චෞර පාර්ලිමේන්තුව වෙනුවට මෛත්‍රී ව්‍යවස්ථාදායකයක්

ෆේස්බුක් වෙතින් ලබා ගත් රූපයකි. 
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කල් ගොස් තිබේ.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කරන්නට තිබුණු දිනයේ ඇති වූයේ අනවශ්‍ය කලබලයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවත් නො වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිෂමෙන් කටඋත්තරයක් ගන්නට කැඳවී යයි ඔහුගේ ගෝලබාලයෝ පාර්ලිමේන්තුවේ බිම ලැගගෙන කලබල කළ හ.

මහින්ද රාජපක්ෂට එරෙහිව ඕනෑ තරම් නඩු ගොනු කළ හැකි ය. හෙල්පිං හම්බන්තොට හරහා සුනාමි අරමුදල් වංචා කිරීම පිළිබඳ නඩුව වුවත් නැවත ගොනු කරන්නට පුළුවන. තමන් වැරදි කළ බව, සොරුන් ආරක්ෂා කළ බව ඔහුගේ ම මුඛයෙන් පනයි. එහෙව් තත්වයක් තුළ නීතිමය විසංවාදයක් පැවතිය හැකි, එහෙත් නියත වශයෙන් ම සදාචාර විරෝධී, තිස්ස අත්තනායකට දුන් අල්ලස මේ මොහොතේ මතු කර ගැනීම ඇත්තෙන් ම ගැටලුවකි.

එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීම සඳහා ගෙන ආ එකක් බව ඇතැමෙක් සැක කරති.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහින්ද රාජපක්ෂට නැවත බලයට පත් වීමට තිබෙන මාර්ග සියල්ල වැසී යයි. එජාපය මුලින් ගෙනා යෝජනා ඔස්සේ අගමැතිට බලය ලැබෙන නිසා, පාර්ලිමේන්තුවට පත් වී, අගමැති කම අරගෙන, ජනාධිපති පඹයකු බවට පත් කර, නැවත බලයට පත් වන්නට මහින්ද සිහින දුටුවේ ය. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් අගමැති රාජ්‍ය නායකයා වන්නේ නැත. ඒ නිසා මහින්දට ඒ පාර වැසී හමාර ය.

එසේම, තුන්වන වරට ජනාධිපති ධුරයට තේරී පත් වීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්දට අවස්ථාවක් නො ලැබේ.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳ අකැමැති බලවේගය ලෙස දැකිය හැක්කේ රාජපක්ෂ කල්ලියයි. විමල් වීරවංශ පාටියේ වීරකුමාර දිසානායක අප්‍රේල් 21දා ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට ඉඩ නො දෙන බවට ස්වර්ණවාහිනියට වහසි බස් දෙඩුවේ ය. විමල්වත් එසේ එළිපිට කියන්නට තරම් ඉදිරිපත් නො වේ. මන්ද, එය රටේ දැවෙන අවශ්‍යතාවක් බව කවුරුත් දන්නා බැවිනි.

තාෂ්ණාධික පුද්ගලයකු වූ මහින්ද රාජපක්ෂ තවත් සය වසකින් නැවත ජනාධිපති වන්නට සිහින දකිනවා විය හැකි ය. ඒ වන විට තමන් තවත් මහළු බව තෘෂ්ණාව නිසා ඔහුට මතක් නො වන බව පෙනේ. බලයෙන් ගිලිහී ගිය පසු ඔහු මහළු වී ඇති තරම අනුව තව හය වසරකට පසු නැවත ජනාධිපති වීමට ඔහුට හැකි ද යන්න සැක සහිත ය. එහෙත්, මෝහයෙන් මුළා වූවන්ගේ මනස අන්ධ ය.

ජනාධිපතිවරයා හදිසියේ මිය යාම පවා රාජපක්ෂවාදීන් විසින් සලකා බලන බව පෙනේ. මන්ද, ඔහුට මඳක් අසනීප වූ අලුත් අවුරුදු දිනවල රාජපක්ෂවාදී සමාජ මාධ්‍ය බලකාය ඔහුට නිව්මෝනියාව වැළඳී ඇති බව කියමින් ඔහුගේ මරණය ගැන කතා කළ හ. ලක්ෂ 62ක ජනවරමින් බලයට පත් වූ ජනාධිපතිවරයාට පරාජය වූ මහින්ද රාජපක්ෂ යනු දින සීයක් යන්නත් පෙර ආපසු තනතුර තමන්ට දෙන්නැයි ඉල්ලා සිටින තරම් තෘෂ්ණාධික, ලජ්ජා විරහිත පුද්ගලයෙකි. ඔහුගේ හා ඔහුගේ පවුලේ අයගේ කැරැට්ටුව ගැන දන්නා නිසා ජනාධිපතිවරයා සිය ආත්මාරක්ෂාව ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතු ය.

මේ සියලු කලබැගෑනි මැද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාඩුවේ වැඩ කර‍ගෙන යමින් සිටියි. ඔහු අනවශ්‍ය තරම් සන්සුන් ය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඔහුට අවශ්‍යතාවක් නැති බව ඇතැමෙක් කියති. එහෙත්, සිය බලතල බොහෝ දුරට ඉවත් කර, අගමැතිවරයාට බලය පැවරෙන, එජාපය විසින් සකසන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් ඔහු අනුමැතිය දුන්නේ ය.

මුළු බලයම සියතට ගුලි කර ගැනීමේ උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාලට නැති බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. දැන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අතර සැලකිය යුතු බලය බෙදා ගැනීමක් සිදු වේ.

මහින්ද රාජපක්ෂගේ බත්බැලයන්ගේ බලය සහිත පාර්ලිමේන්තුවකින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නො වීම බරපතල ගැටලුවක් කර නො ගත යුතු ය. ඔවුන් නෙරපා හරින ලද පාර්ලිමේන්තුවකින් මෙම සංශෝධනය සම්මත කර ගත හැකි ය. එහෙත්, පැරණි ක්‍රමය යටතේ තවත් මහ මැතිවරණයක් පැවැත්වීම සමාජ අපරාධයකි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හා මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20වන සංශෝධනයකට උපකාර නො කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම සමාජ අපරාධයට වගකිව යුතු ය.

කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ විසින් දූෂ්‍ය කරන ලද දේශපාලන ක්‍රමයක් හා දේශපාලන ප්‍රජාවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා සීමිත ආඥාදායකත්වයක් පාවිච්චි කිරීම අසාධාරණ නැති බව දැන් සිදු වන දේවලින් පෙනේ. මන්ද, රාජපක්ෂගෙන් පසු ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් බිඳී ගිය දේශයක් බව ‍දැන් තහවුරු වෙමින් තිබේ.

ශිෂ්ට සමාජයක නම් සොරුන්, විමර්ශන යාන්ත්‍රණයන්ගේ පමාවට ඔලොක්කු කරන්නේ නැත. විමර්ශනයක් සඳහා අදාළ බලය සහිත ආයතනයකට කැඳවූ විට සැකකරුවෝ එයට එරෙහිව උද්ඝෝෂණ කරන්නේ නැත. රටේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නීති විරෝධී ලෙස අපරාධකරුවන්ට මුක්තිය ඉල්ලා කලබල කරන්නේ නැත.

අනෙක් පැත්තෙන් මේ සියල්ල අසාර්ථක ලෙස ආවරණය කර ගන්නට හදන්නේ ජාතිවාදයෙනි. රටේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට හා දූෂණයට එරෙහිව පියවර ගැනීම සිංහල විරෝධී කුමන්ත්‍රණයක් ලෙස පෙන්වන්නට රාජපක්ෂවාදීහු උත්සාහ කරති. මේවා කරන්නේ දෙමළ කැරැලිකරුවන්ට එරෙහිව සටන් කර සිංහල ආධිපත්‍යය යළ පිහිටවූ නායකයාගෙන් පළි ගැනීමට යයි ඔවුහු තර්ක කරති. එතනිනුත් නතර නො වී ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් වික්‍රමසිංහ වැනි අය කොටි සංවිධානයේ හා එයට සහයෝගය දෙන ජාත්‍යන්තර ප්‍රජාවගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන පිරිසක් ය යන සාවද්‍ය මතය පැතිරවීමට ද ඔවුහු කටයුතු කරති.

ජාතිවාදය යනු ලංකාවේ දූෂ්‍ය කරන ලද සමාජයට පහසුවෙන් ගිල්විය හැකි හළාහල විසකි. එවැනි පසුබිමක් තුළ ජාතිවාදය සමග සටන් කිරීම පහසු නැත. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය හා ආගමික අන්තවාදය යනු ලාංකීය සමාජයේ අභිවෘද්ධියට බලපාන ප්‍රධාන ගැටලුවයි. ජාතිවාදය හම‍ුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවයෙන් ම දුබල ය. ඒ නිසා ද ලංකාවේ ජාතිවාදය පරාජය කිරීම විෂයෙහි සීමිත ආඥාදායකත්වයක් සාධාරණීකරණය වේ. දැනටමත් ජාතිවාදය හා වෛරී ප්‍රකාශන සඳහා දැනටමත් දී තිබෙන ප්‍රකාශනයේ නිදහස උවමනාවට වැඩි ය. දිවයින වැනි පුවත්පත් නිදසුන් ලෙස සැලකිය හැකි ය.

රට තුළ ගොඩනැගෙමින් තිබෙන අස්ථාවරත්වයට දිගට ඇදී යාමට ඉඩ දිය නො හැකි ය. මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ අනාවැකි දෙවරක් පහත හෙළා තිබේ. නාස්තිකාර මෙගා ව්‍යාපෘති නතර කිරීම කෙටිකාලීනව ආර්ථික වර්ධන වේගයට බලපෑවත්, එය දිගුකාලීනව යහපත් දෙයකි. එහෙත්, මේ වන විට පවතින අස්ථාවරත්වය ආයෝජක විශ්වාසය පළුදු කිරීමට හේතු වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවේදී සිදු වූ ගැටලුව වැනි ‍හේතු මත තත්වය තවත් නරක අතට හැරී තිබේ.

2010 වසරේ ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තු‍වකින් පශ්චාත් මහින්ද යුගයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර ගත නො හැකි ය. ඒ නිසා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණත්, නැතත්, අස්ථාවරත්වය තව දුරටත් ඇදී යන්නට ඉඩ නො දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, දූෂණ දුරලීම වැනි අරමුණු වෙනුවෙන් 2015 ජනවාරි අටවැනිදා වූ එකතු වීම සියලු අසමගිකම් ඉවත ලා, පොදු අරමුණක් වෙනුවෙන් ඉදිරියට ගෙන යා යුතු ය. ඉහත කී අභිමතාර්ථවලට අමතරව, ජනතාව නො රවටන, දීර්ඝකාලීන අරමුණු සහිත පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මුලපිරිය යුතු ය. පක්ෂ දේශපාලනය වෙනුවට අරමුණක් මත පදනම් වන දේශපාලනය ඉදිරියට ගත යුතු ය. ඉදිරි මහ මැතිවරණයේදී සොරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා ජන බලවේගයක් ගොඩනැගිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රාජපක්ෂලා වටා තවම ඉතුරුවෙලා ඉන්නේ

    -උන්ගේ පාලන කාලයේ හොරාකාපු පිරිස (මහින්දගේ සිට නිල් බලකා සාමාජිකයින් දක්වා )
    -රාජපක්ෂලා රටින් හොරාකාපු ධනයට වහවැටුනු පිරිස (රාජපක්ෂලාට තවමත් කහින මාධ්‍යකාරයෝ, ව්‍යාපාරිකයෝ ඇතුලු )
    -සිංහල වර්ගවාදය හත්පොලේ ගාගත් 10 වසරක රාජපක්ෂ රෙජිමයේ කුනු වලින් ඔලුව දූෂනය කරගත් මෝඩ බයියලා රැලයි.

    ඔතැනින් මුල් කාංඩ දෙක රාජපක්ෂලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මැඩලිය හැකියි.. අන්තිම කාංඩය ගොඩගන්න නම් බුද්ධිමය මෙහෙයුමක් කල යුතුයි..

    ReplyDelete
  2. කාට කාටත් මතක ඇතිනේ අරාබි වසන්තය කියලා රැල්ලක් පහුගිය කාලේ දිවුවා... අරාබිකරය පුරා රටවල් අස්ථාවර කරමින් ඒ ඒ රටවල හිටපු නායකයින්ට එරෙහිව රටේ ජනතාවයැයි කියාගන්නා පිරිස් හා ඒ අතරට වැදුන වෙනත් පිරිස් විසින් ඒ ඒ රටවල නායකයින් ඉවත් කර.. පන්නා දමා.. ඇතැම් විට මරණයට පත් කර.. රටවල්වල පාලනය බිඳ දාපු ආකාරය... ඔයින් දරුණුම එක උනේ ලිබියාවේ... ටිකක් තද නීති යටතේ උනත් පිළිවෙලකට ලස්සනට මුවම්මර් අල් ගඩාෆි කියන නායකයා යටතේ තිබුන රටේ ගඩාෆිව මහා පාරේ තිරිසන් ආකාරයකට මරා දාපු ආකාරය...
    ඔව්වා දැකපු අපේ සමහර අවලංකම ජන්මයෙන් අරං ඇවිත් තිබුන හැත්තක් මහින්දවත් පාරේ ඇදන් යන අරාබි වසන්තය එනකල් දතකට මැදගෙන හිටියා කියන එකත් මතක ඇතිනේ...
    ඒත් ඒ හිතපු විදියට රටේ කැරලි ගහන්න මිනිස්සු හොයාගන්න බැරි වීමත් මහින්දට රටේ මිනිස්සුන්ගේ ඇති ආදරය නිසාත් ඒවා හීනයක් බවට පමණක් පත් උනා.. එහෙම බැරි හින්දා අන්තිමට වෙනම කුමණ්ත්‍රණයක් කරලා රට පුරා බොරු වපුරලා.. මහ ජාතිය බේධ බින්න කරවලා සුළු ජාතිකයින් එක රොත්තට එක්කාසු වෙලා අවසානයේදී මහින්දව බලයෙන් පහ කරන්නනං පිරිසකට හකියාව ලැබුනා.. හැබැයි පරාද උන මහින්ද කිසි සද්දයක් නැතිව ගෙදර ගියා.. පරාදයත් එක්ක රටේ අවුලක් හදලා හරි මහින්ද හා පවුලේ අයගෙන් මහපාරේ පලිගැනීමක් අපේක්ෂාවෙන් හිටිය අවලමාලට ඒකත් මිස් උනා.. ඒ කේන්තියටත් නිකං නොහිට මහින්ද හමුදාව දාලා බලය අල්ලන්න හැදුවා කියලා ටොම් පචයකුත් අතරලා බැළුවා.. ඒත් අවසානයේ අද වෙද්දි මහින්දට හදපු ටොම්පච එකින් එක පුස් වෙමින් යන අතරේ.. පරාද උනාට පස්සේ දින සීයක් වගේ සුළු කාලයකින් හිටියටත් වඩා ජනතාව අතරේ විශ්වාසය හා ආදරය දිනා ගන්නටත් මහින්ද අද වෙද්දි සමත් වෙලා ඉන්නවා...
    හැබැයි මේ අස්සේ දැන් දැන් මහින්දගේ මේ විශ්මයජනක නැගී හීටීම නිසා යන එනමං නැති වෙලා ඉන්න අය විසින් මහින්දවත් පවුලේ අයවත් සමීපතම හිතවතුන් හා ආධාර කාරයින්වත් දඩයම් කරන්න දත කමින් ඉන්නවා... මෙයාලගේ අවසන් අරමුණ කෙසේ හෝ මහින්දව හිරේට දාගන්න එක...
    අන්න එතනදී අපිට තියෙනවා පණිවිඩයක් දෙන්න මේ අවලං හැත්තට...
    අර කාලයක් තිස්සේ තමුන්නාන්සේලා බලං හිටිය අරාබි වසන්තය මේ රටට උදා වෙන්නේ ආන්න එදාට තමා.. මහින්දට බොරු චෝදනා කරලා ඇතුලට දාපු දවසට තමා අරාබිය ලංකාවට ඈත හින්දා පරක්කු උන අරාබි වසන්තය මේ රටට උදා වෙන්නේ... එදාට මේ රටේ මිනිස්සු කුපිත වෙලා පාරට බහින එක නවත්තන්න මොන යකාටවත් බැහැ... අර හොරගොල්ලේ පිිස්සු හුටමට හූ කියපු එක මොන තරං අහිංසක ආරම්භයක්ද කියලා තේරුං ගන්න ඕනනං මහින්දට අත තියලා බලන්න.. හැබැයි මතක තියා ගන්න එහෙම කරලා මිනිස්සු කුපිත උනාම කොයි කාව මහපාර දිගේ ඇදගෙන යයිද කියලා අපිට කියන්න බැහැ... මිනිස්සුන්ගේ කෝපය දවසෙන් දවස වැඩි වෙමින් තියෙන වෙලාවක ඕන නැති රෙද්දක් කරලා බෝම්බේ පුපුරවගන්න හදන්නේ නැතිව සාමෙන් ඉන්න තරමට ජහපාලකයින්ටත්.. ඒ ඒ පවුල්වල අයටත් අවුලක් වෙන එකක් නැහැ.. හැබැයි වැරදි නිලේ ඇල්ලුවොත්නං පුතේ.. කෝට් බෑයවල්.. කපටි සූට් පිටින්ම අවසන් ගමන් යන්න පාර කපා ගතෑකි...

    ReplyDelete
    Replies
    1. Uba nam yanna lagayi wage penne

      Delete
    2. තොපි නිකම්ම නිකම් බයියෝ නෙවෙයි. තොපි අපට නිදහසට වඩා වහල්කම හොඳා කියන වහල් බයියෝ...!

      Delete
  3. ගෝඨාභයට හා මහින්දට කාලකන්නියා, මරා, හොරා, අපතයා, පිමිපියා යනාදී නම් භාවිත කරමින් බුකිය තුළ බැණ අඬගසන අය පිළිබඳ අපි දින සති කිපයක සිටි සොයා බලමින් සිටිමු. මෙම සොයා බැලීමේ දී අපට හෙළි වූයේ එවන් වචන පිට කරමින් අදාළ පුද්ගලයින්ට එරෙහි ව වෛරය වපුරන සියයට 90 ක්ම ෆේස් බුක් ගිණුම් ව්‍යාජ ඒවා බව ය. මේ අතර, මෙම ගිණුම් මෙහෙය වනු ලබන්නේ බොහෝ විට යුරෝපා රටවල සිට බව ද අනාවරණය විය. මෙහි දී හෙළි වූ විශේෂත ම කරුණක් හෙළි කරමි. එනම් මෙම ගිණුම් සිංහල නම්වලින් පෙනී සිටිය ද ඇත්ත වශයෙන් ම මෙහෙයවා තිබුණේ වෙනත් ජාතිකත්ව සහිත පුද්ගලයින් විසින් බව ය.

    ඉහත ව්‍යාපෘථිය පූර්ව සැලසුම් සහිත ව ඉතා සූක්‍ෂම ලෙස කරගෙන යනු ලබන මානසික යුද්ධයක් (psychological war) බව කිව යුතු ය. මොවුන් කරන්නේ ව්‍යාජ ලෙස සිංහල නම් යොදා සිංහලයෙකුට ආරූඩ වී මහින්ද, ගෝඨා වැනි අය පට්ට ගැසීම ය. එමෙන් ම ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින භික්‍ෂූන්ට පහර ගැසීම ද සැලසුමට අයත් ය.මේ පිරිස්වලට සමාජයට කළ හැකි බලපෑම හීන කිරීම අරමුණ ය. ජාතියක් ලෙස නැගී සිටින බලකනු ගැලවීම තුලින් එය කළ හැකි ය. එවකට ජෝන් ඩොයිලි කී ලෙස බෞද්ධ භික්‍ෂුව සිටින තුරු ශ්‍රී ලංකාවේ ජාතිකත්වය දියකළ නොහැකි බව මොවුන් අවබෝධ කොට ගෙන සිටීම මීට හේතුවයි. මෙයනුව, අදාළ චරිත පිළිබඳ ව්‍යාජ විඤ්ඤාණයක් සිංහල මනස්වලට කවා එකී චරිතවලට සමාජයට කිරීමට හැකි බලපෑම හීනකොට සූක්‍ෂම ව වෙනත් චරිත අදාළ හිස් තැන්වලට රිංගවීම මෙහි දෙවැනි අදියර වේ. මෙය කොටින් ම ඌරාගේ මාළු ඌරාගේ ම ඇ‍ෙඟේ තබා කැපීමේ ඉපැරණි න්‍යායයි.

    කෙසේ වෙතත්, මෙහි ඉතා ඛේදනීය පැත්තක් තිබේ. එනම් කෘතීම හා ව්‍යාජ මතය ඇත්ත එකක් ලෙස ඇතැමුන් විසින් සිතීම ය. එසේ සිතනවා පමණක් නොව ඉහත කිවූ ව්‍යාජ පිරිසට වඩා වැඩි තීව්‍රතාවකින් යුතු ව අදාළ කාර්ය කිරීමට ද මෙම පිරිස වගබලා ගනිති. මහින්ද වැනි ප්‍රබල චරිතයන්ට පවා ලවක් දෙවක් නැති ව තලන තමා වීරයෙක් ලෙස සිතමින් මෙම පිරිස ස්වයං වින්දනයට පත් කිරීම මෙහි දී දෙන සැනසිලි තෑග්ගකි. එහෙත්, කිසියම් දිනක මෙම පිරිසට වැටහෙනු ඇත්තේ ඇත්ත වශයෙන් ම තමා විසින් තළා ඇත්ත‍ේ අනෙකෙකුට නොව තමාට ම බව ය.
    මහින්ද පතිරණ

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ධ අත්දැකීමක් මටත් තියනව. ඡන්ද කාලෙ මහින්ද සහ ගෝටාබය ගැන දැඩි වෛරෙන් කතා කළ කෙනෙක් ගැන මට සැකයක් ඇතිවුනා. මට හිතුන ඔහු ගැණ සොයා බලන්න. එහෙම කළේ ඔහුගෙ භාෂා ශෛලියෙ තිබුන දරුණුකම නිසාමයි. ඔහුගෙ ප්‍රොෆයිල් එකට ගියාට හොයාගන්න බෑ .සිංහල තමයි.

      නමුත් මගෙ සැකය දුරුකරගන්න හිතාගෙන ස්ටෑන්ඩ් අගේන්ස්ට් රේසිස්ම් කියල අත දාගත්ත ප්‍රොෆයිල් එකකින් මම ඔහු ට රික්වෙස්ට් එකක් දාල හිතවත් වුනා. ඔහුගෙ ඒව ශෙයා කළා ලයික් කළා.
      දවසක් චැට් කරන්න අවස්ථාවක් උදාකරගත්තා.සිංහලෙන් චැට් කළා. ඔහුගෙ සිංහල බැලූ බැල්මට හොදටම හොදයි.

      මම ගැන පුරසාරමක් කියනව නොවෙයි. මම හිතන්නෙ නෑ කෙනෙකුට ඔහුව අල්ලගන්න ලේසිවෙයි කියල. මම ඔහුව අල්ලගත්තෙ "ලැබුනා කියන වචනෙන්. ඔහු ඇකාරය දාන්න ඕන තැන්වලට කොම්බුව දානවමයි. ලැබුනා කියන එක ලෙබුනා කියල ලියන්නෙ. ඔහුගෙ ජාතිකත්වය ගැන මට අවබෝධයක් ලැබුනා.

      තවත් අවස්ථාවක ඔය විදියටම කෙනෙක් අල්ලගත්ත. ඔහුගෙ ප්‍රොෆයිල් එක බෞද්ධ දේවල්වලින් පිරිල . ශෙයා කරල තියෙන්නෙත් බෞද්ධ ඒවමයි.නම උඩරට රදළ නමක්. සොයා බලන කොට ඔහු බෞද්ධයෙක් ලෙස පෙනී සිටියත් මොරටුව පැත්තෙ පාස්ටර් කෙනෙක්.

      Delete
    2. මහින්දට හා ගෝඨාභයට කාලකන්නියා, මැරයා, හොරා, අපතයා, පිමිපියා කියා බනින්නේ;

      1. උන් දෙන්නාම කාලකණ්නි නිසයි. අවුරුදු දහයක් රට නැත්තටම නැතිවෙන්න කාලා කෑදරකමට තවත් කන්න ඉල්ලන් එවුන් කාලකණ්නි නෙවෙයිද?

      2. උන් දෙන්නාම මැරයින් නිසයි. සෝභිත හාමුදුරුවන්ටත් කාමරයක් අස්සේ දාගෙන අතින් පයින් පහර දුන් එවුන් මැරයින් නෙවෙයිද?

      3. උන් දෙන්නාම හොරුන් නිසයි. ඇත්තටම හොරා කියන එක උන්ට කරන ගෞරවයක්. මුන් දෙන්නම අම්බ කම්බ හොරු.


      4. උන් දෙන්නාම අපතයින් නිසයි. උදේට දැක්කොත් කැඳත් හම්බවෙන්නෙ නැහැ.

      5. උන් දෙන්නාම පිම්පියන් නිසයි. චීනයට ලංකා මාතාව වේසකමේ යවන්න පිම්පිකම නේද මුන් දෙන්නාම කළේ?

      කතාවේ ආදර්ශය: සරල පැහැදිළි කිරීම් තිබියදී කප්පරක් කන්ස්පිරැසි තියරි ගොඩ නැඟිය යුතු නැත.

      Delete
    3. AnonymousApril 24, 2015 at 9:24 AM - මේ ඇනො නමින් ඉන්නෙත් ඔය වගේම් ආතක් පාතක් නැති කල්ලතෝනි හම්බ හාල්පාරුවෙක්. මූ හැමදාම දාන්නෙ මේ වගෙ ගල් මූසල කොමෙන්ට්. මචන් මුන්ගෙ ඔක්කොම සෙල්ලම් නෙට් එකේ විතරයි. එලියට බැස්සම ලොවෙත් හොයන්න නැහැ. මෝඩ සිඟිති ආතල් ! හික් හික් !

      Delete
    4. තර්කයට තර්කයෙන් උත්තරෙ දෙන්න බැරි වුණාම පෞද්ගලික අපහාසයට බැසීම බයියන්ගේ සාමාන්‍ය ලක්ෂණයකි.

      Delete
    5. මුස්ලිම්, එවැන්ග්ලිකන් කල්ලි වලින් සල්ලි දීලා ප්‍රොෆයිල් හදාගෙන සින්හල කොල්ලො කෙල්ලොන්ගෙ ඔලු කුරුවල් කරන එක ජයටම කෙරීගෙන යනවා. ඊට අමතරව එජාපෙ සන්නිවෙදන බලකායෙත් දැන් 1000ක් විතර ඉන්නවා කියනවා. එකෙක්ට දවසට 1600යි. 1600යට දැන දැන බොරු ශෙයාර් කරන තරුන පරම්පරාවක් ඉන්නවා කියලා දැන්නෙද්දී දුකත් හිතෙනවා.

      Delete
    6. හඃ හඃ හා. ඔය පහල ලයිව් එක්සාම්පල් එකක් තියෙන්නෙ ඇනෝ දාල? මචන් මම හිතන්නෙ මුන් ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් තමයි කොමෙන්ට් දාන්නෙ. ඒකෙන්ම අපේ කමෙන්ට් තේරුම් ගන්නවත් ඇති. අන්තර්ජාලෙ ඔය මොන සෙප්පඩ විජ්ජා දැම්මත් ඕකුන්ට රටේ දැනෙන වෙනසක් කරන්න බැහැ බන්, බය නොවී ඉඳපන්.

      Delete
  4. පැරාට සිලුමින එඩිටර් පොස්ට් එක නොදුන් කාවන් රත්නායක බන්ගවේවා!!

    ReplyDelete
    Replies
    1. @ චා රස තුමා

      මහ බයියා ආපහු බලයට ආව දවසක ඒ තනතුර ඔයා ඉල්ලගන්න මෙයා... ඔය කඩේ යන හැටියටනම් ලේක්හවුස් සබාපතිකම වත් දෙයි. පොඩි පරහකට තියෙන්නෙ උන්නැහේ ආයේ බලයට නොඑන එක තමා....

      Delete
    2. ඔය මනුස්සයාගේ නියම නම 'කාවන් රත්නායක' නෙවෙයි.... කාවන්තිස්ස රත්නායක.
      තාත්තා දාපු නම මොඩ් නැහැයි කියලා එයා හිතනවා ඇති. ඒකයි 'කාවන්තිස්ස' කියන්නේ නැතිව 'කාවන්' කියලා හදා ගෙන තියෙන්නේ.

      Delete
  5. මොනාද පැරා මෙ හතර බීරි කතා. රනිල් හැදුවෙ ව්යවස්ථා මඩගියකින් රටෙ පාලනය අතට ගන්න. දැන් අලුත් එකෙන් එහෙම බැරිලු. ඒක පාර්ලිමෙන්තුවට එන්න තිබුනෙ දවසෙ ව්යවස්ථාවිරොධී ලෙස මහින්දව අල්ලස් කොමිසමට ගෙන්නුවෙ රනිල්ගෙ යාලුවගෙ බිරිද. එතකොට ඒකත් මහින්දගෙ කුමන්ත්‍රනයක් වෙන්න 19 මුලින්ම හැදුවෙ මහින්දද? මෙක කුමන්ත්‍රනයක්නම් ඒක රනිල්ගෙ කුමන්ත්‍රනයක් වෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. අනේ බූරුවෝ.. මහින්ද අල්ලස් කොමිසමට නෙවේ 4 වෙනි තට්ටුවටයි ගෙන්නන්න ඔනෑ.. අවුරුදු 10 තිස්සේ රට කාපු එකාට තවම කහින උන් ඉන්නවනේ..

      Delete
    2. අනෙ මන්ද මෙ 2000 ඉපදුන එවුන් එක්ක දෙශපාලනෙ කතා කරන්න ගියාම ඔලුව කැරකෙනවා. 80 දශකයෙ බල්ලො බලල්ලු වගෙ මිනිස්සු මරපු හැටි, චන්ද්‍රිකාගෙ කාලයෙ රට ඔහෙ පල් වෙවී තිබුන හැටි, රනිල්ගෙ කාලයෙ රට ඔන්න මෙන්න දෙක බෙදෙන්න ගිය හැටි, වැස්ස නැති උනාම විදුලිය කපපු හැටි, රටෙ ප්‍රධාන ගුවන්තොටුපලෙ ඉදන් අගනුවරට පාරක් හදාගනන් බැරුව අවුරුදු 30ක් හිටපු හැටි නොදැන ගොන් නාම්බො වගෙ තප්පුලනවා මහින්ද රට කෑවලු. ආර්ථිකය ගැන දන්නෙ නැත්නම් දන්න එකෙක්ගෙන් අහගනින් 2005දී රටෙ ආර්ථිකයයි 2015දී රටෙ ආර්ථිකයයි අතර වෙනස.

      Delete
  6. //ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, දූෂණ දුරලීම වැනි අරමුණු වෙනුවෙන් 2015 ජනවාරි අටවැනිදා වූ එකතු වීම සියලු අසමගිකම් ඉවත ලා, පොදු අරමුණක් වෙනුවෙන් ඉදිරියට ගෙන යා යුතු ය. ඉහත කී අභිමතාර්ථවලට අමතරව, ජනතාව නො රවටන, දීර්ඝකාලීන අරමුණු සහිත පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මුලපිරිය යුතු ය. පක්ෂ දේශපාලනය වෙනුවට අරමුණක් මත පදනම් වන දේශපාලනය ඉදිරියට ගත යුතු ය. ඉදිරි මහ මැතිවරණයේදී සොරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා ජන බලවේගයක් ගොඩනැගිය යුතු ය.//

    ඔන්න ඔච්චරයි වෙන්න ඕනා..

    ඕක තේරෙන්නේ නැති හරක් රංචු වක් ඉන්නවා.

    ඔය හරක් රංචුවේ ලීඩර් ලා කස්ටියක් තමයි එදා විස්කි බිබී පාර්ලිමේන්තුවේ ජෝගි නැටුවේ.

    ReplyDelete
  7. අද මාතෘකාව වෙන්න තිබ්බේ.."දින 100 ඉවරයි..හෙට ඉඳන් අළුත් රටක්.!!"
    මහින්දට බැන අඬගගා හතර වටේ දුවනවට වැඩිය දින 100 පොරොන්දු වලින් බාගයක්වත් කරවගන්න ( මේ ආණ්ඩුව හරි පාරේ ගෙනියනවා කියලා පොරටෝක් දීපු ටොයියො ) වැඩ කලා නම් ටොයියොත් ගොඩ රටත් තරමකට හරි ගොඩ නේද..නටන්න බැරි ටොයියන්ට දැන් ඔක්කොම කුමන්ත්‍රණ

    ReplyDelete
  8. මේ අහපන් පැරකුම් අපෙ බුදු අයියේ...
    තිහ පැනලා හාරමසයි සතියයියේ....
    බෙල්ල කොටයි මොනිටරේට දුර වැඩියේ...
    ෆොන්ට් එක ලොකු කරපන් මගෙ සුදු අයියේ...

    ReplyDelete
    Replies
    1. පැරකුම් අයියා මා කීදේ සලකාලා...
      රැකියා වෙලා වෙන් කාලය වැය කරලා....
      හැදුවට අකුරු ටික කදිමට ලොකු කරලා..
      හදිස්සියේ කොමෙන්ටු අමතක වීලා....

      ඩොන්ගල් එකෙ ඩේටා ඉවර වෙලා දෝ...
      පිනා ඇවිත් හොර එබිකම් කරාදෝ....
      නයනා එක්ක කයියට සෙට් වුනා දෝ..
      කොමෙන්ට් කරන අප අමතක වුනා දෝ....

      ලිපිය සේම කොමෙන්ට් ටිකත් වැදගත් ය...
      ඇනෝ ඇවිත් දැම්මත් එය බලවත් ය....
      බෙල්ල කඩන් බැලුවත් එය රසවත් ය..
      කොමෙන්ට් අකුරු ලොකු වුනොතින් පර්ෆෙක්ට් ය...

      Delete
    2. yako, ctrl + mouse wheel

      Delete
    3. කෙලෙසද පැරා සුදු අයියා උනෙ නුඹට
      ආවද පැරා ගේ ෆාදර් උඹෙ ගමට ?
      ගියාද හොරා ට නුඹෙ ෆාදර් මතුගමට ?
      ආවද මරා තොපි දෙන්නාගෙම ගමට?

      Delete
    4. කොන්ටෙරෝල් ප්ලස් මවුස් වීල් බැක් වෙනකොට රීසෙට් වෙනවා නම් හොඳයි.... ඒත් එහෙම වෙන්නේ නෑ නොවැ... අපිට ලොකු අකුරු සැමදා දියව්......!!!!

      Delete
  9. අවසානයේ සභාතොමෝ සතුටින් විසිර ගියහ......!!

    ReplyDelete
  10. ///දැනටමත් ජාතිවාදය හා වෛරී ප්‍රකාශන සඳහා දැනටමත් දී තිබෙන ප්‍රකාශනයේ නිදහස උවමනාවට වැඩි ය. දිවයින වැනි පුවත්පත් නිදසුන් ලෙස සැලකිය හැකි ය.///

    තෝ ගස් බල්ලෙක් වගේ මෙතන රටේම නැති තරම් කෙප්ප කෙලින ගමන් අනිත් උන් ලියන ඒවා වාරණය කරන්න කතා කරනවා.
    නිකං නෙමෙයි උඹ ජෙප්පෙක් කියන්නේ, තාමත් "චිට්" කෑලි යවපුවා එහෙම මතක ඇතිනේ. ඒකනේ අනිත් උන්ගේ කටවල් වහන්න හදන්නේ.

    මෙතන එහෙම කියන ගමන් රටට පේන්න කොහෙවත් නැති ගොන් බිජ්ජෝ ටිකක් එක්ක එකතුවෙලා පුරවැසි මාධ්‍යකරණයක් ගැන කතා කරනවා.
    තමුසෙට කටිනුයි පුකෙනුයි දෙකෙන්ම කතා කරන්න පුළුවන්ද මනුස්සයෝ
    උඹත් කුණුවෙලා මැරෙන්න ඕනේ ජාතියේ ජඩයෙක්

    ReplyDelete
    Replies
    1. මොනවා නැතත් දින සීයෙ ඉවර වෙද්දී මාද්ය නිදහසයි, අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතියයි ගැන කතා කර කර හිටපු එවුන්ගෙ නිරුවතනම් හෙලි උනා. උන්ට මාද්ය නිදහසයි, අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතියයි ඔනෙ උන්ට සහ උන්ගෙ මතවාද වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ටයි විතරයි. අනිත් එවුන් අදහස් ප්‍රකාශ කරන්න ගත්තම සුපුරුදු තර්ජන, ගර්ජන සහ නීතිය යොදාගෙන මර්දනය අපූරුවට කරනවා.

      Delete
    2. මෙවැනි අශීලාචාර, පාදඩ විදියට මිනිසුන්ට කතා කොරන මිනිස්සු ඉන්නකල් කවදාකවත් ලංකාව හදනව බොරුයි.

      Delete
    3. "දිවයින" පත්තර කඩ මාල්ල මම පුක පිහින්නවත් ගන්නේ නෑ, මොකද ඒකෙන් පුක වණ වෙන්න පුළුවන් නිසා.

      Delete
  11. මෙ ආණ්ඩුවෙ ලොක්කොත් එකයි කඩෙ යන මැට්ටො ටිකත් එකයි. දවස් සීයම ගත කලෙ මහින්ද ගැන මරු කියව කියව සත පහක වැඩක් කරෙ නෑ. රනිලා වගෙ කුමන්ත්‍රන කාරයො, චන්ද්‍රිකා වගෙ පල් හොරු පස්සෙ යන නිවට ගොන්නු ඉන්න රටක් කොහෙ හදන්නද. මෙ ගොන් ආණ්ඩුව අවුරුදු 10ක් තිබුනොත් පාකිස්තානෙත් අපිව පහු කරන් යයි.

    ReplyDelete
  12. ඉබාගාතෙ අයාලෙ යන රටක් සැදීම වෙනුවෙන් පෙනී සිටි මහා විප්ලව වාදීන්ට අපෙ උපහාරය. දැන් සනීප ඇති කුහක ඉරිසියාකරයන්ට.

    ReplyDelete
  13. ඔබතුමා හරි බ්‍රිතාන්‍ය, ඉන්දියාව, යුරෝපය අමෙරිකාවත් දිනා ගත්තා, හැබැයි දැන හෝ නොදැන උකසට තිබ්බේ අපේ මවුබිමයි , ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට පසුබිම කෙමෙන් නමුත් ප්‍රබලව සැකසෙනවා, ඇමෙරිකාවට බ්‍රිතානයට ඕනේ උනේ එහෙ ඉදන් රිමෝට් ඊකෙන් ඔපරේට් කරන්න පුළුවන් ආණ්ඩුවක් හා නායකෙයක් , ඒ වෙනුවෙන් තමා ඩොලර් කෝටි ගණන් වියදම් උනේ. මෝඩි මහතා අපේම පාර්ලිමේන්තුවේ ඉන්දගෙන් අපේම අයට13 ට එහා ගිය බලයක් උතුරට දෙන්න කිවා , එදා 1987 මයි මාසේ බෝගහ ළඟ 13 ට විරුද්දව කඳුළු ගෑස් මැද අභීතව , නොසැලී සියලුම දෙනා ( මා ඇතුළු ) දුවද්දී , වේදිකාව මත ගිලන්ව ඇද වැටුන ඒ මහා රුක ගරු මාදුලාවේ සෝභිත හාමුදුරුවෝ ඇයි අද නිහඬ වෙලා ??? එදා පිට කොටුවේ බෝ ගහ මුල වෙඩි කා වැදුනේ ක්ලිෆඩ් පෙරේරා වෙඩි පාරකින් මිය ගිය මුල්ම මොරටු සරසවි සිසුවා (අපගේ ඇස් ඉදිරිපිට ) මෙන්න මෙහෙමයි එදා 13 ට විරුද්ද වුනේ . නමුත් අද. වර්තමාන ජනාධිපති තුමා වැදගත්, චාම් අහිංසක වෙන්න පුළුවන් , නමුත් අපිට අවශ්‍ය මේ රටේ මේ කාලෙට ගැලපෙන් ආර්ථික , සාමාජික හා අනෙකුත් ගැටළු වලට තිරසාර විසදුම් දෙන්න පුළුවන් කොන්ද කෙලින් තියා ගෙන වැඩකරන්න පුළුවන් නායකයෙක් . මෙතුමා ගැන මට ප්‍රස්නයක් නැ, මොකද රට පාලනය කරන්නේ මෙතුමා නොවෙන නිසා , හැබැයි වැරදි නම් මෙතුමා , හොදයි නම් අගමැති තුමා , මේ දෙගොල්ලගෙ ක්‍රියාවන් අපිට දැනගන්න පුලවන් මේ දෙගොල්ල වෙන් වෙන්ව ඡන්දෙ ඉල්ලන්න කොට . දින 100 දකුණට කෙරුණ kisima දෙයක් නැ තාම , හැබැයි ඩයස්පෝරාවට නම් ගානට මිම්මට වැඩ කෙරැණා , ඩීසල් පෙට්‍රල් හා ආහාර පාන අඩු කලේ ප්‍රතිපාදන නැතිව මුදල් නොමැතිව , එක හරියට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ණයට පාටි දානවා වගේ බව ක්‍රෙඩිට් කාඩ් ඇති අය දන්නවා . ස්වාධීන කොම්සන් සබා ගේන්න පුළුවන් උනොත් අපිට දින 100 තුල රට ට වැඩක් උනා කියා හිතන්න පුළුවන්.

    ReplyDelete
  14. "ජාතිවාදය හම‍ුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවයෙන් ම දුබල ය. ඒ නිසා ද ලංකාවේ ජාතිවාදය පරාජය කිරීම විෂයෙහි සීමිත ආඥාදායකත්වයක් සාධාරණීකරණය වේ. දැනටමත් ජාතිවාදය හා වෛරී ප්‍රකාශන සඳහා දැනටමත් දී තිබෙන ප්‍රකාශනයේ නිදහස උවමනාවට වැඩි ය. දිවයින වැනි පුවත්පත් නිදසුන් ලෙස සැලකිය හැකි ය."

    පැරකුම් ගේ මෙම ප්‍රකාශයට මම විරුද්ධ වෙමි. ජාතිවාදය වැලැක්වීම සමාජය දැනුවත් කිරීමෙන් කල යුතුය. බහුතර සිංහල ජනතාව 1994-97 සමයේදීත් 2001-2003 සමයේදීත් සිංහල ජාතිවාදය තදින් ප්‍රතික්ෂේප කළේ වාරණයට බයෙන් නොවේ. දැනුදු බොහෝ සිංහලයන්ගේ අන්තවාදී අදහස් දක්ෂ කථිකත්වයක් ඇති නායකයෙකුට වෙනස් කල හැක. අනික් අතට දමිළ, මුස්ලිම් වර්ගවාදීන් දෙමළ බසින් ගෙනයන ප්‍රකාශන, රැස්වීම් කථා අතිශය ජාතිවාදී වුවත් විවේචනය වන්නේ නැති තරම්ය. එක් ජාතිවාදයක් පමණක් මර්දනයෙන් මෙය විසඳිය නොහැක.

    අනික් අතට මෙය භාෂණයේ නිදහස උල්ලංගනයකි. දැන් පැරාගේ අදහස් රජයේ මතය සහ අරමුණු සමග එකඟ නොවේ කියා මෙම බ්ලොගය වාරණය කිරීමත් ඔබට දඬුවම් කිරීමත් හරිද? කරුණාකර පිළිතුරු දෙන්න.

    ReplyDelete
    Replies
    1. උන්ට ඔනෙ කොක්කෙන් හරි කෙක්කෙන් හරි දෙමල ස්ව්යන්පාලනයක් හදලා දෙන්න. කරන ක්‍රමය හරිද වැරදිද කියන එක ද්විතීකයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා