Posts

Showing posts with the label දිමුතු ආටිගල

පැහැර ගත්තේ නිල හා නිල නො වන මර්දන අංශ එකතුවකින් බව දිමුතු ආටිගල කියයි

Image
දිමුතු ආටිගල පැහැරගෙන ගොස් තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන නිල හා නිල නො වන මර්දන යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයේ පියවරක් ලෙස බව දිමුතු ආටිගල අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවා ය. ඇය පවසන්නේ පැහැර ගත් අැය රඳවාගෙන සිටි ස්ථාන හමුදා හෝ පොලිස් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව ඇයට වැටහුණු බවයි. පැහැර ගැනීම සිදු වුණ අවස්ථාවේ නිල් පාට නිල ඇඳුම් ඇඳ සිටි දෙදෙනෙකු දුටු බව ද ඇය පවසයි. ඇය කියන පරිදි අකරමගදී දෙදෙනෙකු එම වාහනයෙන් බැස ගොස් ඇත. ඔවුන් ජවිපෙට පක්ෂව කතා කර ඇති අතර, ‘උඹට මෙ‍හෙම වෙන්නෙ ජවිපෙන් වෙන් වුණ පවට යැයි ‘ඔවුන් පවසා ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශයක් ඇද්ද, දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවාද ආදී කරුණු පිළිබඳව ඔවුහු දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. ඇගේ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙතැනින් කියවන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රේමකුමාර් ගුනරත්නම් නාටකයේ අත්දැකීම්

ප්‍රේමකුමාර් ගුනරත්නම් සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන්ට පහත සඳහන් පාඩම් උගත හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට මානව හිමිකම් නැතත් ඕස්ට්‍රේලියානුවන්ට මානව හිමිකම් ඇත.  ඔස්ට්‍රේලියානුවන්ගේ මානව හිමිකම්වලට ලංකාවේ රජය ද ගරු කරයි. ඒ අනුව, ඔවුන් ලංකාවේදී අතුරුදහන් වන්නේ නැත.  පෙර පිනට ලෝකෙන් උතුම් රටේ උපදින ශ්‍රී ලාංකිකයන්ට ද මානව හිමිකම් භුක්ති විඳීමට අවශ්‍ය නම් කුමන අන්දමකින් හෝ ඕස්ට්‍රේලියාව වැනි පාලනයක් සහිත රටකට සංක්‍රමණය විය යුතු ය.  ඕස්ට්‍රේලියාව වැනි බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටවල් ලංකාව වැනි ශ්‍රේෂ්ඨ රටවලදී පවා තමන්ගේ පුරවැසියන් ගැන සොයා බලති.  ලංකාවේ දිමුතු ආටිගල වැනි සාමාන්‍ය ජනයාට පැහැර ගැනීමට ලක්ව ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානු පුරවැසියකු සමග පැහැර ගැනීමට ලක් විය යුතු ය.  ඉන් පසු ඒ පැහැර ගැනීම නිසා තවත් පිරිසකට ද ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබා ගත හැකි වීම පැහැර ගැනීමක ඇති හොඳ පැත්තයි.  ඕනෑම කළු වළාවක රිදී රේඛාවක් තිබේ.  ඕස්ට්‍රේලියාවට යන බෝට්ටු ද තිබේ.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න