Happy New Year without Mahinda

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අවසන් විය. පවුල්වල සාමාජිකයන් එකට එකතු වන අවුරුද්ද ප්‍රීතිමත් සමයකි.

මම භෞතිකවාදියෙක්මි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවා ය යන්න මම නො පිළිගනිමි. එහෙත්, සංස්කෘතික උත්සවවල ඇති සමාජමය වටිනාකම් මම අගයමි. එබැවින් අපේ ගෙදර ද නැකතට කිරි ඉතිරුවෙමි.

අවුරුද්ද ළමයින්ගේ යයි මම සිතමි. ළමයින්ට හොඳම දේ දෙන්නට අපි උත්සාහ කළ යුතු ය.

‍ජනාධිපතිතුමා අපේ බිරිඳට සුබපැතුම් පණිවුඩයක් එවා තිබිණි. මට නම් ආවේ නැත. ‍කොහොම වුණත්, එතුමාට ද මහින්දගේ ආචාර ධර්ම විරෝධී ගොන් පාට්වලින් මිදෙන්නට බැරි වී තිබේ. රටක ජනාධිපතිවරයා ස්පෑමිං මාස්ටර් කෙනෙක් නො විය යුතු ය.

මේ අතර හිටපු ජනාධිපතිවරයා සෙනග මැද තදබද වෙවී අවුරුදු චාරිත්‍ර ඉටු කරනු මාධ්‍යවලින් ප්‍රචාරය විය. තමන්ගේ ගෙදර අවුරුදු චාරිත්‍ර නො කළ හිටපු ඇමති විමල් වීරවංශ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මහින්දගේ ගෙදර අවුරුදු චාරිත්‍ර කරනු දක්නට ලැබිණි.

විමල් වීරවංශ නම් ඇත්තෙන් ම ‍කාල්ටන් වලව්වේ වළං පිඟන් ටික හෝදා දමා ගියාට කමක් නැත. මන්ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් දිවි දුන් මිනිසුන්ගේ කරට පය තබා ඔහු ඉහළට පැමිණි ගමනේදී ඔහුට රැකවරණය ලැබුණේ මහින්දගෙනි.

ජොනී මහින්ද මරන්නට කොටි සංවිධානයට ඔත්තු දී රුපියල් කෝටියක් ලබා ගත් සිද්ධියේ හැංගූ ෆයිල් දැන් යළි එළියට ඇදෙමින් තිබෙන නිසා ජොනී නම් ඔතන හිටියාට කමක් නැත. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාව යට ගසා ගන්නට බැරි වුණොත්, මේ රට නිතියේ ආධිපත්‍යය ඇති රටක් බවට යළි පත් වුණොත්, ජොනී එළියේ සිට කන අන්තිම අලුත් අවුරුද්ද මෙය විය හැකි ය.

මහින්ද නැතිව අවුරුදු කන්නට බැරි යයි ඇතැමෙක් කීහ. අවුරුදු වර්ජනය කරමු යයි ඉල්ලා සිටිය හ. අපි ඔවුන්ට පූර්ණ ප්‍රචාරය ලබා දුන්නෙමු. ජනතාව අවුරුදු නො කා ගෙවල් ඉදිරිපිට කළු කොඩි එසවූ හැටි කවුරුත් දකින්නට ඇත.

අපවත් වී වදාළ අස්ගිරි මහ නාහිමියන් වෙනුවෙන් අප්‍රේල් 12දා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබිණි. අහෝ දුකකි! ජාතිය ශෝක වූ තරම නගර සෙනගින් පිරී ඉතිරී ගිය තරමින් පෙනිණි. ඇත්තෙන් ම ශෝක වුණේ කලින් ම බාර් වැසූ එක ගැන දුක් වූ පිරිස පමණි. මෙවැනි ජාතික ජෝක් දින ප්‍රකාශයට පත් කිරීම ආගමික නායකයන්ට කරන අපහාසයකි. ආගම් නො අදහන අපට ම මේවා කතා කරන්නට සිදු වීම ඇත්තෙන් ම දෛවයේ සරදමකි.

මේ දිනවල රූපවාහිනිය බලන විට වැදගත් කරුණක් සිහිපත් වේ. දැන්, දැන් සංස්කෘතිය ප්‍රතිනිර්මානය කරන්නේ රූපවාහිනියෙනි. නියම සිංහල ගැමි අවුරුද්ද නම් මේ යයි නාගරිකයෝ දෙසති. එය තමන් ද නො කළ, වෙන කවුරුවත් හෝ නො කළ දෙයක් බව ඔවුහු දනිති. එහෙත් ඒ ඔස්සේ ඔවුහු සිංහල අලුත් අවුරුද්දක ෆැන්ටසියක් නිර්මානය කරති. අවුරුද්දෙන් අවුරුද්ද මේ ෆැන්ටසිය සුවිසල් වනු දැකිය හැකි ය. අන්තිමට බලන විට උපන් දා සිට ගම්වල ජීවත් වන අප ද, අපේ තාත්තලා හා සීයලා ද නො දත් අලුත් අවුරුද්දක් ගම්වල තිබී ඇත. යකෝ බලාගෙන යනකොට ගම්වල තිබුණ අලුත් අවුරුද්ද ගැන දන්නේ ගම්වල ඉපදී ජීවත් වන අප නො ව කොළඹ ඉන්න රූපවාහිනී කාක්කෝ ය. 

2013 අලුත් අවුරුද්ද දවසේ ලන්ඩන්, මාතොට සඟරාවල හිටපු කර්තෘ හා සමාජ ක්‍රියාකාරික කල්‍යානන්ද පෙරේරා එවූ අවුරුදු සුබපැතුම අපි පළ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ම සුබපැතුමට සිය නම එකතු කර ඔහු සිය දුරකථන අවුරුදු සුබපැතුම් පණිවුඩය එව්වේ මෙහෙමයි.

Oba Samata Suba Nawa Vasarak Weva! Ungal Anaivarukkum Puththandu Nalvalthukkal! Wish You All a Very Happy New Year!
Kalya and President Mahinda Rajapaksa

මේ අවුරුද්දේ මා යැවූ පණිවුඩයට ඔහු එවූ පිළිතුර මෙන්න: Same to you machan - Kalya without Mahinda

මෙවර සිංහල අලුත් අවුරුද්දේ ඇති වැදගත් ම සාධකය එයයි. අපි දුෂ්ට, පාදඩ, දූෂිත, ඒකාධිපති වියරුවකින් මිදුණෙමු. ඒ නිදහස කල්ප කාලයක් රැක ගත යුතු ය.

(පොඩි නිවාඩුවකට යන නිසා කමෙන්ට් මොඩරේෂන් පමා විය හැකි බව කරුණාවෙන් සලකන්න)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* අන්තිමට බලන විට උපන් දා සිට ගම්වල ජීවත් වන අප ද, අපේ තාත්තලා හා සීයලා ද නො දත් අලුත් අවුරුද්දක් ගම්වල තිබී ඇත. යකෝ බලාගෙන යනකොට ගම්වල තිබුණ අලුත් අවුරුද්ද ගැන දන්නේ ගම්වල ඉපදී ජීවත් වන අප නො ව කොළඹ ඉන්න රූපවාහිනී කාක්කෝ ය. */

    ඒ කොටස මට සිහි කළේ, කුරුලු හදවත නවකතාවයි!

    ReplyDelete
  2. [අපි දුෂ්ට, පාදඩ, දූෂිත, ඒකාධිපති වියරුවකින් මිදුණෙමු]

    ෂුවර්ද? 1980 ගණන් මතකද? සොත්ති උපාලි, බටලන්ද, ගෝනවල සුනිල් එහෙම මතක නම් හරි විප්ලවවාදියෙක් ඔහොම කියන්නෙ නෑ. පැරෑ විප්ලවවාදියෙක් විදියට ඉඳගෙන යූ.එන්.පී. යට පුක දෙන නිසා මෙහෙම කියන එක ගැන පුදුමයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හරකො අපි දැන් ඉන්නෙ, දෙදාහෙත් අවුරුදු 15 ගිහිල්ල කුනු ගොඩවල්වලම ඉන්නෙ නැතිව අලුතෙන් හිතන්න බලාපන්.

      Delete
    2. peraa විප්ලවවාදියෙක් bambuwa thamai 70 we 80 ganan wala wisthara kohen hari hoyagena hithagena hitapu sihina loka kathaa walata ekathu karaa kiyala ewagen විප්ලවවාදියෙක් wen na anika lankawe විප්ලවවාදිyo na kerali gahala rata kapu ekai karalaa thiyenne, lankawe hari විප්ලවyak karaa nam lankawa bauthikawa diunu ratak kohoma unath dakunu asiyanu ratawala විප්ලව kathaa boru samaja kerali witharai, kerali walin wenne ratawal winasha wena eka, විප්ලව walin ratawal goda negenawaa, udaaharana france විප්ලවya

      kerali gahanakota hitapu mahaloku samaja wadiyo den mokada UNP wage daneshwara paksha walata kade yanne ekenma penawa karapu විප්ලවyak na patu aramunu wenuwen kerali gahapu ekai kare oya samaja wade kiyagena kerali gahapu widihata ehenam ada JVP andu karanna ona, rusiyaweth nathi samaja wade ratema genu ganikawo pirimi circuis pennanawa oya peralage mahaloku විප්ලවwe digatama giya nam lankawata wenneth rusiyawata wechcha anith eka

      kondak thiyenawa nam publish karanna

      Delete
    3. යන්නේ හූ.එන්.පියේ කිළි කුණු සුද්ද වෙලා නිසා උම්මා දීල පිළිගන්ඩ කියලනේ?

      Delete
    4. නරක අඩු මිසක් හොඳ දේශපාලකයන් හෝ පක්ෂ සමහරවිට සමහර රටවල ඇති මෙහෙනම් නෑ. ඒ අවස්ථාවේ ඉතා නරක එකාව පරද්දන්න චන්දෙ දීම තමයි අපිට තියන ඔප්ශන් එක.

      Delete
  3. තේ කුඩු අවුරුදු කුමාරයා සහ විස්කෝතු අවුරුදු කුමාරිApril 15, 2015 at 6:48 PM

    ජනාධිපතිතුමාගේ අගය "තේ" රෙයි කල්යයි.

    ReplyDelete
  4. රාජ් මහත්තයාගේ කමෙන්ට් එකක් නැති පැරා මහත්තයාගේ පෝස්ට් එකත් මහින්ද මහත්තයා නැති අවුරුද්ද වගේමයි.

    ReplyDelete
  5. පැරණි ඡායාරූපයක් බලන්න කැමති ද?

    එහෙම නම් මෙතන ක්ලික් කරන්න.

    ReplyDelete
  6. ආන්න පැරාගේ කලින් නායකයා සෝමවංශ සහෝදරයත් පක්ෂෙන් අයින්වෙලා. අලුත් පක්ෂයක් හදන් දේශපාලනය කරනවා කියන්නේ. දැන් පැරා කාටද සපෝර්ට්? ආරංචි විදියට විජිත හේරතුත් සෝමවංශට එකතු වෙන ලකුණු. අද සෝමවංශ පක්ෂෙන් ඉවත්වෙනවා කියලා කියපු සාකච්චාවට විජිත හේරත් ඇවිත් හිටියා. පොර තව ටික දවසකින් සෝමවංශගේ අලුත් පක්ෂෙට එයි. පෙරටුගමින් මොනවා කරයිද? ලාල්කාන්ත-අනුර කුමාර බල අරගලයේ ප්‍රතිපල ඔන්න.

    අනුන්ගේ වැරදි හොය හොයා ඉන්න ජෙප්පොන්ට හොද වැඩේ. ජෙප්පෝ මේ ආණ්ඩුව හදපු වෙලේ ආණ්ඩුව කිව්වා මේකට ඇවිත් ඇමතිධුර අරන් වැඩ කරමු කියලා. ජෙප්පෝ ඒ වෙලේ මගඇරියේ ආණ්ඩුව අනාගනියි, ඊට පස්සේ ඒ කලකිරෙන ජන්දත් උන්ට ලැබෙයි කියලා. දැන් උනේ මොකක්ද? අයියෝ අයියෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා