අපි යන්නේ කොයි පාරේ - ග්‍රීසි ඇත්තො ගිය පාරේ

සමාජවාදී විසඳුම් ලංකාවේ අපි මෙසේ කරමින් සිටිමු. අප කැමති රජයේ රැකියාවලට ය. හේතුව එහි වැඩ අඩු ය. වැඩ ප්‍රමාණයට අනුව වැටුප හොඳ ය. ඕනෑ තරම් නිවාඩු ගත හැකි ය. වැඩ කළත්, නො කළත්, ලෙහෙසියෙන් රස්සාව නැති වන්නේ නැත. විශ්‍රාම වැටුප් ලැබේ. රජයේ සේවකයන් වැඩි දෙනෙකුට තමන් සේවය සැලසිය යුතු ජනතාව ගැන හැඟීමක් නැත. ඔවුන්ට සිනහවකින් හෝ සංග්‍රහ කරන්නට උවමනාවක් ඇති රජයේ සේවකයකු සොයා ගැනීම කළු නික සොයනවා වැනි ය. රජයේ සේවකයන් වැඩ කරන ජනතාව දෙස බලන්නේ පිළිකුළෙනි. ගාමන්ට්වල රැකියා කරන අයට, වතුවල දළු නෙළන අයට, මැද පෙරදිග රැකියා කරන අයට, කම්කරුවන්ට රජයේ සේවකයෝ හිනා වෙති. පාසල්වල උගන්වන්නේ එවැනි රැකියා පහත් රැකියා ය කියා ය. ඒ නිසා ඒ රැකියාවලට යන්නේ රජයේ රැකියාවකට යන්නට බැරි අයයි. එහෙත්, රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නට අවශ්‍ය මුදල් නිෂ්පාදනය කරන්නේ මේ කම්කරුවෝ ය. රජය යනු අතිශය දැවැන්ත ව්‍යූහයකි. එය මහජනතාවගෙන් බදු අය කරයි. ඉන්පසු යටිතල පහසුකම් සංවර්ධනය, නඩත්තු කිරීම ආදිය පමණක් නොව දුම්රිය දෙපාර්තමේන්තුව, ලංගම, තෙල් සංස්ථාව, සතොස, මිහින් ලංකා වැනි මුළුමනින් ම රජයට අයත් ව්‍යාපාර ද කරයි. ර...