Posts

Showing posts with the label සුනාමි

ලංකාවට සුනාමියක් ආවයි කියල කියන්නෙ

Image
.        ( මම මේ ඡායාරූපය ගත්තේ සුනාමියෙන් ටික දිනකට පසුව කොග්ගලදි. මේ ඉන්නෙ ඇමරිකන් හමුදාව. ඒගොල්ලෝ ලෝක සිතියමක් උඩ ඉත්තො අදින සෙල්ලමක් කරමින් සිටි මේ ඡායාරූපය අපි ලොකු ප්‍රමාණයෙන් හිරු පත්තරේ දැම්මා.) දෙදාස් හතරේ දෙසැම්බර් 26දා සුනාමිය විසින් ලංකාවේ මිනිසුන් හතළිස් දහසකගේ පමණ ජීවිත බිලි ගන්නා ලදී.  එදා ඒ මිනිසුන්ගේ විපත හමුවේ ලෝක ජනයා හෙලූ කඳුළු ලංකාවට පැමිණියේ සුනාමි ආධාර ලෙසයි.  සුනාමියෙන් බැට නො කෑ දේශපාලකයන්ට, නිලධාරීන්ට හා රාජ්‍ය නොවන සංවිධානවලට මේ පශ්චාත් සුනාමි යුගය ආශිර්වාදයක් විය.  සුනාමි අරමුදල් සොරා කෑ, නාස්ති කළ, ඥාති හා මිත්‍ර සංග්‍රහයට යොදා ගත් මිනිස්සු අදත් සුනාමියෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලති.  සුනාමිය දවසේ මමත්, මගේ බිරිඳත්, මහත් අසීරුවෙන් මෝටර් සයිකලයෙන් පයාගලට ගියේ අපේ එක් ඥාතියකුගේ සුව දුක් බැලීමටයි. එම පවුල දිවි බේරාගෙන තිබුණමුත්, සුනාමිය විසින් ඔවුන්ගේ නිවස බිමට සමතලා කර තිබිණි. මගේ තරුණ නෑයා සුන් බුන් අතරින් මඩ තැවරුණ මදුරු දැලක් සොයාගෙන මා ඉදිරියට ආ ආකාරය මට අදත් මතක ය.  ඔහු වැඩ කළ පා...

ශිරානි බංඩාරනායක හිරේ යැවිය යුතු ද?

Image
ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක වරදකාරියක් කර පෙන්වීමට රජයේ උත්සාහයක් පවතින බව නීතිවේදීන්ගේ එකමුතුව කියයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීම එහි අරමුණ බවයි, නීතිවේදීන්ගේ එකමුතුව පවසන්නේ. මේ අනුව හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිවේදීහු පවසනවා. එම උත්සාහය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට කෙරෙන බලපෑම තවත් උත්සන්න කිරීමක් ලෙසින් විග්‍රහ කරන නීතිවේදීහු, එය වහාම අත්හිටුවන මෙන් ආණ්ඩුවට බල කරනවා. හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු තළා. එම තීන්දුවලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් වී තිබෙනවා. මමත් හිතන්නේ දොෂාභියෝග ක්‍රියාවලිය වැරදියි. ඒත්, හිටපු අග විනිසුරුවරිය බැලූ බැල්මටම බලය අනිසි ලෙස භාවිතා කරමින් දූෂිත ගනුදෙනු කීපයක යෙදී තිබෙනවා. ඒවා පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ. මේ අය මේ දූෂණවල යෙදුනේ තමන් ආණ්ඩුවට කඩේ යන නිසා හා තමන්ට තිබුණු බලය නිසා තමන්ට විරුද්ධව...

සුනාමිය අවා නම්..........

ලංකාවේ වෙරළබඩ ජනතාව ඊයේ සිය ජීවිතයේ තීරණාත්මක දවසක් පසු කළේ ය. ඔවුන්ගේ වාසනාවට සුනාමිය නො ආවේ ය. මේ අතර, තවත් සුනාමියක් එනු ඇතැයි බලාපොරොත්තු සහිතව සිටි අය ද සිටින්නට ඇත. ඒ වනාහි 2004 සුනාමියෙන් පසු විදෙස් රටවලින් ලැබුණු පුණ්‍යාධාර ගසා කෑ කටිටියයි.  ඇතැම් රාජ්‍ය නො වන සංවිධාන ජාවාරම්කාරයන් පරම්පරා හතකට සුනාමියෙන් මුදල් උපයා ගත් හ. 2004 සුනාමියෙන් පසු ලංකාවට ලැබුණු ඩොලර් ආධාර නිසා රුපියලේ අගය පවා ඉහළ ගියේ ය. විදේශ ණය සඳහා දුන් සහන කාලයන් වැනි සුනාමි සහන ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට මහත් පිටිවහලක් විය.  මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුවට ද කුමන අන්දමින් හෝ විදේශ විනිමය අවශ්‍ය වී ඇත. ලංකාවේ ආණ්ඩුව විදේශ විනිමය උදුරා ගැනීමට පවා සූදානම් බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ආ බාමි ආමි එක දැක ටෙස්ට් ක්‍රිකට් තරගයේ ටිකට් මිළ නැංවූ අන්දමින් පෙනේ.  කොහොම වුණත්, සුනාමිය නො ආ නිසා ලංකාවේ මුහුදුබඩ දිළින්දන් පිරිසක් අමාරුවෙන් ගොඩනඟා ගත් දේපල ආරක්ෂා විය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සුනාමි අනතුරු ඇඟවීම් හා භීතිය විකුණන සරසවි මන්ත්‍රාචාර්යවරු

Image
(2011 අප්‍රේල් 17,   W3Lanka )   සුනාමි පිළිබඳ කටකතා පැතිර යාම නිසා මේ දිනවල වෙරළබඩ ප්‍රදේශවල ජනයා නිතර කලබල වෙති. සුනාමි අවදානමක් ඇතැයි පැතිරෙන කටකථා වලට නොරැවටෙන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒවා පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත්, අවදානම් කලාපවල සිටින ජනතාව දැනුවත් කිරීම සඳහා සියලු කටයුතු සිදුකරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තොතරම් කීවත් මිනිස්සු කට කා අසා බිය වෙති. විද්‍යාවට වඩා අවිද්‍යාව, මිථ්‍යාව හා අද්භූත බලවේග විශ්වාස කරන්නට ලංකාවේ මිනිස්සු කොහොමත් ප්‍රිය කරති. එවැනි විශ්වාසයන්ට රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වේ. ජාතීන් අතර ගැටුමේදී සිංහල පාර්ශ්වයේ ශක්තිය වැඩි කර ගැනීම පිණිස ජාතිවාදී බලවේග විසින් ප්‍රවර්ධනය කරන ලද ස්වෝත්තමවාදී ආකල්ප මෙම මිථ්‍යාවන්ට සරු පසක් විය. අද වන විට, ලංකාවේ පඳුරක්, පඳුරක් ගානේ විශ්ව ශක්තියෙන් හා වෙනත් අද්භූත බලවේගවලින් වැඩ ගන්නා වැඩකාරයෝ සිටිති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් සායනික ප්‍රතිතාර අවශ්‍ය මානසික රෝගීන් වන අතර, තවත් ඇතැමෙක් කූට ජාවාරම්කරුවෝ ය. ලංකාවේ මහජන මුදලින් ජාවාරම් කරන පාලක පැළැන්තිය මොවුන්ගේ ප්‍...

ප්‍රශ්න නො විසඳා සුනාමියෙන් අවතැන් වූ කොළඹ වැසියන් කඳවුරුවලින් පන්නන්න සැරසේ

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) පසු වසරක් තිස්සේ රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල තාවකාලික සුනාමි සහන කඳවුරුවල ජීවත් වන අවතැන් වූ ජනතාව එම කඳවුරුවලින් පිට වී යන්නේ නම් රු. 150,000ක්ලබා දීමට රජය කැමැත්ත පළ කර තිබේ. එහෙත්, කදවුරුවාසී ජනතාව පවසන්නේ තමනට ‍කොළඹ දිස්ත්‍රික්කයෙන් එක පර්චසයක ඉඩමක්වත් මිළ දී ගැනීමට මෙම මුදල ප්‍රමාණවත් නො වන බවයි. ඔවුන්ගේ උපන් බිම් වන කොළඹ වෙරළබඩ ප්‍රදේශ සමග ඔවුන්ගේ ආර්ථික හා සමාජ ජීවිතය බද්ධ වී ඇති බැවින් ඔවුහු වෙනත් ඈත ගම්බද ප්‍රදේශ වෙත යාමට ද කැමැත්තක් නො දක්වති. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට පැල්පතක් හෝ ඉදි කර ගැනීම සඳහා කොළඹ අවටින් ඉඩමක් ලබා දෙන ලෙසයි. මෙම අවතැන් කඳවුරු ජනයා අප සමග පැවසූ පරිදි පසුගිය පළාත් සභා මැතිවරණය සමයේ එක්සත් ජාතික නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද සිල්වා මෙම ජනතා‍වගේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දෙන බව පොරොන්දු වී ඔවුන්ගේ ඡන්ද ලබා ගත්ත ද මැතිවරණයෙන් පසුව ඔවුන් කෙරෙහි අවධානය යොමු නො කළ බවයි. 2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ ඒ වන විට වියදම් කර තිබුණේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. ලංකාවට සුනාමි ආධාර ලෙ...

සුනාමි සල්ලි පිල්ලි ගිය තරම මෙන්න!

Image
(2009 දෙසැම්බර් 27 - W3Lanka ) ලංකාවට සුනාමි ආධාර ලෙස ලැබුණු ඩොලර් බිලියන 2.2කින් (රු. කෝටි 22,000කට වැඩි මුදලකින්) ඩොලර් මිලියන 603.4ක් (රු. කෝටි 6000කට වඩා) සුනාමි ව්‍යසනයට අදාළ නො වන ව්‍යාපෘති සඳහා වැය කර ඇති බව ද, තවත් ඩොලර් මිලියන 471.9කට (රු. කෝටි 5000කට) වූ දේ අපැහැදිලි බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. 2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ වියදම් කර තිබෙන්නේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. එහෙත් ඉන් පසු මේ පිළිබඳ රජය පැත්තෙන් වාර්තා ප්‍රසිද්ධ වි නැත. මේ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට සුනාමි පීඩිතයන්ට, පොදු මහජනතාවට පමණක් නොව ආධාර සැපයූ අයට ද අයිතියක් තිබේ. සුනාමියෙන් 31,000ක් ලාංකිකයන් මිය ගිය අතර, උන්හිටි තැන් හා ජීවනෝපාය අහිමි වූ තවත් ලක්ෂ ගණනකගේ ජීවිත යළි ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ආධාර හා පුණ්‍ය ආයතන විසින් ලබා දෙන ලද මුදල්වලින් වෙනත් පිරිසකට සමෘද්ධිය ළඟා වෙද්දී ලක්ෂ ගණනක් සුනාමි පීඩිතයෝ අවතැන් කඳවුරු, සුනාමි සහන කඳවුරු සහ බාගෙට ඉදි කළ නිවාසවල ළත වෙති. සුනාමිය ආශිර්වාදයක් වූ පිරිස අතර සහන අරමුදල් පාලනය කළ කළමනාකාරවරු, ව්‍...