පෙරටුගාමී සමාවාදී පක්ෂයේ ඓතිහාසික වයර් මාරුවීම

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

එයට හේතුව සෙවීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ලංකා වීව්ස් වෙබ් අඩවියේ සිය ප්‍රතිවාදී ජවිපෙ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීම විවේචනය කරමින් ඇයි මේ ජවිපෙ 19 වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක? මැයෙන් ලියන ලද ලිපියෙහි මෙසේ දක්වා තිබිණි.
ධනවාදය පවතින්නේ විධායකය, පාර්ලිමේන්තුව මේ ඔක්කොම හවුල් වෙලා. දැන් ඒකට කොමිෂන් ටිකකුත් එනවා. මේ හැම එකක්ම කරන්නේ, සිස්ටම් එක පවත්වාගෙන යන එක. සිස්ටම් එකට ඕන තීන්දු තමයි මේවා ගන්නේ සිස්ටම් එක මේවා ගොඩනගන්නේ ඒකට. මාක්ස් කිසියම් යුගයක රජයන අදහස් වනාහි පාලක පන්තියේ අදහස් කියලා කිව්වේ මේකට. අපට නව ලිබරල් ආර්ථිකයෙන් නිදහස් වෙන්නේ නැතුව අරගෙන එන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ ආර්ථික උවමනා එපාකම් වෙනුවෙන් මේ ආයතන වැඩකරනවා. පාලකයන්ගේ කැමැත්ත තමයි ඒක.
දහනමය කියන්නේ සමාජවාදී ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. එය සිදු වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් ලෙසයි. එහෙත් එය ලංකාවේ පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී විධායක ජනාධිපති ක්‍රමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ගයක්. 

ලංකාවේ ප්‍රගතිශීලී ජනතාව වඩා යහපත් ආණ්ඩුක්‍රමයක් සම්බන්ධයෙන් දිගු කාලයක සිට අරගලයක යෙදුණා. මේ අරගලය ඇතුළේ සංවාද රැසක් තිබුණා. විධායක ජනාධිපති ධුරය මුළුමනින් ම අහෝසි කර, 1978ට පෙර පැවති වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට ආපසු යනවා ද යන්න එක් සංවාදයක්. මෙතැනදී අපි නම් සිටියේ විධායක ජනාධිපති ධුරයට හිමි වන අසීමිත බලතල සංශෝධනය කළ යුතුයි කියන තැනයි. විධායකය හා ව්‍යවස්ථාදායක අතර බලය තුලයන විය යුතුයි කියන තැනයි. සම්මත වූ දහනමයේ යම් යම් බාල වීම් තිබෙනවා. එහෙත්, සමස්තයක් ලෙස ගත්තා ම එය ඉදිරිගාමී පියවරක් බව අඳබාලයන් නො වන ඕනෑම කෙනෙකුට වැටහෙනවා. 

ආණ්ඩුක්‍රම සම්බන්ධයෙන් වැදගත් ම සංවාදය සිදු වුණේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙනුයි. එය තිස් අවුරුදු යුද්ධයකටත් හේතු වූ කරුණක්. ජාතීන් අතර බලය බෙදා ගැනෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම තමයි එහි අරමුණ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එය යම් තරමකට සිදු වුණා. එහෙත්, තවමත් එය මුළුමනින් ම ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේ ම සුළුතර දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ දේශපාලන පක්ෂත් තවම බලය බෙදාගෙන කටයුතු කිරීමේ පරිණතභාවය ලබාගෙන නැති බව උතුරු හා නැගෙනහිර පළාත් සභාවල තත්වයෙන් පෙනෙනවා. 

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම සංවාදය සමග සම්බන්ධ වුණේ නැහැ. එහෙත් ඒ සංවාදය අවසන් වෙලාත් නැහැ. නිදසුනක් ලෙස බලය බෙදා ගත යුත්තේ ජාතීන් ලෙස ද, නැතිනම් භූගෝලීය පදනමින් ද කියන කාරණය මේ මොහොතේ වැදගත් කාරණයක්. 

එහෙත්, මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ එක් සංවාදයකවත් වැදගත් මැදිහත්වීමක් කළ පක්ෂයක් නොවෙයි. පක්ෂයක් ලෙස ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි, නිරවුල් අදහසක් ඔවුන්ට නැහැ. ඔවුන් තවමත් මතුරන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම සමාජවාදය ය යන කෝකටත් තෛලය මන්ත්‍රයයි. 

එහෙත් ඔවුන් සමාජවාදය වෙනුවෙන් කරන අරගලය කුමක් ද? ඔවුන්ගේ දේශපාලනය අධ්‍යයනය කරන විට පැහැදිලිව දකින්නට ලැබෙන ප්‍රධාන කාරණය වන්නේ ඔවුන් දේශපාලනය කරන්නේ තම මව් පක්ෂය වන ජවිපෙ දෙස බලාගෙන ජවිපෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න සිතමින් බවයි. සමාජ ප්‍රශ්නවලදී ජවිපෙට වෙනස් ස්ථාවරයක් ගනිමින් තමන් විප්ලවවාදී යයි හුවා දක්වන්නට ඔවුන් උත්සාහ කරනවා. එහෙත්, නවීන විප්ලවවාදීන් වන්නේ දක්ෂ මිනිසුන් හා මිනිස් සමූහයන් මිස අවංකකම හැර වෙනත් දෙයක් නැති මිනිසුන් නොවෙයි. අවංකකම කියන්නේ අතිශය වියුක්ත සංකල්පයකි. අපි පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය උදාහරණයකට ගත්තොත්, අජිත් කුමාර මන්ත්‍රීවරයා නීති සම්පාදකයෙක් ලෙස කෙතරම් දක්ෂ ද යන කාරණය ගැන ඔවුන් නැවත තක්සේරුවක් කර ගත යුතුයි.

19ට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීමේ පෙ.ස.ප. ස්ථාවරය ගැන නිර්මාල් රංජිත් දේවසිරි කරන ප්‍රකාශයක ඉතා වැදගත්. ඔහු මෙසේ කියනවා:


19 ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍යය ශක්තිමත්වන බව පුබුදු ජයගොඩ සහෝදරයා ප්‍රකාශ කර තිබෙනු දුටිමි. මේ අදහස පැහැදිළි මදි බව මගේ අදහසයි. රාජ්‍යය පිළිබද මාක්ස්වාදී අදහස ඉතා ප්‍රවේශමෙන් විභාග කළ යුතු එකකි. මගේ අදහස නම් රාජ්‍යය පිළිබද මාක්ස්වාදී අදහස නූතන රාජ්‍යය තේරුම් ගැනීමේ ලා මුලුමනින්ම ඉවහල් වන්නේ නැති බවයි. නූතන රාජ්‍යය හුදු පංති පීඩක උපකරණයක් නොව පංතීන් අතර පසමිතුරුතා ප්‍රකාශයට පත්වන වැඩබිමකි. එසේම රාජ්‍යය වියැකී යාම පිළිබද අදහසද බෙහෙවින් යල්පැන ගිය අදහසකි. කොමියුනිස්ට ප්‍රකාශනයේ එන නිදහස් එකතුව යන්න නවීන රාජ්‍යය අහෝසි කිරීමෙන් නොව එය තවදුරටත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමෙන් අත්පත්කරගත හැකි තත්වයකි.

මේ වනාහි 2015 වසරේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් තබන ලද තුන්වන ජනතා විරෝධී, ප්‍රතිගාමී පියවරයි. පළමුවැන්න ජනවාරි 08 ඡන්දයේදී පොදු මහජන අරගලය වූ මහින්ද රාජපක්ෂ නම් දුර්දාන්ත ඒකාධිපතියා පරාජය කිරීමේ අරගලයේදී ඔවුන් සිටි ස්ථාවරයයි. අවසාන විග්‍රහයේදී එය මහින්ද රාජපක්ෂට පක්ෂපාතී ස්ථාවරයක් විය. 

යහපාලන ආණ්ඩුවේ අයවැය ජනතාවට තාවකාලික සහන ලබා දුන් ඡන්ද අයවැයක් බව සැබෑ ය. එහෙත්, එය ධනවාදය පැත්තෙන් ගත් කල ධනවාදී ප්‍රතිපත්තිවලට දැඩි බලපෑමක් කළ අයවැයකි. නිදසුනක් ලෙස, සුපිරි ලාභ ලබන සමාගම්වලින් එකවර අය කරන්නට තීරණය කළ බද්ද සමාගම් විරෝධී බද්දකි. මෙම අයවැය හේතුවෙන් ධනේශ්වර ආර්ථිකයේ වර්ධන වේගය පවා අඩු වී තිබේ. එසේම, ආප්ප, ප්ලේන්ටී වැනි භාණ්ඩවල පවා මිළ අඩු කරන්නට ආණ්ඩුව දැරූ උත්සාහය වැනි සමාජවාදී ගොන්පාට් පවා අයවැයෙන් පසුව තිබිණි. එම අයවැයට ඇත්තෙන් ම විරුද්ධ විය යුතුව තිබුණේ ධනපති පංතියයි. එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරුද්ධ වුණේ ඇයි?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීම ඔවුන්ගේ වසරේ තුන්වන මහා අනුවණකමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ධනවාදයේ උපරිමය සමාජවාදයේ ආරම්භයයි. ඒ නිසා පෙර්ටුගමින් ධනවාදය උපරිමයට ලගා වීමට උදව් කරනවා...

    ReplyDelete
    Replies
    1. මටත් ඔයවගේ සිතුවිල්ලක් තිබ්බ .... කොල්ල කාලෙ. සෝවියට් රුසියාවේ අවුරුදු කීපයක් කරක් ගැහුවට පස්සේ ඒ තිබුන අහිංසක සිතුවිලි කරුප්ට්වෙලා ගියා, දැන් ඔය වගේ පාරිශුද්ධ අදහස් පහලවෙන්නේම නෑ. ඒ අතින් පෙරටුගාමීන් වාසනාවන්තයි වගේ.

      Delete
  2. විරුද්ධ වීමද දන්නේ නෑ දැන් ඒ ගොල්ලන්ගේ තීම් එක.. හැක්

    ReplyDelete
  3. පැරා, අපරාදෙ මුන් ගැන කොටන යුනොකෝඩ් ටික.. මේ කුටුරුගාමියො චන්දයක් ඉල්ලල මන්ත්‍රී ආසනයක්වත් ගත්තම කොටන්න ඉතුරු කරල තියා ගන්න

    ReplyDelete
  4. මේ ලිපිය සකස්කල අය පෙසප අයවැයට විරැද්ධ වුනේ ඇයිද යන්න පිලිබදව නිවැරදි දැනුවත් වීමක් නැත. කරැනාකර පෙසප විසින් පවත්වන ලද මාධ්‍ය නිවේදන අධ්‍යනය කරන්න. එහි මේපිලිබදව නිරවුල්ව හේතුදක්වා ඇත. තොරතුරැ නොදැන කතාකිරීමට යාමෙන් වලකින්න

    ReplyDelete
    Replies
    1. ඔයා නොදන්නව වුනාට කුරුටුගාමියෝ ලියපු ඒවයේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක් ගැනම හොඳටම දන්න සහ ඒවා ලියන හැටි කුරුටුගාමීන්ට උගන්නපු ගුරුවරයා තමයි මේ බ්ලොග් එක ලියන්නේ.
      හැබැයි, කුරුටුගාමියෝ ලියන ඔය නිරවුල් ඒවා තේරුම් ගන්න නම් අපිවගේ මොලේ අවුල් වුන්ට අපහසුයි, ඔයාට නම් ඒවා හරිම සිම්පල් වගේ නේද?

      Delete
  5. /* පක්ෂයක් ලෙස ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි, නිරවුල් අදහසක් ඔවුන්ට නැහැ. */

    ඒ කතාව නම් හරි වගෙයි මටත් පෙනුනේ.

    නමුත් මේ සංශෝධනයට ඒ එක ඡන්දයේ බලපෑමක් නෑ. තිරණාත්මක ඡන්දය ඔවුන් අතේ නම් කෙලෙස ක්‍රියා කරයිද කියන එකයි වඩා ප්‍රායෝගිකව ඬැදගත්.

    ReplyDelete
  6. ලංකාවේ ජනමාධ්‍යවලට පින් සිදු වන්නට පවත්වාගෙන යන දේශපාලන පක්ෂ රාශියකි.පෙරටුගාමියෝ ඉන් ප්‍රධාන වේ.තෙල බෙදා රවටා ගන්නා සරසවි සිසුන් හැර පෙරටු ගාමින්ගේ ගෙවල් වල උන් වත් මේ දේශපාලන ව්‍යාපාරයෙහි නැත.මෙවර පාර්ලිමේන්තුව විසිරුවා හැරි පසු කිසිදු ජනතා නියෝජනයක් නැති පත්තර හා ටීවී පක්ෂයක් බවට පෙරටුගාමීන්ද පත් වනු ඇත.

    ReplyDelete
  7. අප විසින් මේ අවස්ථාවේ කළ යුත්තේ ධර්මිශ්ඨ සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා අප හට දැනටමත් වටිනා රාජ්‍ය නායකයකු සිටී. දේශපාලඥයන් පමණක් නොව, මහජනයා ද ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම පිණිස හවුල් විය යුතුය.

    ReplyDelete
  8. Sammajavaadaya lokenma thuran welaa. Ithirivela thiyenne niladhaarivaadaya pamanai. Bedumvaadi uddhayak nethi lankaave Pratugaaminta thiyaa Hela Urumayatawath karanna raajakaariyak nehe. Rathana haamuduruvo eka avbodha karagath kenek.
    Anna ewage venas novenawaanam Ajith Kumaratath ena mathiwaranayen pasu ithihaasaye kunubakkiyata bahinna puluwan.

    ReplyDelete
  9. පැරා අනුන්ගෙ වයර් මාරු අරින්න කලින් ඔයාට වයර් මාරු වෙලාද කියල බලන්න. මොකද ඔයාට හිතෙන විධියට වඩා වෙනස් විධියට හිතන ඔක්කොම වයර් මාරු වුණු අය කියල හිතෙන එක ඔයාගෙ අවුලක් මිසක් එයාලගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ තීරණේ ගැන ඒ අය හොඳ පැහැදිලි කිරීමක් කරල තියෙනව. ඒක හරියට බලන්නෙ නැතිව,ඔයාට කියන්න ඕන එක කියා ගන්න ඒකෙන් වචන දෙක තුනක් ඇරගෙන බයිල ගහන එක හරිම බාල වැඩක්

    ReplyDelete
    Replies
    1. අපේ තර්කය අපි ඉදිරිපත් කර ඇත්තෙමු. ඔවුන්ට ද හේතු ඇත. එහෙත්, අපි එය පිළි ගත යුතු නැත. අපේ අදහස් ද ඔබ පිළිගත යුතු නැත. විසංවාදය ද සංවාදයේ ම කොටසකි.

      Delete
    2. පැරාත් වික්ටර් අයිවන් 94දි JVP එක මැතිවරණයට ඉදිරිපත් වීම වැරදියි කිව්වා වගේනෙ පෙර‍ටුගාමින් ඉදිරිපත් වීම වැරදියි කියන්නෙ.මම නම් හිතන්නෙ ඔවුන් ඉදිරිපත් විම හරි.එයින් ඔවුන්ට ඔවුන්ගැන තක්සෙරුවක් කරගන්න හැකිවෙන්න ඇති.
      A. Fernando.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා