ප්‍රේමකුමාර් ගුනරත්නම් නාටකයේ අත්දැකීම්

ප්‍රේමකුමාර් ගුනරත්නම් සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන්ට පහත සඳහන් පාඩම් උගත හැකි ය.


ශ්‍රී ලාංකිකයන්ට මානව හිමිකම් නැතත් ඕස්ට්‍රේලියානුවන්ට මානව හිමිකම් ඇත. 


ඔස්ට්‍රේලියානුවන්ගේ මානව හිමිකම්වලට ලංකාවේ රජය ද ගරු කරයි. ඒ අනුව, ඔවුන් ලංකාවේදී අතුරුදහන් වන්නේ නැත. 


පෙර පිනට ලෝකෙන් උතුම් රටේ උපදින ශ්‍රී ලාංකිකයන්ට ද මානව හිමිකම් භුක්ති විඳීමට අවශ්‍ය නම් කුමන අන්දමකින් හෝ ඕස්ට්‍රේලියාව වැනි පාලනයක් සහිත රටකට සංක්‍රමණය විය යුතු ය. 


ඕස්ට්‍රේලියාව වැනි බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටවල් ලංකාව වැනි ශ්‍රේෂ්ඨ රටවලදී පවා තමන්ගේ පුරවැසියන් ගැන සොයා බලති. 


ලංකාවේ දිමුතු ආටිගල වැනි සාමාන්‍ය ජනයාට පැහැර ගැනීමට ලක්ව ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානු පුරවැසියකු සමග පැහැර ගැනීමට ලක් විය යුතු ය. 


ඉන් පසු ඒ පැහැර ගැනීම නිසා තවත් පිරිසකට ද ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබා ගත හැකි වීම පැහැර ගැනීමක ඇති හොඳ පැත්තයි. 


ඕනෑම කළු වළාවක රිදී රේඛාවක් තිබේ. ඕස්ට්‍රේලියාවට යන බෝට්ටු ද තිබේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඕස්ට්රෙලියාවට කියන්නේ ලකී කන්ට්‍රි කියලාලු එහේ අය.

    http://en.wikipedia.org/wiki/Lucky_Country

    ඒ කියන්නේ එහේට තමයි ජයභූමිය කියන්නේ.

    මතකනේ අපි ඉස්කෝලේ යන කාලේ "....රැගෙන යනු මැන ජයභූමි කරා...." කියලා හැමදාම උදේට ගායනා කළා.

    ඒ ප්‍රාර්ථනාව ඉටුවුණු දවසට අපේ හැමෝම ලාංකිකයෝ ගොඩ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා