ඇමති මණ්ඩලය 20ට බැස්සුවොත් රු. 10,000කින් වැටුප් වැඩි කරන්න පුළුවන් -ලාල් කාන්ත
පඩි වැඩි නො වුණත් ඇමති මණ්ඩලය අඩු වෙන එක සහනයක් (2009 දෙසැම්බර් 14 - W3Lanka ) රජයේ සේවක වැටුප් රු. 10,000කින් වැඩි කරන බවට විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් කරන ලද ප්‍රකාශය දැන් රජයට පක්ෂපාත දේශපාලනඥයන්ගේ බරපතල විවේචනයට ලක් වී තිබේ. එහෙත්, එම ප්‍රකාශය ආරක්ෂා කරමින් ජවිපෙ වෘත්තීය සමිති නායක ලාල් කාන්ත පවසන්නේ එකසිය දහයක් වන රජයේ ඇමැති මණ්‌ඩලය විස්‌සක් දක්‌වා අඩු කිරීමෙන් හා රජය විසින් අසීමිත ලෙස සිදු කරනු ලබන අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් ඉතිරි වන මුදලින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළ හැකි බවයි. සිංහලෙන් ලියාගෙන විවිධ භාෂාවලින් කතා පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගනු ලබන ටෙලිප්‍රොම්ප්ටරය නොමැතිව විපක්ෂ අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු ඔහුට සහාය දෙන පක්‍ෂවල නායකයෝ ඊයේ (13 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ...