ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මහින්ද රාජපක්ෂ පාලනය බේරා ගත්තේ ඇයි? | Why IMF rescued Rajapaksa regime of Sri Lanka

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උදේ සිට රෑ වනතෙක් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් ගැන දොඩවමින් සිටියේ ය. එය හරියට අර නස්රුදීන්ගේ කතාවක නස්රුදීන් පල්ලිය ළඟ රසකැවිලි බෙදනවා යි බොරුවක් කිය කියා පාර දිගේ ගොස් අවසානයේදී තමන්ගේ බොරුවට තමන් ම රැවටී ඇත්තට ම එසේ රසකැවිලි බෙදනවා යයි සිතා ඒවා ගන්නට පල්ලිය වෙත දිව ගිය කතාව සිහිපත් කරන්නකි. 


ආණ්ඩුව තමන්ගේ බොරුවලට තමන් ම රැවටුණේ කොතරම් ද යත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සත්වන ණය වාරිකය නො ලැබෙනු ඇතැයි සිතුවේ ය.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සතුටු කරනු වස් රුපියල පා කළ අතර, තෙල් මිල හා විදුලි බිල් වැඩි කළේ ය. එහෙත්, තමන්ගෙන් කුණු බැනුම් ඇසූ බටහිර අධිරාජ්‍යවාදීන් මේ ණය වාරිකය ලබා ගැනීම නවත්වනු ඇතැයි සිතා ලංකා සමසමාජ පක්ෂයේ ජාත්‍යන්තර ගීයේ එන අන්දමේ අන්තිම සටනකට සැරසෙන්නා සේ ඊයේ පෙරේදා සිට උමතුසං වරුසාවට හසු වූ කලක මෙන් බදු වැඩි කරන්නට පටන් ගත්තේ ය. 


එහෙත්, අවසානයේදී බලන කල මෙන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පාස් කරලා ය. දැන් ඉතින් ආපසු ඩොලර් සංචිතය ඉහළ යනවා ය. බඩ යන්නට ඔන්න, මෙන්න තිබුණු ආර්ථික අතීසාරයට අමුඩයක් ගැහිලා ය. ඒ නිසා ඕනෑ නම්, වාහන බදු අඩු කරන්නට ද, රුපියල ඔසවා තබන්නට ඩොලර් වැය කරන්නට ද පුළුවන. 


අර්බුදයේ සර්පිලය ඊළඟ ප්‍රහාරය එල්ල කරන තෙක් නාස්තිකාර දේශපාලනයක යෙදෙන්නට දැන් ඉතින් පුළුවන. බය වීමෙන් අපරාදේ පස්ස රත් වුණා විතර ය. 


බටහිර අධිරාජ්‍යවාදීන් මෙසේ තමන් ආරක්ෂා කරන්නේ ඇයි ද යන්න දැන් රාජපක්ෂ පාලනයට ප්‍රහේලිකාවක් වී ඇතුවා විය හැකි ය. සමහර විට, බටහිර අධිරාජ්‍යවාදීන්ට ද ශක්තිමත් සතුරකු ඕනැ නිසා විය හැකි ය. 


මෙම ලිපියත් කියවන්න

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බම්බු අධිරාජ්‍යවාදය...ඕක තමා මේ රටේ මෝඩයන් රවටා ගැනීමට දිගටම ගහපු බෙරේ...අශිෂ්ටත්වය ඉස මුදුනට ගත්ත පාලක තන්ත්‍රයක හැදීමට වැඩවසම් රදල වාදීන්ට සමාජවාදය සහ ජාතිකවාදය විකුණගෙන කෑමට හැකි ඊනියා දේශප්‍රේමය නමැති සුත්‍රය හදා ගන්නට ඉඩ දුන්නේ ඔය මන්තරය තමා...

    දැන් ඔය අයි එම් එෆ් නය වාරිකය දුන්නේ අපේ දේශප්‍රේමියෝ බේරා ගන්න නෙවි...ජාතියන්තර බැංකු ටිකේ නය ටික අපහු අරන් දීල ඒ බැංකු වැටිලා ඉන්න ලෝක අර්බුදයෙන් ගොඩඑන්න උදවු කරන ගමන්...අපේ උන්දලව තවත් නය උගුලේ ඇතුලට දාගන්නයි උන්ට ඕන වෙලා තියෙන්නේ...ඒ අධිරාජයා වාදයට විරුධව යන්න මෙයාලට අද බැහැ...ඕන කමකුත් නැහැ...

    මෙයාලට අධිරාජ්‍යවාදය දේශපාලන වචනයක් විතරයි...සුන්දර සිහිනවල මේ රටේ මෝඩයින්ව (ඊනියා වමද ඇතුළුව) තියාගන්න ඕක හොඳ මන්තරයක්...තමන්ට හම්බු කරගන්න සල්ලි දෙනවා නම් ඔය අධිරාජ්‍යවාදය හොඳයි මෙයාලට...

    චීන්නුත්...අයි එම් එෆ් එකත් දෙකම කරන්නේ එකම දේ...වෙලාවකට බැලුවම...ලෝක ප්‍රාග්ධන ප්‍රවාහය ඇතුලේ රාජ්‍ය ධනවාදී කඳවුරේ නායකයා චීනය...අයි එම් එෆ් ඒක ඊනියා ඕපන් එකොනොමි වෙනිවෙන් පෙනිහිටිනවා...එයා ජාතියන්තර බැංකු බේරා ගන්න ගමන් අපිවත් ඒක ඇතුලට ඇදල දානවා...චිනාත් අයි එම් එෆ් එකත් දෙකම අපෙන් හම්බ කරන ගමන් අපේ රටේ තිබෙන ජනතා නිදහසත් උදුරා ගන්න උදවු කරනවා...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා