ප්‍රගීත් එක්නැලිගොඩගේ සිට ප්‍රේමකුමාර් ගුනරත්නම් දක්වා

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූයේ කුමක් සිදු වීදැයි කිසිවකු ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව ය.


ලලිත් හා කුගන් යන දෙදෙනා අතුරුදහන් වූයේ ද ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැතිව ය. 


ඔවුහු ආපසු ආවේ නැත. 


දැන් දිමුතු ආටිගල හා ප්‍රේමකුමාර් ගුනරත්නම් අතුරුදහන් වී ඇත්තේ ද එසේ ම ය. 


ලංකාව අලුත් ආකාරයක අතුරුදහන් වීම් රැල්ලක ගිලී යමින් තිබේ. සමාජය මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ. මේ අතුරුදහන් වීම් ඇත්ත ම ඒවාදැයි අපට ප්‍රශ්න කරන්නට පුළුවන. 


එම ප්‍රශ්න කිරීම ම එම අතුරුදහන් වීම් කුමන්ත්‍රණ කඩතුරාවකින් වසා දැමීමට උපකාර වෙයි. 


මේ අතුරුදහන් වීම් ලැයිස්තුවේ සිටින්නෝ සියල්ලෝ ම සිංහලයෝ නො වුණත් ඔවුහු සිංහල දේශපාලනයේ පංගුකාරයෝ වෙති. 


අප මේ අතුරුදහන් වූ අහිංසකයන් තුළ දකින තවත් එක් ලක්ෂණයක් වන්නේ ඔවුන් කිසියම් අරුත් සුන් හැංගිමුත්තන් ක්‍රීඩාවක් ද කරමින් එඩිතර දේශපාලනයක ද නියැලීමයි. ඔවුන්ගේ ඇතැම් හැසිරීම් තේරුම් ගත නො හැකි ගුප්ත ඒවා ය. 


සිංහල දේශපාලනය අභියස ඇත්තේ ගැඹුරු අභියෝගයකි. තමන් විසින් ම ගොඩනඟා ගන්නා ලද සමාජ උන්මත්තකභාවයක් තුළ තමන් ද උම්මත්තක ලෙස නො හැසිරී පණ රැක ගනිමින් යහපත වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේ ද යන්න අද සමාජය හමුවේ ඇති ප්‍රබල ම අභියෝගයයි. 


ඔබේ අතුරුදහන් වීමට සාක්ෂි නැත. 


තවත් විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Apa dakimin sitinne sihinayakda ? 'Indiyan sagare muthu ate ' yai kiyu diwayina den ' Idi Amin ' ge rajyaya lesa wenas wemin pawathinneda ?

    ReplyDelete
  2. මෙවැනි දුර්ජන ක්‍රියා වලට එරෙහිව අපි සැම එකතු විය යුතුයි ඊයේ ඔවුන් හෙට ඔබ තවත් ප්‍රමාද නොවිය යුතුයි.

    ReplyDelete
  3. This is the nightmare that noone foreseen. Para, you'd better to erase your contact details too. Because we need you tomorrow.

    ReplyDelete
  4. ජාතියේ පවට සහ කොටින්ගේ පිනට පහල වූ මෙවන් පාහර කාලකන්නි මේ විදිහට හරි සමාජයෙන් තොලොංචි කර දැමීම පැසසිය යුත්තකි.
    -විශ්ව විද්‍යාල සිසුවෙකුගේ පියෙක් -

    ReplyDelete
  5. මේ පැහැර ගැනීම් වලට විරුද්ධව දැවැන්ත මහජන මතයක් ඇතිකල යුතුයි. ඒ හැර ආරක්ෂාවක් නැත.

    ReplyDelete
  6. ඊට පස්සෙ ලිස්ට් එකේ ඉන්නෙ අර ජිනීවා ගිහිල්ලා රට විකුණන්න උල් පන්දන් දීපු අවලං හැත්ත......!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා