැන ඔච්චර හිතන්න දෙයක් නැහැ. ඔය පිංතූරෙ ගත්තෙ ගුරු කාමරේ දොරට වැටුන හිරු එළිය එතනින් ගිය ගෑනු ළමයෙකුගෙ ගවුමෙන් පරාවර්තනය කරලා අරගෙන ලැප්ටොප් එකේ කැමරාවෙන්. අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙලේ ප්‍රොෆයිල් එකේ දාන්න පිංතූරයක් හදිසියේ යවන්න ඕනැ වුණ නිසා.

      Delete
    3. "අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙලේ...."
      මේ කියන්නේ පැරා දේශනයක් කරපු සම්මාන උළෙල ගැනද?? චී! චී!! හරිම නරකයි. දේශනයක් කරන්න දීලත් මෙහෙම අපහාස කරන එක....!!!

      Delete
  15. පැරා තම අත්දැකීම් වලින් ශක්තිමත් කර ඇති කබර හම මේ ගමණට පිටුවහලක් උනාට සැක නැත. මෙතරම් කලක් එක දිගට ලිවීමත්, මේ තරම් කතන්දර සහ අවලාද වලට මුහුණ දීමත් පහසුවෙන් කෙනෙකුට කල නොහැක. තවත් දිගු කලක් ඔබට බ්ලොග් තුලින් වඩා උසස් සංනිවේදකයකු සහ විචාරකයකු ලෙස ඉදිරියට යෑමට සුභ පැතුම්...!

    ReplyDelete
  16. පැරාට සුබපැතුම් සමග සුබ අළුත් අවුරුද්දක් වේවා..!!
    වැඩි වැඩියෙන් ලිපි වලට වඩා, වටිනා ලිපි ලිවීමට ශක්තිය ලැබේවා.. !!

    ReplyDelete
  17. සුබ පැතුම් පැරා, මම දකින විශේෂම දේ තමයි පැරාගේ සංයමය. ඔහු ඇනෝවරුන්ගේ නිර්දය හා අශිෂ්ඨ කොමෙන්ටුවලට ruffle වෙන්නේ නැතුව ඔවුන්ව දැනුවත් කරන එක හරිම නියමයි. ඔබට සහ අපට ජය!

    ReplyDelete
    Replies
    1. එක නිසා තමා කොමෙන්ට්ස් මොඩරේට් කරන්න ගත්තේ

      Delete
  18. සුබ පැතුම් පැරා...

    ගමන නොනිමෙයි ජීවිතේ....

    ReplyDelete
  19. මම මෙතනට එව්වෙ මගේ නැසීගිය අතිජාත මිත්‍ර සනත් විජේවරනයි (ඹබා). එතැන් සිට එකක් නෑර මම ඔබේ ලිපි කියවා ඇත. 
    ජයවේවා පරා

    ReplyDelete
  20. එළම කිරි පැරා ඔහොම ඇදගෙන යන්

    ReplyDelete
  21. ඔබ මේ දක්වා සමාජයට යහපත් ප්‍රගතිශීලී පොදුවේ පිළිගත හැකි මතවාදයක් ප්‍රවර්දනය කර ඇති අතර එබැවින් අපි ද හැකි සෑම අයුරකින්ම ඔබව ප්‍රවර්දනය කරන්නේමු.... ඒ පිළිබඳව ඔබට ස්තූතියක් අවශ්‍ය නොවන බව අපි දනිමු.... ඔබ කියන පරිදි සමාජය දශමයකන් හෝ ඉදිරියට තල්ලුකිරීමට ඔබ දරන ප්‍රයත්නය අත්නොහරින තාක් අපි ඔබ සමඟ එක්ව ගමන් කරන්නෙමු.... එසේ නොවන කල්හි ඔබට සුභ පතා අපි වෙනත් මං මාවත් සොයා ගන්නෙමු....

    ReplyDelete
  22. කිය වීමට ඉතා අපහසු බැවින් කරුණාකර අකුරු වල සයිස් එක වැඩි කරනු!

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා අකුරු ලොකු කරනු!! කළින් තිබූ ලොකු අකුරු නැවත පිහිටවනු!!

      Delete
  23. පැරා යනු අපට විශ්මයකි. අපට මහමෙරකි. දන්න දහං ගැට ඔක්කොම දාලත් 30,000 ක්වත් හිට්ස් නැති අප බලා සිටියදීම පැරා මිලියන තුනක් ගනී. මිලියන දෙක අරන්ද වැඩිකලක් නැත.
    තනි වාක්‍යකින් කීවොත් අපට නම් හිතාගන්නවත් බැරිය. අප මහමෙර පාමුල ඇඹිටිල්ලන් මීයන්ය.
    පැරාටත් පවුලේ සැමටත් කොමෙන්ට් කරන සියල්ලන්ටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  24. සුබ පැතුම් පැරා , මමත් බ්ලොග් කියවන්න පටන්ගත් දවසේ ඉඳලා කියවන හොඳ සමාජ දේශපාලනික විචාර සහිත බ්ලොගයක් .නොනැවතී පෙරටම යන්න.

    ReplyDelete
  25. අජිත් හෘදයංගම සුභ පැතුම්. එසේම සුභ නව වසරක්.

    ReplyDelete
  26. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පැරා ලොක්ක ලොකු පොරක් උනෙ ....ජය වේවා පැරා ලොක්ක ...!!!

    ReplyDelete
  27. අපෘෂ්ඨවංශිකApril 15, 2015 at 8:47 AM

    හිට් කවුන්ට් වැඩි වේවා -----------------------බොගතුල
    උද්ධමනය අඩුවේවා----------------------------බඩුවල
    යහ පාලනය වැජඹේවා-------------------------රටතුල
    මෙතුන් බලයෙන් ජයම වේවා !!!----(පැර)--කුම්හට

    තරහ වෙන්න එපා පැරා ඇහුවට---------------ටටට
    හයි කෙරුවද ඔටෝමැටික් හිට් කොටන මැසිමක්වත්----w-තුනට
    වීරවංශගේ FB යට තුර්කියෙන් ලයික් වැදුනා වගේ කියලා ප්‍රස්ථාපිරුලකුත් තියෙනකොට..
    ඒකයි එහෙම ඇහුවේ.......දන්නැති හින්දා අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ

    ReplyDelete
  28. Sunil WijesiriwardenaApril 15, 2015 at 11:53 AM

    May you find all the best energies for your good work. A very happy new year!

    ReplyDelete
  29. නියමාාායි.
    තව එකක්.
    පල ඇති රුකටලු පොලු වදින්නෙ.

    ReplyDelete
  30. පරා, හුදු රසවින්දනාත්මක ඕපාදූප වලින් තොරවු ඔබේ ලියමන් කලාවට අපගේ ආචාරය.

    ReplyDelete
  31. ඔබගේ හිට්ස් මිලියන තුනට සුබපැතුම්,ඔබේ සමහර මත සමග එකග නැතත්,ගතයුතු බොහෝ දේ ඔබේ ලිපිවල අන්තර්ගතයි.එසේම එල්ලවන ප්‍රහාරයන්හිදී ඔබ දක්වන පරිනත ප්‍රතිචාරයන් අගයමි. සැමට සුභ අලුත් අව් රුද්දක් වෙවා! (රන්ජන්)

    ReplyDelete
  32. උණුසුම් සුබ පැතුම් පැරා.... සිංහල බ්ලොග් කලාවට ඔබ ආභරණයක්....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා