ඇමති මණ්ඩලය 20ට බැස්සුවොත් රු. 10,000කින් වැටුප් වැඩි කරන්න පුළුවන් -ලාල් කාන්ත

පඩි වැඩි නො වුණත් ඇමති මණ්ඩලය අඩු වෙන එක සහනයක්

(2009 දෙසැම්බර් 14 - W3Lanka) රජයේ සේවක වැටුප් රු. 10,000කින් වැඩි කරන බවට විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් කරන ලද ප්‍රකාශය දැන් රජයට පක්ෂපාත දේශපාලනඥයන්ගේ බරපතල විවේචනයට ලක් වී තිබේ. එහෙත්, එම ප්‍රකාශය ආරක්ෂා කරමින් ජවිපෙ වෘත්තීය සමිති නායක ලාල් කාන්ත පවසන්නේ එකසිය දහයක්‌ වන රජයේ ඇමැති මණ්‌ඩලය විස්‌සක්‌ දක්‌වා අඩු කිරීමෙන් හා රජය විසින් අසීමිත ලෙස සිදු කරනු ලබන අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් ඉතිරි වන මුදලින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළ හැකි බවයි. 


සිංහලෙන් ලියාගෙන විවිධ භාෂාවලින් කතා පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගනු ලබන ටෙලිප්‍රොම්ප්ටරය නොමැතිව විපක්ෂ අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු ඔහුට සහාය දෙන පක්‍ෂවල නායකයෝ ඊයේ (13 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කළහ.

‍රු. දසදහසේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව ද මෙහිදී සංවාද කළ හැකි ය. 

ලොව විශාගත ම ඇමති මණ්ඩලය සිටින ලංකාවේ මෙම ඇමතිවරුන් යෙදී සිටින දූෂණවලට අමතරව නීත්‍යානුකූලව ම ඔවුන්ට විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හිමි වේ. ඒවා අතර වැටුප්, පාර්ලිමේන්තු සැසිවලට සහභාගි වනවාට අමතර දීමනා, නිල හා බලෙන් ගත් වාහන, ඒවාට ඕනෑ තරම් ඉන්ධන, දුරකථන හා ඒවා සඳහා ඇති තරම් මුදල්, කාර්ය මණ්ඩල පමණක් නොව මසකට රු. 100,000 බැගින් ගෙවල් කුලී ද හිමි වේ. 

ඇමතිවරුන් 90කගේ පමණ වියදම් කපාගෙන ඉතිරි කර ගන්නා මුදලින් ලක්ෂ 12ක් වන රජයේ සේවකයන්ට කීයකින් වැටුප් වැඩි කළ හැකි ද යන්න ගැටළුවකි. එහෙත්, ‍රු. 10,000කින් වැටුප් වැඩි කිරීම නරක දෙයක් නොවේ. එපමණක් නොව, පවතින ආර්ථික තත්වයතුළ එය අත්‍යවශ්‍ය ය. 


එසේ ම, පඩි වැඩි නො වුණත් ඇමති මණ්ඩලය 20ට බැස්සීම වුව හොඳ දෙයකි. මක් නිසා ද යත් මේ ඇමතිවරුන් වැඩි දෙනෙක් වාචාල කතා කීම හැර වෙන වැඩක් කරන්නට නො දන්නා පරපෝෂිතයන් වන හෙයිනි.






Comments

  1. මෙ වගෙ බොළද ගණනය කිරීම්, ඇමති ගනන ඕනෑවට වඩා අඩුවීමත් දක්ෂ පුද්ගලයන්ගෙන් වැඩ නොගැනීම නිසා ආදායම අඩුවෙනව.

    ReplyDelete
  2. රජයේ සෙවකයන් 1.2 මිලියනයේ වැටුප 10000 කින් වැඩි කීරීමට වසරකට බිලියන 144 අවශ්‍යය. මෙය රජයේ අයවැයත් සමග සං සංදනය කරන්න.

    ReplyDelete
  3. so is the government sector ppl who only have problems? why should public sector pay taxes to pay the salary of government workers?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා