බලය රැක ගන්න අන්තවාදය

බඩු මිළ කැරකි, කැරකී ඉහළ යමින් තිබේ. වැටුප් වැඩි කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. ආර්ථිකය වල පල්ලට යොමු වී තිබේ. අන්තෝ ජටා ය. ඒ කියන්නේ ඇතුළත ගැටලු ය. 


බහි ජටා වන්නේ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් හැකියාව නිසා ලංකාවේ දෙමළ ජනතාවගේ හිමිකම් පිළිබඳ ඇති වන ජාත්‍යන්තර අවධානයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට යුද අපරාධ චෝදනා, මානව හිමිකම් චෝදනා, ප්‍රජාතන්ත්‍රවාදය නඟා සිටුවීමේ අවශ්‍යතාව ආදිය මත ඇති වන ජාත්‍යන්තර පීඩනයයි. 


සකලවිධ දූෂණයේ යෙදීම නිසා තමන් තුළ ම ඇති වී තිබෙන බිය හේතුවෙන් රට කරගෙන යන්නට බැරි වුණත් වෙන කෙනෙකුට දෙන්නට ද හැකියාවක් නැත. 


අන්තවාදයට නැඹුරු වීම මේ අවස්ථාවේ ආණ්ඩුවට ඇති එක ම විකල්පයයි. එය පාලකයන්ගේ අර්බුදයට තිරසාර විසඳුමක් නො වුණත් එයින් සිය ඉරණම දිනකින් හෝ දෙකකින් හෝ කල් දමා ගන්නට උත්සාහ කරන්නට පුළුවන. ‍


එහෙත්, ලෝකයේ අන්තවාදය සරණ ගිය කිසිදු පාලනයකට දීර්ඝායු තිබුණේ නැත. විශේෂයෙන් ම දුබල ආර්ථිකයන් මත පදනම් වන පවුල් පාලනයන්ට එමගින් දිගු කලක් සිය පාලනය තහවුරු කර ගන්නට ලැබී නැත. 


අනෙක් පැත්තෙන් මේ අන්තවාදයන් ඍජුව හසුරුවන්නෝ ද උන්නතිකාමී සිහින ඇත්තෝ ය. පවත්නා පාලනය රැක ගන්නවා වෙනුවට අන්තවාදය ඔස්සේ තමන්ට පාරක් කපා ගැනීම ඔවුන්ගේ අභිලාෂයයි. 


ලංකාව පිවිසෙමින් සිටින්නේ වාර්ගික හා ආගමික අන්තවාදය උච්ච තලයකට පත් වන යුගයකටයි. තව බොහෝ දඹුල්ලවල් ඉදිරියේදී නිර්මානය කිරීමට අන්තවාදීන් කටයුතු කරනවා නිසැක ය. 


ඒවායේ එල්ලී ජනතා ප්‍රශ්න යට ගසන්නට උත්සාහ කරන පාලකයින් එයින් ම අර්බුදයට ලක් වන අයුරු ද ඉදිරියේදී දැක ගැනීමට ලැබෙනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජාතිවාදය ගැන කතාකරන හැම පොස්ටුවටම සිංහල බික්සුන්ගේ පින්තුර යොදා ගැනීමෙන් ඔබ කොතරම් ජාතිවදිද යන බව හෙළි වේ

    ReplyDelete
  2. මෙයට මුස්ලිම් ජාතිකයෙක් ගේ , දෙමල පුජකයෙක්ගේ රුප යොදාගැනීමට ඔබට නොසිතුනේ ඇයි? ඔබ එකම රාමුවක කොටුවී මෙමෙ ප්‍රශ්න දෙස බලන බව ඔබට නොවටහෙය්ද?

    ReplyDelete
  3. ඔබ වැනි දෙකය් පනහේ මාක්ස්වාදීන් හැමවිටම කියන්නට උත්සහකරේ මේ රටේ සිංහලයන් ජාතිවාදී බවත් අනික් ජාතීන් එසේ නොවන බවත් ය .... සත්‍ය වන්නේ අප සියල්ලන්ම (ඔබත් ඇතුළුව) ජාති වාදී බවය්

    ReplyDelete
  4. Mehema post daanakota oyata comments neththatama nethi weyi adugane apiwage benalawath. Me Dambulla Poojabhoomiye Muslim palliya pawathwagena yama koyitharam sadacharathmakada kiyala balanna. Koyi kovilata, palliyata, dewasthanayata ayithi idameda Pansal (Temples) hadala thiyenne? Muslim ayage deerghakaleena selasum Parakum dannema nehe neda? Oyage gedaratama evith oyage nonata Pardawa andinna kiwwa dawasata eka post ekak danna, ara Nasi Hamudawa Jewis Father langata evith maranna lesthiwunama liyapu kaviya wage. Eeta passe oyage me KANAPITA blog eka wahala danna. Oya hedena minihek neme. Buddhagame hathurek. Buddagama pathurawana activities okkoma oya criticize karanawa jaraa widihata. Ko ethakota Galle-Face eke issara thibba den pittani gane thiyana aagamata heraween, rogeen suwapath karawana, korun eviddawana magic kaarayinta viruddawa posts? Oyata penneme nedda Muslim aya me rate idam allagena yana wegaya? Majority eka hadagena yana wegaya? Oyage me blog eka wahanna Parakum. Oyage blog eka api balanne ada dawase koyitharam Sinhala Jaithiya, Bouddha Aagama wanasanna drohiyek kriyakarala thiyeda balanna. Good Bye forever!

    ReplyDelete
  5. Thanks Nuwan April 29, 2012 10.11 PM
    Api mey Jathiwadiyawa PENSION yawamu
    -Robin

    ReplyDelete
  6. හා එතකොට ඔය කියන්නේ හම්බයෝ අන්තවාදී නෑ කියල ?

    අනේ පලයන් මහත්තයෝ යන්න..

    ReplyDelete
  7. සාදුකාර දෙමින් පල්ලි කඩන බෞද්ධයෝ
    පසුගිය 20 වැනි සිකුරාදා, දඹුල්ලේ බෞද්ධ බැතිමතුන් මහපිරිසක් එක්ව හාමුදුරුවන්ද පෙරටුකොටගෙන ගොස් මුස්ලිම් පල්ලියකට පහර දීම පිළිබඳව රූපවාහිනී නාලිකාවලින් විකාශය කරන ලද රූපරාමු ව්යාජ ලෙස සකස්කරන ලද ඒවා බවට ඉනාමළුවේ සුමංගල හාමුදුරුවන් කියන බව බීබීසී සිංහල වෙබ් අඩිවිය පසුගිය 25වැනිදා වාර්තා කළේය. සියම්නිකායේ රංගිලරි දඹුලූ පාර්ශ්වයේ මහානායක සුමංගල හිමියන් එම වෙබ් අඩවියට කියා ඇත්තේ තමන් මූලිකත්වය දුන්නේ ‘නීත්යානුකූල නොවන ඉදිකිරීම්වලට එරෙහි සාමකාමී හා ප්රජාතන්ත්රවාදී විරෝධතාවකට බවය. එහෙත් ‘අද දෙරණ’ රූපවාහිනී නාලිකාව බීබීසී යට කියා තිබුණේ. තමන් විකාශය කළේ අව්යාජ රූපරාමු බවත්, එහි අව්යාජභාවය වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්ය. කෙසේ වෙතත්, එම දර්ශන ඇසින් දුටු ඕනෑම සාධාරණ බුද්ධියක් ඇති කෙනකුට ඒවා ව්යාජ දර්ශන නොවන බව පැහැදිලි වනු ඇත.
    සිරස ටීවී විකාශය කළ අදාළ ප්රවෘත්තියේ එක් රූපරාමුවක, මහානායක සුමංගල හාමුදුරුවන් සහ දඹුල්ලේ කෝවිලක බැතිමතියක වියහැකියැ’යි පෙනෙන කාන්තාවක් අතර ඇතිවන දෙබසක් අවධානය පිණිස පහත දක්වමු.
    කාන්තාව: අපි නං පුංචිකාලෙ ඉඳලම තමයි… (මේ කෝවිල තියෙන්නේ.)
    මහානායක හිමි: පුංචි කාලෙ කියන්නෙ එක්දාස් අටසිය ගණන්වලද?
    කාන්තාව: ඒ තරං කාලයක් නෑ අපේ හාමුදුරුවනේ..
    මහනායක හිමි: (දබරැඟිල්ල දිගුකොට) කෝවිල උඹලා අයින්කරගනිල්ලා. නැත්තං ඇවිල්ලා අයින් කරනවා. හැබැයි උඹලගේ ගෙවලූත් අයින් කරනවා. උඹලා ඔක්කොම ඉන්නේ අනවසර පදිංචිය… යකෝ මේක..! කාක්කෝ ඔළුව උඩින් යනවා විතරක් නොවෙයි දැන් කූඩු හදන්නත් හදනවා…
    කාන්තාව : එහෙම නෙවෙයි හාමුදුරුවනේ.. අපේ හාමුදුරුවන්ට විරුද්ධව කිසිම දෙයක් මෙතෙන වෙන්නේ නැහැ.
    මහානායක හිමි: උඹලගේ දෙවියන් වහන්සේලා කැමති තැනකට වැඩමගෙන පලයල්ලා. මේ පූජා භූමිය.. මේ ගල.. මේ දඹුලූගල… මොකක්ද මේ!
    මේ දෙබස් කියවන කවරුකුට වුවද, දඹුල්ලේ මහනායක හිමියන් කියන, ‘‘සාමකාමී හා ප්රජාතන්ත්රවාදී’ විරෝධතාවේ තරම මැනැවින් පෙනී යනවා. ඇත.
    මීට කලකට පෙර ඛණ්ඩලමේ හෝටලය හදන්නට එයිට්කන් ස්පෙන්ෂ් සමාගමට කණ්ඩලමේ වැව්තාවල්ලේ ඉඩම් පැවරූ විට, සියලූ ආගම්වල පූජ්ය පූජකවරුන්, බහුජන සංවිධාන සිය ගණනක් දහස් ගණනක් ජනතාව සමඟ දඹුලූ ගල මතට එක්ව, ‘හෝටලය හැදුවොත් සිවුරට ගිනිතියාගෙන මියයන්නෙමි’යි කීවෝ ඉනාමළුවේ සුමංගල හිමියෝය.

    ReplyDelete
  8. පසුගිය 20වැනිදා සිදුවීමට අදාළ රූපවාහිනී ප්රවෘත්ති රූපරාමුවක ඉනාමළුවේ සුමංගල හිමියෝ ඉහළ පොලිස් නිලධාරියකුට තවදුරටත් මෙසේ කියති. ..‘‘එහෙම නම් (පල්ලිය) අයින්කරන්න වියදමත් (ආණ්ඩුව) දරන්න වෙනවා. දැන් මේ ශ්රමදානෙන් වැඬේ කරලා දෙන්නනේ හදන්නේ. ආණ්ඩුව අපිට උදව්කරන්න එන්න.’’ හාමුදුරුවන් ශ්රමදානේන කරන්න හදන වැඬේ නම්, පල්ලිය බිමට සමතලා කිරීම වන්නට පුළුවන. කොහොමත් පොලිසිය බලා සිිටියදීම මේ බෞද්ධයෝ පිිරිස පල්ලියට පිවිසෙන මගෙහි ගොඩනැගිලි කොටසක් කඩාදැම්මාහ. මේ පිරිස අතර සිටි එක් උසමහත දුඹුරු පැහැ සිවුරක් දරාගෙන සිටි බුද්ධශ්රාවකයකු උඩ පැන පැන සිවුර ගලවා පෙන්වමින් නැටු සිංහල, බෞද්ධ ආවේගශීලී නාඩගමද ප්රවෘත්තිය බැලූ සියල්ලන්ගේම හිතට කාවදින්නට ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා