මහින්දට අසීමිත+ විනාඩි 90; සෙසු අපේක්ෂකයන්ට විනාඩි 90

එහෙත් මේ දිනවල එක් ජනාධිපති අපේක්ෂකයකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරය සඳහා මේ වන විට රූපවාහිනී සංස්ථාවේ හා ගුවන් විදුලි සංස්ථාවේ කාලය අසීමිත ලෙස වෙන් කර දී තිබේ. අසීමිත ප්‍රචාරක කාලයට අමතරව තවත් විනාඩි 90ක් ද මේ අනුව මහින්ද රාජපක්ෂට හිමි වේ.
එක් අපේක්ෂකයකුට මිනිත්තු පහළොවකට නො අඩු සහ මිනිත්තු තිහකට නොවැඩි අවස්ථා තුනකට නොවැඩි මිනිත්තු අනූවක කාලයක් බැගින් ගුවන්විදුලි හා රූපවාහිනියේ ගුවන් කාලය හිමිවේ.
අපේක්ෂකයන්ගේ ගුවන්විදුලි හා රූපවාහිනි කතා ලබන ජනවාරි 1 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
විරුද්ධවාදීන්ට අපහාස නො කර ඉතා සදාචාරාත්මකව මේ ගුවන් කාලය පාවිචචි කරන ලෙසත් වෙනත් අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නොයෙදී තම ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ලෙසත් කොමසාරිස්වරයා මෙහිදී අපේක්ෂකයන් හා නියෝජිතයන් දැනුවත් කෙළේය.
එහෙත්, මේ වන විට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රජයේ මාධ්‍ය විසින් ලබා දී තිබෙන අවකාශය බොහෝ දුරට පාවිච්චි කෙරෙන්නේ විරුද්ධවාදීන්ට අපහාස කිරීමටයි.
විනාඩි 90 ක් නෙවෙයි පැය 24 ම දුන්නත් මහින්ද කියන ඒවා ජනයා අසන්නේ නැත.
ReplyDelete