කොළඹ මුහුදේ අධි ආරක්ෂක කලාපය ඉත් කළාට රජයට තුති


(2009 දෙසැම්බර් 27 -W3Lanka) කොළඹට දකුණින් වැල්ලවත්තේ සිට උතුරින් පමුණුව දක්වා මුහුදු අධි ආරක්ෂක කලාපය ඉවත් කිරීමට රජය ගත් පියවර කොළඹ ධීවර ජනයාගේ පැසසුමට ලක් වන බව සමස්ත ලංකා එක්සත් ධීවර ජනතා සංගමයේ ලේකම් එම්. විජේන්දු පවසයි. 


කොළඹ වරායේ ආරක්ෂාව පසුගිය වසර ගණනාවක් තිස්සේ රජය මෙම ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදීමට ධීවරයන්ට ඉඩ දුන්නේ නැත. ඒ හේතුවෙන් සුළු පරිමාණ ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයන් විශාල පිරිසකට රැකියා අහිමි වී තිබිණි.

මෙම මුහුදු කලාපය මසුන්ට ආහාර සුලබ ප්‍රදේශයක් හෙයින් අස්වැන්න ඉතා සරු ප්‍රදේශයක් බව විජේන්ද්‍ර පවසයි. මෙම අධි ආරක්ෂක කලාපය හේතුවෙන් බේරේ වැවේ මිරිදිය ධීවර කාර්මිකයන් පිරිසකට ද රැකියා අහිමි වී තිබිණි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා