මානව හිමිකම් දිනය ලිප්ටන් වටරවුමේදී සැමරේ


(2009 දෙසැම්බර් 10 - W3Lanka) අද ජගත් මානව හිමිකම් දිනයයි.


ලෝකය මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරන අද දින පවා ලක්ෂ ගණනක් දෙමළ අවතැන් වූවෝ කළ වරදක් නොමැතිව නිදහස සීමා කරන ලද රජයේ රැඳවුම් කඳවුරුවල ගාල් වී සිටිති. 

චෝදනා සම්බන්ධයෙන් නීතියෙන් දඬුවම් ලබා නො දුන් ප්‍රධාන වශයෙන් දෙමළ ජාතිකයන් වන සැකකරුවන් දස දහස් ගණනක් සිරගතව සිටිති. 



ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා දීමට වෙහෙසුණු ජනමාධ්‍යකරුවන් ඝාතනය කළ අය නිදැල්ලේ ය. තමන් එම ඝාතන පිළිබඳ තොරතුරු දැන සිටි බව රජයේ ඉහළ නිලධාරීහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. 


ජනමාධ්‍යවේදීන් රැසක් රටින් පළා ගොසිනි. සෙසු අය ස්වයං වාරණ පනවාගෙන සිටිති. දෙමළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් විසි වසරකට සිර ගත කර තිබේ. 


ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් අවනීති ස්ථාපිත කර තිබේ. යුද්ධය මුවාවෙන් හදිසි නීතිය සාමාන්‍ය නීතිය බවට පත් කර ඇත. 

මෙකී කාරණා තේමා කරගෙන මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ගේ උද්ඝෝෂණයක් අද දවල් 12ට කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වේ.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා