සමාජවාදී සමානතා පක්ෂයේ වෙබ් අඩවියේ වාම විහිළු

ලංකාවේ වාමාංශික පෙරටුගාමී පක්ෂවලට තමන් හැර අන් සියල්ලෝ ම ද්‍රෝහියෝ ය. 


විශේෂයෙන් ම සෙසු වාමාංශික පක්ෂවල සිටින්නෝ සියල්ලෝ ම ධනවාදයට යටත් වූවෝ ය. 


එහෙත්, මේ රටේ සිටින දූෂිත ම කොටස වන ජනතාව මොවුන්ට අහිංසක බබ්බු ය. ඒ බබ්බු මේ අයගේ දාර්ශනික ඩෝස් එක ගිල්ලා ම දැනුවත් වී, සංවිධානගත වී විප්ලවය කර, මේ පෙරටුගාමී පක්ෂවල දන්න කට්ටිය රටේ ජනාධිපති, අගමැති, ඇමති, මන්ත්‍රී ආදීන් බවට පත් කරනවා ය. 


අප මෙහි දක්වන සබඳතා පුරුක ඔස්සේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිස එම ලිපියේ භාෂාව රස විඳින්න. විජේ ඩයස්ගේ පක්ෂයට සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂය ex-lefts ය. වික්‍රමබාහු කරුණාරත්නගේ නව සමසමාජ පක්ෂය another ex-radical group එකකි. 


මේ කියන හිටපු වාමාංශිකයන්ට සමාජවාදී සමානතා පක්ෂය ගැන කතා කරන්නට කීවොත් ඔවුන් කියන්නේ ද මෙවැනි ම කතා ය. 


සමාජවාදී සමානතා පක්ෂයට අනුව ඒවායේ නායකයන් වන Siritunga Jayasuriya and Wickremabahu Karunaratna, share platforms at their protests and function as cheerleaders for these parties. මේ සමාජවාදී සමානතා පක්ෂය සිය වාමාංශික පතිවත උපරිමයෙන් ආරක්ෂා කරගෙන සිටින පක්ෂයකි. කවදා හෝ ලංකාවේ විප්ලවය කරන්නේ ඔවුහු ය. ඔබ මේ පක්ෂයේ සිටින කිසිවකුගේ නම දන්නවා නම් ඔබට ජනතාවගෙන් කෙනෙකු විය හැකි ය. 


ඔවුන්ට අනුව,  කළ යුතුව තිබෙන්නේ මෙන්න මෙසේ ය: Rather than pressuring the Rajapakse government for concessions, the working class has to mobilise independently in the struggle for a workers’ and peasants’ government in Sri Lanka to implement socialist policies as part of the broader struggle to abolish the crisis-ridden capitalist system internationally. This is the perspective for which the Socialist Equality Party fights.


විස්තර සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය බලන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මොනවා වුනත් උං ටික තමන්ගේ ලයින් එක වෙනස් කරන්නේ නෑ!

    ReplyDelete
  2. Un danawadayata tham yata vee nehe. anik wama diyaru vee avasan.

    ReplyDelete
  3. Socialist Equality Party is the only party carry on long standing struggle of true socialism internationally.
    I respect them for their unchanged principles. Pls fallow WSWS.org

    ReplyDelete
  4. I too respect them for their unchanged principles. Pls fallow WSWS.org

    ReplyDelete
  5. අඩු ගානෙ උන් අනිත් හැමෝට ම බැන බැන හරි තමන් හරරි තැන ඉන්නවා

    ReplyDelete
  6. අඩු ගානෙ උන් අනිත් හැමෝට ම බැන බැන හරි තමන් හරරි තැන ඉන්නවා

    ReplyDelete
  7. අඩු ගානෙ උන් අනිත් හැමෝට ම බැන බැන හරි තමන් හරරි තැන ඉන්නවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා