සුනාමිය අවා නම්..........

ලංකාවේ වෙරළබඩ ජනතාව ඊයේ සිය ජීවිතයේ තීරණාත්මක දවසක් පසු කළේ ය. ඔවුන්ගේ වාසනාවට සුනාමිය නො ආවේ ය.


මේ අතර, තවත් සුනාමියක් එනු ඇතැයි බලාපොරොත්තු සහිතව සිටි අය ද සිටින්නට ඇත. ඒ වනාහි 2004 සුනාමියෙන් පසු විදෙස් රටවලින් ලැබුණු පුණ්‍යාධාර ගසා කෑ කටිටියයි. 


ඇතැම් රාජ්‍ය නො වන සංවිධාන ජාවාරම්කාරයන් පරම්පරා හතකට සුනාමියෙන් මුදල් උපයා ගත් හ.


2004 සුනාමියෙන් පසු ලංකාවට ලැබුණු ඩොලර් ආධාර නිසා රුපියලේ අගය පවා ඉහළ ගියේ ය. විදේශ ණය සඳහා දුන් සහන කාලයන් වැනි සුනාමි සහන ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට මහත් පිටිවහලක් විය. 


මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුවට ද කුමන අන්දමින් හෝ විදේශ විනිමය අවශ්‍ය වී ඇත. ලංකාවේ ආණ්ඩුව විදේශ විනිමය උදුරා ගැනීමට පවා සූදානම් බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ආ බාමි ආමි එක දැක ටෙස්ට් ක්‍රිකට් තරගයේ ටිකට් මිළ නැංවූ අන්දමින් පෙනේ. 


කොහොම වුණත්, සුනාමිය නො ආ නිසා ලංකාවේ මුහුදුබඩ දිළින්දන් පිරිසක් අමාරුවෙන් ගොඩනඟා ගත් දේපල ආරක්ෂා විය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ප්‍රයිවට් බස් කාරයෝ බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනය කර (එය නොමිලේ ලබාදී තිබියදීත්) මගීන්ගෙන් හිතූ හිතූ ගණන් ගසා කෑහ.

    ReplyDelete
  2. මමත් කල්පනා කලේ කී දෙනෙක් දුක් වෙන්න ඇතිද. සුනාමි නොආවාට....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා