ලංකාව ඉන්දියාව සමග යුද්ධය අරඹලා ද? Is Sri Lanka at war with India?

ලංකාව අලුතෙන් පැනවූ වාහන බදු රටේ ආර්ථික අවශ්‍යතාවන්ට අමතරව ඉන්දියාවේ මෝටර් වාහන කර්මාන්තයට ද බලපෑම් කිරීමේ අරමුණින් ගෙන ඒවා බව ට අදහසක් තිබේ. 


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ලංකාව පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් පසු ලංකාවේ ඉන්දීය විරෝධී අදහස් පැතිරෙමින් පවතින අයුරු නිරීක්ෂණය කළ හැකි ය. 


ඉන්දියාව ලංකාව අවුල් කිරීම සඳහා ත්‍රස්තවාදීන් තමිල්නාඩුවේ පුහුණු කරනවා ය යන්න අද දිවයින පුවත්පත විසින් පොලිස් බුද්ධි අංශ උපුටා දක්වමින් වාර්තා කරන පුවතක හරයයි. 


ඉන්දියාවේ පුහුණුව ලැබූ 150ක් පමණ ත්‍රස්තවාදීන් ලංකාවේ ක්‍රියාත්මක බව ඊ.පී.ඩී.පී. සාමාජිකයකු මරා දැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු විසින් හෙළිදරව් කර තිබෙන බව දිවයින වාර්තාවේ දැක්වේ. 


මෙය සත්‍ය නම් එය බරපතල තත්වයකි. ලංකාව දැන් කළ යුතුව තිබෙන්නේ හැකි ඉක්මණින් ඉන්දීය මධ්‍යම රජය සමග කටයුතු කරමින් තත්වය පාලනය කිරීමට කටයුතු කිරීමයි. 


මෙම වාර්තාවත් කියවන්න

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බම්බුව.. ඕකට තමා කියන්නෙ ලැජ්ජාවට සරමෙං මූන වහගන්නවා කියලා...

    ReplyDelete
  2. මේ ආණ්ඩුව කියල කියන ගොබ්බ රැල ඔරුව අනිත් පැත්තට පෙරලුනම ඒ පැත්ත තිබුනට වැඩිය හොඳයි කියල ඒ පැත්තේ ඉඳලත් ඔරු පදින කණ්ඩායමක්...

    ReplyDelete
  3. අපේ පොඩි එකා ඌගේ පන්තියේ උන් එක්ක කොන්සර්ට් එකට පාර්ලිමේන්තුවක් කලා. උන් මුන්ට වඩා හොඳයි..

    ReplyDelete
  4. අජිත්ට ලියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න එක හොදයි නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා