ප්‍රභාගේ සිරුර සොයාගත්තේ නන්දිකඩාල් කලපුවේ තිබිලා - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා


කීර්ති වර්ණකුලසූරිය (දිවයින 2009-12-19)

ප්‍රභාකරන්ගේ සිරුර සොයාගත්තේ නන්දිකඩාල් කලපුවේ තිබියදී යෑයි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙරේදා සවස පැවසීය.


රාජකීය ආසියාතික සමාජය මහවැලි කේන්ද්‍රයේදී සංවිධානය කළ දේශනයක්‌ අමතමින් හෙතෙම එලෙස කියා සිටියේය. සටන්බිමේදී කොටි නායකත්වය විනාශවීම රහසක්‌ නොවෙයි. මේ නිසා ප්‍රභාකරන්ගේ අවසානය කුමක්‌ වූයේ ද ඔහු කොළඹට ගෙන ගියා ද? ඔහුට කවුරුහරි කම්මුලට ගැහුවාද එසේම ඔහුගේ හිසට වෙඩි තිබ්බා ද නැත්නම් ඔහුගේ හිස කොළඹ තිබෙන්නේ ද වැනි ප්‍රශ්න මගෙන් නො අසනු ඇතැයි බලාපොරොත්තු වෙනවා යෑයි මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය. රජය සහ හමුදාව ඒකාබද්ධව දියත් කළ සාමුහික ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වුයේ ඓතිහාසික ජයග්‍රහණයයි. ආරක්‍ෂක ලේකම්වරයා හමුදාව නංවාලීමට ක්‍රියා කළා. අපේ සේනාංකය අවසාන කොටි බලකොටුව වෙත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට කිලෝ මීටර් 203 ක්‌ ගමන් කළා යෑයි හෙතෙම පැවසීය.


වන්නි යුද මෙහෙයුමේ අවසාන අවස්‌ථාවේ තම හමුදා මුහුණදුන් දුෂ්කරතා කොතෙක්‌ දැයි ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැහැදිලි කළේය.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා