ප්‍රශ්න නො විසඳා සුනාමියෙන් අවතැන් වූ කොළඹ වැසියන් කඳවුරුවලින් පන්නන්න සැරසේ


(2009 දෙසැම්බර් 28 -W3Lanka) පසු වසරක් තිස්සේ රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල තාවකාලික සුනාමි සහන කඳවුරුවල ජීවත් වන අවතැන් වූ ජනතාව එම කඳවුරුවලින් පිට වී යන්නේ නම් රු. 150,000ක්ලබා දීමට රජය කැමැත්ත පළ කර තිබේ.


එහෙත්, කදවුරුවාසී ජනතාව පවසන්නේ තමනට ‍කොළඹ දිස්ත්‍රික්කයෙන් එක පර්චසයක ඉඩමක්වත් මිළ දී ගැනීමට මෙම මුදල ප්‍රමාණවත් නො වන බවයි. ඔවුන්ගේ උපන් බිම් වන කොළඹ වෙරළබඩ ප්‍රදේශ සමග ඔවුන්ගේ ආර්ථික හා සමාජ ජීවිතය බද්ධ වී ඇති බැවින් ඔවුහු වෙනත් ඈත ගම්බද ප්‍රදේශ වෙත යාමට ද කැමැත්තක් නො දක්වති.


ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට පැල්පතක් හෝ ඉදි කර ගැනීම සඳහා කොළඹ අවටින් ඉඩමක් ලබා දෙන ලෙසයි.


මෙම අවතැන් කඳවුරු ජනයා අප සමග පැවසූ පරිදි පසුගිය පළාත් සභා මැතිවරණය සමයේ එක්සත් ජාතික නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද සිල්වා මෙම ජනතා‍වගේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දෙන බව පොරොන්දු වී ඔවුන්ගේ ඡන්ද ලබා ගත්ත ද මැතිවරණයෙන් පසුව ඔවුන් කෙරෙහි අවධානය යොමු නො කළ බවයි.


2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ ඒ වන විට වියදම් කර තිබුණේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. ලංකාවට සුනාමි ආධාර ලෙස ලැබුණු ඩොලර් බිලියන 2.2කින් (රු. කෝටි 22,000කට වැඩි මුදලකින්) ඩොලර් මිලියන 603.4ක් (රු. කෝටි 6000කට වඩා) සුනාමි ව්‍යසනයට අදාළ නො වන ව්‍යාපෘති සඳහා වැය කර ඇති බව ද, තවත් ඩොලර් මිලියන 471.9කට (රු. කෝටි 5000කට) වූ දේ අපැහැදිලි බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.


මෙවැනි පසුබිමක් කොළඹ දිස්ත්‍රික්කයේ සුනාමියෙන් අවතැන් වූ ජනයාගේ ප්‍රශ්නය වෙනුවෙන් රු. කෝටි කීපයක් වෙන් කිරීමට රජයට බැරි ඇයි? ඔවුනට තට්ටු නිවාස ව්‍යාපෘතියක් හෝ ලබා දීමට බැරි ඇයි? ඔවුන් ධනවාදය විසින් මිනිස් කසල ලෙස සලකනු ලබන සමාජ තීරයට අයත් දුගීන් නිසා ද?



Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. යමු...යමු පෙරමුණ බලා//

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා