ඉන්දියාවත් ලංකාවත් අතර විදුලි රැහැන් පද්ධතිය 2013 වන විට ඇද අවසන්


(2009 දෙසැම්බර් 29 -W3Lanka) ඉන්දියාවත්, ලංකාවත් අතර විදුලි බලය ගනුදෙනු කිරීම සදහා විදුලි රැහැන් පද්ධතියක් ඉදි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයත් ඉන්දියාවේ ප්‍රමුඛතම සමුප්‍රේෂණ සමාගම වන Powergrid Corporation of India Ltd අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ය.


එම ගිවිසුම අනුව 2010 පෙබරවාරි-මාර්තු මාසවලදී ඉදි කිරීම් ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2013 වන විට අවසන් වීමට අපේක්ෂිත ය.


මෙගවොට් 500ක ධාරිතාවක් සහිත මෙම රැහැන් පද්ධතිය මදුරෛ සිට අනුරාධපුර දක්වා කිලෝමීටර 285කින් යුක්ත ය. එයින් කිලෝමීටර් 50ක් ගමන් කරන්නේ මුහුද යටිනි. මෙවැනි මුහුද යටින් දිවෙන විදුලි රැහැන් පද්ධතියක් දැනට ඇත්තේ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර පමණි.


මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉන්දීය සමාගම විසින් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රු. කෝටි 2,300ක් වැය වෙතැයි ගණන් බලා තිබේ.


ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශ බොහොමයක තවමත් විදුලි බලය නොමැති වුව ද එරට 12%ක විදුලි බල අතිරික්තයක් තිබේ. දැනට වසරකට මෙගා වොට් 109,000ක් නිෂ්පාදනය කරන ඉන්දියාව 2012 වන විට එය තවත් මෙගා වොට් 62,000කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.


ලංකාවේ වාර්ෂික විදුලි බල ධාරිතාව මෙගා වොට් 2500කි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා