Posts

Showing posts with the label ඉන්දියන් සාගරය

ඉන්දියාවත් ලංකාවත් අතර විදුලි රැහැන් පද්ධතිය 2013 වන විට ඇද අවසන්

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) ඉන්දියාවත්, ලංකාවත් අතර විදුලි බලය ගනුදෙනු කිරීම සදහා විදුලි රැහැන් පද්ධතියක් ඉදි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයත් ඉන්දියාවේ ප්‍රමුඛතම සමුප්‍රේෂණ සමාගම වන Powergrid Corporation of India Ltd අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ය. එම ගිවිසුම අනුව 2010 පෙබරවාරි-මාර්තු මාසවලදී ඉදි කිරීම් ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2013 වන විට අවසන් වීමට අපේක්ෂිත ය. මෙගවොට් 500ක ධාරිතාවක් සහිත මෙම රැහැන් පද්ධතිය මදුරෛ සිට අනුරාධපුර දක්වා කිලෝමීටර 285කින් යුක්ත ය. එයින් කිලෝමීටර් 50ක් ගමන් කරන්නේ මුහුද යටිනි. මෙවැනි මුහුද යටින් දිවෙන විදුලි රැහැන් පද්ධතියක් දැනට ඇත්තේ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර පමණි. මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉන්දීය සමාගම විසින් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රු. කෝටි 2,300ක් වැය වෙතැයි ගණන් බලා තිබේ. ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශ බොහොමයක තවමත් විදුලි බලය නොමැති වුව ද එරට 12%ක විදුලි බල අතිරික්තයක් තිබේ. දැනට වසරකට මෙගා වොට් 109,000ක් නිෂ්පාදනය කරන ඉන්දියාව 2012 වන විට එය තවත් මෙගා වොට් 62,000කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ලංක...

පමාදෝ මච්චුනෝ පදං! ලංකාවේ මුහුදු සීමාව පුළුල් කිරීමේ ඉල්ලීම පමා වුණේත් කොමිස් නිසා ද?

Image
(2009 නොවැම්බර් 09 - W3Lanka )  ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමා බල ප්‍රදේශය ඉදිරි කාලය තුළදී මුහුදු හැතැප්ම 300ක් දක්වා අයිතිය පුළුල් කිරීමට අවශ්‍ය නිල යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීමේදී සිදු වී තිබෙන ප්‍රමාදයක් හේතුවෙන් ලංකාවේ අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2027 දක්වා කල් දමා තිබේ. මෙයට හේතුව වී තිබෙන්නේ ලංකාවේ රජය අදාළ ඉල්ලීම නියමිත පරිදි 2009 මැයි මුල යොදා තිබුණු අවසන් දිනයට පෙර ඉදිරිපත් නො කිරීමයි. මෙසේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා දස වසරක කාලයක් ලෝකයේ රටවලට එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තටක සීමා පිළිබඳ කොමිෂම හෙවත් Commission on the Limits of the Continental Shelf (CLCS) විසින් ලබා දී තිබිණි. ලංකාවේ ආණ්ඩුව සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගරු කරන ප්‍රතිපත්තියක නො වන අතර, ලංකාවේ යුද්ධය පිළිබඳ කාරණා හේතුවෙන් ලංකාව  එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමග ප්‍රශ්න ඇති කරගෙන තිබේ.  එක්සත් ජාතීන් විසින් ඇති කරගෙන තිබෙන සම්මුති අනුව, රටක මහාද්වීපික තටකය හෙවත් මුහුදු පතුල හා ‍ගොඩබිම සම්බන්ධ වන බෑවුම් වෙමින් තිබෙන භූමිය අය...